FireFox ද? පරිස්සමෙන්!!!

මම පාවිච්චි කලේ ෆයර්ෆොක්ස් බ්‍රව්සර් එක තමා වැඩියෙන්ම. තාමත් එහෙමයි. ඉතින් මගේ එකව්න්ට් ඔක්කොම ඔක්කොම කියන්නේ එකව්න් 4ක් විතර හැක් කලා. හැක්කලා කියන්නේ ඒ ඔක්කොගෙම එකම පාස්වර්ඩ් එක තිබුනේ

5jdetn8ox9qp

මේවගේ පාස්වර්ඩ් එකක් තමා තිබුනේ. ඉතින් මම බය නැතිව හිටියා. බලාගෙන ගියාම මගේ එකව්න්ට් එකටත් කෙලලා වැඩේ. මම පැහැදිලිව දන්නවා මගේ හොදම යාලුවෙක් තමා විදලා තියෙන්නේ කියලා. වාසනාවට මට ආපු වැදගත් මේල් දෙකක් තිබුනා ඒක මකලා නැ. පින්සිද්ධ වෙනවා හැකර් මගේ ගිනුම් වල දත්ත අරගත්තත් මට හානියක් කරලා නැ. මොනවා වුනත් හිත හොද කොල්ලෙක් හැක් කරලා තියෙන්නේ. ඉතින් මම පාස්වර්ඩ් ‍ඕක්කෝම වෙනස් කලා හැබැයි ඉතින් මම නිකං හිටියේ නැ. මම පාස්වර්ඩ් එක හොයාගත්ත හැටි හොයලා බැලුවා. ලොග්ස් හැම එකක්ම වගේ

ඉතින් මම පෙනුනා ෆයර්ෆොක්ස් එකේ පාස්වර්ඩ් සේව් කරන එක භයානකයි කියලා.

ඉතින් මෙන්න මේ විදිහට තමා මම අනුමාන කරන විදිහට පාස්වර්ඩ් එක ලීක් වෙලා තියෙන්නේ. හැකර් මට බැන බැන පාස්වර්ඩ් ගෙනියන්න ඇති. මම මේක මිට කලිනුත් දැනගෙන හිටි‍යා ඒත් මම හිතුවේ නැ මෙහෙම දෙයක් වෙයි කියලා. ඒක හන්දා තමුන් පාවිච්චි කරන කම්පුටර් එක කාටහරි දෙනවා නම් පරිස්ස‍මේන්. මොකද මට වුන දේ වෙයි.

Advertisements

App Tab in Chrome and FireFox

මට හෙන වදයක් තිබුනේ මම පාවිච්චි කරන්න හැමතිස්සෙම ඔපන් කරන් තිබුන. ඉතින් මම අද උදේ නිකමට ෆයර්ෆොක්ස් 8 ඩවින්ලෝඩ් පේජ් එකට ගියාම මම දැක්කා ඇප් ටැබ්ප්. ඉතින් මම කවදාවත් පාවිච්චි කරලා තිබුනේ නැ. ඒ මම දන්නේ නැති නිසා. මට බලන්න බැරි වුනා කලින් ඒ කිව්වේ ෆයර්ෆොක්ස් 7 වලත් මේක තිබ්බද කියලා. ඒත් මේ ෆීචර් එකනම් නියමයි. ඒක ඇත්‍තටම වෙබ්සර්ෆින් ලේසි කරනවා. ඒවගේම නිතර පාවිච්චි කරන ටැබ්ස් වල වෙනසක් වුනොත් ඇලට් කරන එක. ඉතින් හැම තිස්සෙම ඒ ටැබ් එකට ඇවිත් බලන්න ඕනේ නැ. ලේසියෙන්ම සර්ෆ් කරන්නත් පුලුවන්.

ක්රෝම් වලත් ඒක තියනවා මම බැලුවාම. මට හිතෙන්නේ ඒක වෙබ් බ්‍රව්සර් වලට එකතු වුන හොදම අංගයක්. ඒක ටැබ්ස් වගේම වැදගත්.

Firefox 8

අනාගතය අදයි! වගේ තමයි. ෆයර්ෆොක්ස් 8 එන්න තියෙන්නේ ඒ කියන්නේ හෙට. ඒත් අද ඉදලා ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්ලු. මමත් මේක මාෂබල් එකේ දැක්කේ.

ftp://ftp.mozilla.org/pub/firefox/releases/8.0/win32/en-US/Firefox%20Setup%208.0.exe

කොහොම වුනත් ඉස්සරම අපි අහලා තිබුනේ නෙට්ස්කේප් නැවිගේටර් එකයි ඉන්ට‍ර්නෙට් එක්ස්ප්ලෝරර් එකයි ෆයර්ෆොක්ස් එකයි ගැන තමා. ඒ අතින් විවෘත මෘදුකාංයකට තිබ්බේ මේක විතරයි. ඒත් නෙට්ස්කේප් නැවිගේටර් එක අයින් ‍කරනකොට රෙකමනදාරු කලේ ෆයර්ෆොක්ස් දාගන්න කියලා. දැන් ඉතින් ඔපෙරා, ක්රෝම් තියනවා. සෆාරිත් තිබුනා. ඒවුනාට ඉතින් ලංකාවේ ඇපල් මාර්කට් එක අඩුයිනේ.

ඔයාලත් අරගෙන අදහසක් කියන්න බලන්න. පෙනුමෙන් වෙනසක් නැ තාක්ෂනයෙන් වෙනසක් තියනවද දන්නේ නැ.