ලැප්ටොප් එකටත් වඩා චාජර් එක පරිසම් කරගන්න

මම කාලෙකට කලින් මගේ ලැප්ටොප් එක අසනීප වෙලා කියලා පෝස්ට් එකක් දැම්මනේ. ඉතින් මගේ අසනීප වෙච්ච ලැප්ට මම ඉතින් චාජරයක් ගන්න බම්බා ගියා. අපේ අප්පේ අලුතෙන් ලස්සන ලැපාලා ඇවිල්ලා තියන තරමක්. මම ඉතින් ඒවා ඔක්කෝම වින්ඩෝ ෂොපින් කරගෙන තමා ගෙදර ආවේ හිස් අතින් එන්නත් හොද නැනේ.

මම චාජයක් ගන්න මුලින්ම ගියේ ලැස්පොට් එක ගත්ත තැනටමයි. 3500ක් කිව්වානේ hp ස්ටිකරයක් ගහපු චාජරයකට. ඉතින් මම යුනිටිය වටේ ඇවිදලා ඇවිදලා බැලුවා 2500ට වඩා අඩුවට ගන්න කිසිම තැනක් නැ. ඉතින් මොනවා කරන්නද ‍චාජරයක් ගෙනාවා 2500ක් දීලා.

ඒක ගෙනාව වෙලාවේ ඉදලා තේ හදන්න පුලුවන් තරම් රත් වෙනවා. මට බය හිතෙනවා ඒක අල්ලපුවාම. ඒත් ඉතින් මම ලැප්ටොප් එකේ වැඩ නම් කරනවා. කොහොම වුනත් ජෙනුවින් ඇසසරි ගන්නවානම් 8000ක් වත් යයි. ඉතින් ඒක හන්දා ලැප්ටොප් එකට මොනවා හරි වුනොත් අලුතෙන් බ්‍රැන්ඩ් එකක්ම ගත්තැකි. ආපහු බ්‍රැන්ඩඩ් චාජයක් ගන්න වෙන්නේ නැ කවදාවත්ම. ඒක හන්දා චාජර් පරිසම් කරගන්න යාලුවනේ.

මේ දේවල් ගැන මම හිතුවේ නැනේ

කාලිංග අයියා ටෙක් කතා ග්‍රෑප් එකේ දාලා තිබුන ලින්ක් එකක් දිගේ අද මම ගියා. මම ම‍ගේ ලැප් එක කැඩුන එක ගැන ලිව්වනේ මීට කලින් ඉතින් මම ලැප් එක ගැනම තමා හිත හිතා හිටියේ. ඉතින් මේ අස්සේ මේ සමුහයේ යාලුවෙක් ලැප්ටොප් එකක් ගන්න තැනක් අහලා තිබුනා. ඉතින් ඒකට කාලිංග අයියා දීපු ලින්ක් එක තමා මම ඔය දාලා තියෙන්නේ. ‍ඒ ලිපිය සම්පුර්ණයි ආපහු එකතු වෙන්න කිසිම දෙයක් නැ. ඉතින් මම ඒකට දෙයක් එකතු කරන්න එහෙම නෙවෙයි මේ හදන්නේ. ඒක වැඩි දියුනු කරන්නත් නෙමේයි.

I’m a boy who loves a laptop. ඒවුනාට ඉතින් මම මේයාව ගන්න කලින් කිසිම දෙයක් හොයලා බැලුවේ නැ. අපේ අයියා ලැප් ටොප් එක ගත්ත කඩේ තමා Asian Computers එක. ඉතින් මම අයි‍යාගෙන් ඇහුවා කොහෙන්ද ගත්තේ කියලා. ඊට කලින් ඉතින් ලැප්ටොප් වල ගනන් හැමදාම ඇහුවට මම කිසිම එකක් ගැන හරියට හෙව්වේ නැ. මම ඉතින් ගිහින් ලැප්ටොප් තියන ඒවා බැලුවා. මොන ලැප්එක බලලා ගියත් ගන්න නැත්නම් වැඩක් නැනේ. ඊසිපේ තියන හන්දා මම ගියේ එතනටමයි. වාසනාවට මට හොද ලැප් එකක් අහුවෙලා තියෙන්නේ. Compaq Presario CQ45 එකකට තමා මගේ හිත ගියේ. ගානත් ෂේප්. වැඩ කැලිත් ෂේප්. මම මට වැඩකට නැති එකක්වත් මේ ලැප්ටොප් එකේ නැ. මම තියන හැම ෆීචර් එකක් ම පාවිච්චි කරනවා. අනික මගේ පාවිච්චිය ගොඩක් වැඩි. බැටරිය තමා ගොඩක් වෙලා තියෙන්නේ නැත්තේ. ඒත් බැටරියත් නරකම නැ.

මට දුන්න මුල්ම ලෙඩේ තමා මම ලියලා තියෙන්නේ. කොහොම වුනත් මේ ලිපියෙන් ඉගෙන ගත්ත දේවල් මට ඉස්සරහට ගොඩක් වැදගත් වෙනවා. ඇත්තටම ලැප්ටොප් එක ගත්තේ ඔහේ ගිහින් මෝඩයෙක් වගේනේ මම. හික්ස් , මෝඩයා තමා වගේ නෙමේ.