Facebook Timeline එපා වෙලාද?

අ‍ම්මේ Timeline දාගන්න දෙන්න කලින් ගොඩක් අය ටයිම්ලයින් හොයලා දාග‍ත්තේ. ඉතින් මමත් ට්‍රයි කලා කලින් දාගන්න. ඒත් වැඩේ හරිගියේ නැ. ඒත් ඊට පස්සේ ඔෆිෂියල් මේක දෙන්න අරගත්තනේ. ඉතින් මමත් දාගත්තා ටික දවසකට පස්සේ. හැබයි ඉතින් මම මේක දාගත්තම නොවැ වෙනස දැක්කේ. මම දැකලා තිබුන අහලා තිබුන නිව්ස් වලට වැඩිය මේක ගොඩක් වෙනස්. ඉතින් මේ ටයිම්ලයින් එකට සමහරු බයයි. සමහරු ආසයි.

පෞද්ගලිකව මටනම් මේකේ වැරැද්දක් පේන්නේ නැ. අවාසනාවට මේකේන් ආපහු පස්සට යන්න විදිහකුත් නැ.  මට යාලුවෙක් කිව්වා මේකෙන් පස්සට යන්න විදිහක් හොයාගන්න ඕනේ කියලා. තවත් යාලුවෙක් කිව්වා මේකට කම්පුටරයත් ස්ලෝ වෙනවා කියලා. මේ මොනවා වුනත් ගොඩක් දෙනෙක් මේකට කැමත්තක් පෙන්නුම් කරන්නේ නැ කියලා තමා කියන්නේ. ඉන්ටනෙට් කනෙක්ෂන් ස්ලෝ වුනොත් මේක පාවිච්චි කරන එක අමාරු වෙයි කියලා මටත් හිතෙනවා. මමත් ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ බොහොම ලෝබ කමේන් ඇයි ගිගාබයිට් 30, 40 පහු කරලා මගේ ස්පීඩ් එක අඩුකලොත් කියලා.

Advertisements