මේ දවස්වල ගුගල් නිව්ස්

මම ගුගල් ගැන ගොඩක් ලියනවා. මේ දවස්ටිකේ ගුගල් ගැන ලියන්නත් බැරි වුනා. ඇත්තටම අලුත් පෙනුමක් ගුගල් බුක්මාර්ක් වලට ලැබිලා තියනවා. පර්යේෂන මට්ටමේ තිබුන බුක්මාක් ලිස්ට් ඉවත් කරනවා කියලා ගුගල් එකෙන් කියලා තිබුනා.  හැබැයි මේ අලුත් පෙනුමට ගොඩක් අය ආසයි කියනවා. මම නම් මේ බුක්මාර්ක් මගේ බ්‍රව්සරයේවත් පාවිච්චි කරන්නේ නැ. ඇත්තටම ඒවගේම Google Web History එකත් එක්ක එකතු කරලා තියනවා මේ බුක්මාක් ලිස්ට් එක. ඒක නිසා අපිට ඒ අඩවියට යන්නේ නැතිව හිස්ට්‍රි එක බලලා එතනින්ම බුක්මාර්ක් කරගන්න පුලුවන්.

ඒවගේම මගේ හිත ගියා “Let it snow” සර්ච් රිසාල්ට් එකටත්. අපි හැමෝම දන්නවා මේවගේ දේවල් ගොඩක් තියනවා කියලා. ඒත් මේක මගෙ හිතට ගොඩක් ඇල්ලුවා. ඒකේ පොඩි කික් එකක් තියනවා.

ඒවගේම සැරසිලි ටිකත් මට හම්බුනා.

christmas“,“xmas” සර්ච් කලාම මේ රිසාල්ට් ලැබෙනවා.

Hanukkah කියලා සර්ච් කලාමත් ලස්සන සැරසිලි පේනවා.

IE බලෙන්ම ඒයි බලාගෙන

IE කියන්නේ වැඩියෙන්ම බැනුම් අහන බ්‍රව්සරයනේ එකෙ දෙකක් නැ. හොදම බැනුම් ඇසිමේ බ්‍රව්සරය තමා IE. කවදාවත් ෆයර්ෆොක්ස් වලටවත් Chrome වලටවත් ඒ තැන ගන්නවා තියා හිතන්නවත් බැ. ඉතින් මේවායින් IE6 කියන්නේ ලොකේම 8% විතර පාවිච්චි කරන බ්‍රව්සර් වර්ෂන් එකක්. ගොඩක් ලොකු අඩවි මේ බ්‍රව්සරයට සහය දක්වන්නේ නැ. ගුගල් හා වර්ඩ්ප්‍රෙස් ප්‍රධානයි. ඉතින් මයික්‍රොසොෆ්ට් එකෙන් කොච්චර කිව්වත් තාම මේ බ්‍රව්සරයෙන් අලුත් වර්ෂන්වලට මාරු නොවුන පිරිසක් ඉන්නවා. ඉතින් මයික්‍රොසොෆ්ට් සමාගම බලෙන්ම ඔටෝඅප්ඩේට් ඔන් කරලා තියන අයට අලුත් සංස්කරණ ඉන්ස්ටෝල් කරන්න යි හිතාගෙන ඉන්නේ. ඇත්තටම තාම මේ බ්‍රව්සරය පාවිච්චි කරනවා ඇත්තේ ගොඩක් දෙනා කම්මැලි කම‍ට වෙන්න ඕනේ. නැත්නම් අප්ඩේට් ඕන් කරන්නේ නැතුව ඉන්න අය වෙන්න ඕනේ. එහෙමත් නැත්තම් හොරට වින්ඩෝස් පාව්චි කරන හන්දා අප්ඩේට් ඕෆ් කරලා තියන අය වෙන්න ‍ඕනේ.

ලංකාවේ නම් වැඩියෙන්ම තාම පාවිච්චි කරන්නේ ගිනි නරියා තමා. ලංකාවේ අයට තියන හොදම බ්‍රව්සර් දෙක ක්රෝම් එකයි ෆයර්ෆොක්ස් එකයි. ඊලගට තමා IE. කවදාහරි දවසක Chrome පලවෙනියා වෙයි. ඒත් මම පාවිච්චි කරපු හොදම බ්‍රව්සර් එක නම් ෆයර්ෆොක්ස්. හොදම ශිෂ්‍යාම නෙමේ හැමතිස්සෙම පලවෙනියා වෙන්නේ. ‍ක්රෝම් වල සාර්ථකත්වය පිටිපස්සේ ‍ඉන්නේ තියන ලොකුම දේ තමා, මේක ගුගල් වලින් හදන එක. ඉක්මන් පාවිච්චියට ලේසි විම. ඒත් රැම් යුසේජ් එකෙනම් වෙනසක් නැ. බොරුවට අඩුයි කියලා පෙන්නුවට ෆයර්ෆොක්ස් වලටත් වැඩිය වෙලාවකට කන්සියුම් කරනවා මෙමරි. මොනවා වුනත් ලොකේ හොදම වෙනසක් කරපු බ්‍රව්සර් ටික, දැනට ලෝකේ වැඩියෙන්ම පාවිච්චි වෙන බ්‍රව්සර් 3 අතරෙ තියනවා.