Windows 7, 8, Server 2008 වල සිංහල යුනිකෝඩ් අව්ල්ද?

මම ඉතින් වින්ඩෝස් 7 වැඩිය පාවිච්චියක් නැ. ඒත් ඉතින් මම සමහර කම්පුටර් වල ඉතින් මගේ බ්ලොග් ලියනවා. වින්ඩෝස් විස්ටා වලට පස්සේ ආපු හැම වර්ෂන් එකකම සිංහල යුනිකෝඩ් ඉන්බිල්ඩ් එනවා. ඒත් හරියට කොම්බු ඇලපිලි ස්පිලි පාපිලි නම් වැඩ නැ. මේ තත්වය තාම උබුන්ටු වලත් තියනවා. ඉන්බිල්ට් එන යුනිකෝඩ් සහය ටයිපින් වලදි ගැටලු ඇතිවෙනවා.

වින්ඩෝස් විස්ටා වලින් පස්සේ තියන හැම වර්ෂන් එකකම හොදින් යුනි‍‍කෝඩ් රෙන්ඩර් වෙනවා ඒත් ගැටලු තියෙන්නේ ටයිප් කරද්දි. ඉතින් විස්ටා වලට එන Quick Fix එකනම් මෙගා බයිට් 2 ක් 3 ක් විතර තමා. ඒත් වින්ඩෝස් 7 වලට එන ‍ෆික්ස් එක මෙගාබයිට් 15ක් 20ක් විතර වෙනවා.

අපි බහුතරයකට දෙමල අවශ්‍ය නැනේ. ඉතින් Vista Quick Fix for Sinhala පහල තියන හැම ඔපරේටින් සිස්ටම් එකකටම හරියට වැඩ කරනවා.

  • වින්ඩෝස් විස්ටා
  • වින්ඩෝස් 7
  • වින්ඩෝස් සර්වර් 2008
  • වින්ඩෝස් සර්වර් 2008 R2
  • වින්ඩෝස් 8 ඩිවලොපර් ප්‍රිවිව්

ඉතින් ‍ලේසි ක්‍රමය පාවිච්චි කරන එක හොදයි කියලා මම හිතනවා.

Advertisements

මේ දවස් වල වැඩ කරන්නේ

මම මේ දවස් වලට වැඩ කරන්නේ Windows Server 2008 R2 එක්ක. ඒවගේම ‍Sharepoint 2010 Enterprise එකේ ඩිවලොප්මන්ට් පුරුදු වෙනවා. පොඩි ප්‍රශ්නයක‍ට තියෙන්නේ මගේ ලැප්ටොප් එකෙත් චාජර් එකේ අව්ල හන්දා තියෙන්නේ ඉතින් අපේ අනික් කොම්පුට‍රේ තමා. මේකේ ඉතින් රැම් එකයි Processor එකයි ගානට වගේ තියෙන්නේ. හැබැයි ස්ටක් වෙන්නේ නම් නැ. ඒවගේම LightSwitch ගැනත් අදහසක් ගන්න කියලා හිතාගෙන ඩව්න්ලෝඩ් කලා විතරයි.‍ කොහොමත් මම ආසම දේවල් දැන් කරගෙන යන්නේ.

ලයිසන් ගන්න රෙජිස්ටර් වෙන්න මම දැන් සතියකට විතර උ‍ඩදි ගියා. ඉතින් හෙට අනිද්දා එකේ විභාගේ ලියන්නත් ඕනේ. දැන් ටිකක් බිසි වෙගෙන තමා එන්නේ. මම අලුතින් දෙයක් ඉගෙන ගත්තොත් ලියන්නම්කෝ.