මේ දවස්වල ගුගල් නිව්ස්

මම ගුගල් ගැන ගොඩක් ලියනවා. මේ දවස්ටිකේ ගුගල් ගැන ලියන්නත් බැරි වුනා. ඇත්තටම අලුත් පෙනුමක් ගුගල් බුක්මාර්ක් වලට ලැබිලා තියනවා. පර්යේෂන මට්ටමේ තිබුන බුක්මාක් ලිස්ට් ඉවත් කරනවා කියලා ගුගල් එකෙන් කියලා තිබුනා.  හැබැයි මේ අලුත් පෙනුමට ගොඩක් අය ආසයි කියනවා. මම නම් මේ බුක්මාර්ක් මගේ බ්‍රව්සරයේවත් පාවිච්චි කරන්නේ නැ. ඇත්තටම ඒවගේම Google Web History එකත් එක්ක එකතු කරලා තියනවා මේ බුක්මාක් ලිස්ට් එක. ඒක නිසා අපිට ඒ අඩවියට යන්නේ නැතිව හිස්ට්‍රි එක බලලා එතනින්ම බුක්මාර්ක් කරගන්න පුලුවන්.

ඒවගේම මගේ හිත ගියා “Let it snow” සර්ච් රිසාල්ට් එකටත්. අපි හැමෝම දන්නවා මේවගේ දේවල් ගොඩක් තියනවා කියලා. ඒත් මේක මගෙ හිතට ගොඩක් ඇල්ලුවා. ඒකේ පොඩි කික් එකක් තියනවා.

ඒවගේම සැරසිලි ටිකත් මට හම්බුනා.

christmas“,“xmas” සර්ච් කලාම මේ රිසාල්ට් ලැබෙනවා.

Hanukkah කියලා සර්ච් කලාමත් ලස්සන සැරසිලි පේනවා.

ඇයි අපි FireFox රැක ගත යුත්තේ?

Firefox කියන්නේ සොෆ්ට්වෙයා එකකට වඩා එහාට ගිය දෙයක්. ලෝකේ ලොකුම වෙනසක් කරපු දෙයක්. මම මේ පෝස්ට් එක ලියන්නේ Firefox වෙනුවෙන්. මම Firefox Develop කරන්න උදව් කරන කෙනෙක් නෙමේ Directly. ඒත් මම අහුවෙන හැම බග් එකක්ම යවනවා. මට පුලුවන් විදිහට මම Firefox ප්‍රචාරය කරනවා. ඇත්තටම මම පොඩි කාලේ ඉන්ටනෙට් යන්න තිබුන බ්‍රව්සර් වුනේ FireFox, IE, Netscape Navigator 3 තමයි ප්‍රධාන වශයෙන්. ඒත් එකකොට තිබුන Opera එකත් නරක නැ. ඒහෙම වුනාට ඉන්ටනෙට් එක තුල තිබුනු බ්‍රව්සර් වල ආධිපත්‍ය නැති කලේ Firefox. කාටහරි කියන්න පුලුවන් ඒහෙමයි කියලා අපි ඕක පාවිච්චි කරන්න ‍ඕනෙද හොද නැත්නම් කියලා.

ඉන්ටනෙට් කියන එක කාගෙවත් බුදලයක් නෙමේ. ඒවගේම ඒක අපි හැමෝගෙම. ඒකේ බලය ඇත්තටම ලැබෙන්න ඕනේ අපි හැමෝටම. ඇත්තටම Browser එක කියන්නේ ඉන්ටනෙට් එකට යන තැන වගේ. කොහොම වුනත් ක්රෝම් පාවිච්චි කරන එකෙන් අපෙන් ගුගල් එක රැස් කරගන්න තොරතුරු ප්‍රමාණය වැඩි වෙනවා. ඒක එච්චර හොද දෙයක්‍ නෙමේ. වානිජ ආයතනයන් අතේ ඉන්ටනෙට් එකේ ඒකාධිකාරිත්වය තියෙන්න හොද නැ.

Firefox එකට ලැබෙන ලොකුම අරමුදල ලැබෙන්නෙත් ගුගල් එකෙන්. මම කාටවත් ෆයර්ෆොක්ස් වලට එන්න කියලා බල කරන්නේ නැ. එහෙම කරන්න මට ඇති අයිතියකුත් නැ. ඒත් ෆයර්ෆොක්ස් වලට ආදරය කරන අය Firefox වල අනාගතය උදෙසා වැඩ කරන්න ඕනේ කාලයක් ඇවිත් තියෙන්නේ. ෆයර්ෆොක්ස් පුලුවන් තරම් ප්‍රචාරය කරන්න ඕනේ. මම දන්නවා මේකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒත් මට හිතෙනවා FF මීට වඩා පිරිසක් පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒවගේම පාවිච්චි කරන පිරිස අඩු නොවෙන්න ඕනේ කියලා.

ලොකු බ්ලොග් වලට ඉංග්‍රිසියෙන් ලියන කෙනෙකුත් කියලා තිබුනා Firefox කි‍යන්නේ ක්ලව්ඩ් වලට හතුරෙක් කියලා. ඇත්තටම ඒක හරි කතාවක් නෙමේ. Firefox කියන්නේ ඉන්ටනෙට් වඩාත් විවෘත තැනක් කරන්න හදන උත්සහයක්‍. පුලුවන් අය Firefox පාවිච්චි කරලා හරි සපෝට් එකක් දෙන්න. ක්රෝම් වලට වඩා අඩුවෙන් සමහර වෙලාවට මේකේ මෙමරි යුසේජ් එක අඩු‍ වෙනවා. Firefox 9 දාගන්න දැන් තියෙන වර්ෂන් එකත් එක්ක ගැටලු තියනවනම්‍‍.

අනික Chrome ඩිවලොප් කරන්න Proprietary DLLත් පාව්ච්චි කරනවා. Foxit කි‍යන්නේ PDF වලට තියෙන ක්ලාස් ලයිබ්‍රි එකක්. ඒක තමා ක්රෝම් පාවිච්චි කරන්නේ PDF පෙන්නන්න.

ඒත් ෆයර්ෆොක්ස්ලා ඒකට විසදුමක් ගෙනාවා ඔපන්සෝස් විසදුමක්ම PDF.js කියන්නේ ඒක. ඇත්තටම බැලුවොත් ක්රෝම් වලට අවශ්‍ය වෙලදපල ජයගන්න මිස හොද ඕපන්සෝස් බ්‍රව්සරයක් වෙන්න නෙමේ.