Facebook Timeline එපා වෙලාද?

අ‍ම්මේ Timeline දාගන්න දෙන්න කලින් ගොඩක් අය ටයිම්ලයින් හොයලා දාග‍ත්තේ. ඉතින් මමත් ට්‍රයි කලා කලින් දාගන්න. ඒත් වැඩේ හරිගියේ නැ. ඒත් ඊට පස්සේ ඔෆිෂියල් මේක දෙන්න අරගත්තනේ. ඉතින් මමත් දාගත්තා ටික දවසකට පස්සේ. හැබයි ඉතින් මම මේක දාගත්තම නොවැ වෙනස දැක්කේ. මම දැකලා තිබුන අහලා තිබුන නිව්ස් වලට වැඩිය මේක ගොඩක් වෙනස්. ඉතින් මේ ටයිම්ලයින් එකට සමහරු බයයි. සමහරු ආසයි.

පෞද්ගලිකව මටනම් මේකේ වැරැද්දක් පේන්නේ නැ. අවාසනාවට මේකේන් ආපහු පස්සට යන්න විදිහකුත් නැ.  මට යාලුවෙක් කිව්වා මේකෙන් පස්සට යන්න විදිහක් හොයාගන්න ඕනේ කියලා. තවත් යාලුවෙක් කිව්වා මේකට කම්පුටරයත් ස්ලෝ වෙනවා කියලා. මේ මොනවා වුනත් ගොඩක් දෙනෙක් මේකට කැමත්තක් පෙන්නුම් කරන්නේ නැ කියලා තමා කියන්නේ. ඉන්ටනෙට් කනෙක්ෂන් ස්ලෝ වුනොත් මේක පාවිච්චි කරන එක අමාරු වෙයි කියලා මටත් හිතෙනවා. මමත් ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ බොහොම ලෝබ කමේන් ඇයි ගිගාබයිට් 30, 40 පහු කරලා මගේ ස්පීඩ් එක අඩුකලොත් කියලා.

Facebook ඉස්සර තිබ්බානං

ඉතිං මම දවස් කිහිපයකට පෙර තමයි මේ දැන් කියන්න යන සයිට් එක දැක්කේ. දැන් ඉන්න සමහරක් අයනම් ඉතින් වින්ඩෝස් 95, 98 දැකලාවත් නැනේ. ඉතින් දැන් කාලේ හැටියට බැලුවොත් ඒකාලේ තිබුනු පෙනුම වල් එච්චර ඇහැට සිනිදු නැ.

සමහර දේවල් ඇහැට ගඩොල් කැටෙන් ගහනවා වගේ. ඒවුනාට මම පොඩිකාලේ ඉතින් ඒවා එක්ක වැඩ කරන්න පුදුම ඇමෝනියාවක් තිබුනේ. ඉතින් ඒකාලේ තිබුන වෙබ් අඩවි නම් මම ගොඩක් දැකලා නැ. ඒත් ඒවත් එච්චරම තමා.

මේ පල්ලෙහා තියෙන්නේ ලොකේ ගොඩක් ප්‍රසිද්ධ අඩවි පටන් ගනිද්දි තිබුන ආකාරය. මම ඉතින් වැඩ්ඩා වගේ දැම්මට මම මේටික ගත්තේ මාෂබල් එකෙන්. ඒ වෙබ් අඩවියත් පටන් ගන්න ‍කොට පෙනුන ආකාරය ‍මේ පොටො ටිකේ තියනවා.

මේවා ලොකු කරලා බලන්න ක්ලික් කරන්න

 

 මම කියන්න ගියේ නම් මේවා ගැන නෙමේ ඒ කලා ව්‍යාපෘතියකින් Google+ Youtube Facebook 1997 තිබුනානම් කියලා ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි 1997 තිබුන විදිහෙම බැන්ඩ්විත් එකකින් තමා ලෝඩ් වෙන්නේ ගිහින් බලන්නකො.

http://1x-upon.com/

වන්ස් අපොන් තමා සයිට් එකේ නමත්.

අලුත් Android Facebook ඇප් එක

මම අද උ‍දේ දැක්කේ ෆේස්බුක් බ්ලොග් එකේ තියනවා අලුත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් දාලා තියනවලු ෆේස්බුක් වඩා පහසු‍ වෙන් යන්න.

මේකේ පෝටෝස්  ටැග් කරපුවා කමෙන්ට් කරපුවා ලයික් කරපුවා ලේසියෙන් බලන්න පුලුවන්ලු.

හැම ස්ක්‍රීන් එකකම නොටිෆිකේෂන් බලන්න පුලුවන්ලු. හරියට අපි ‍කම්පුටරයෙන් ෆේස්බුක් යනකොට වගේ.

අවශ්‍ය දේවල් හොයා ගන්න මෙනු එකෙන් පහසුයිලු.

මෙන්න ලින්ක් එක
https://market.android.com/details?id=com.facebook.katana

මේකට ති‍යන රිවිව්ස් එහෙම නරක නැ. මේ අප්ඩේට් එක හොදයි වගේ කලින් තිබුන එකට වඩා.

Google Offers සහ Twitter Stories

මගේ බ්ලොග් එකත් මගේ කැලැන්ඩර් එකත් මගේ කන්ටැක්ස් ටිකත් මගේ ලියකිව්ලිත් සයිට් එකත් මම දිලා තියෙන්නේ ගුගල් එකට. ඒවගේම නොමිලේ. මම මගේ බ්ලොග් එකේ ප්‍රචාරන කටයුතු වලට ගුගල්+ ටිව්ටර් ෆේස්බුක් පාවිච්චි කරනවා සින්ඩිකේටර් වලට අමතරව. හැබැයි මම මේතනදි අමතක නොකර කියන්න ‍ඕනේ දේ තමා සින්ඩිකේටර් තමා 95% පාඨකයෝ ගෙනල්ලා දෙන්නේ. නැත්තන් කියවන්න එන අයත් අඩුවෙනවා.

මේ අතරේ මම අන්තර්ජාලයේ පාවිච්චි කරන ‍සේවාවල් වලින් 2ක් ඇරෙන්න අනික් හැම එකක්ම අයිති ‍ගුගල්ලට. ගොඩක් අයත් ‍එහෙමයි. සමහරු යාහු ඉමේල් එකව්න් පාවිච්චි කලත් සර්ච් කරන්නේ ගුගල් වලින් ඇත්තටම ගුගල් හින්දාම ගෙනයන ව්‍යාපාරත් දැන් තියනවා. කොහොම හරි මම ගුගල් ඇප්ස් පාවිච්චි කරන්නත් ගත්තා.

මේ පින්තුරේ ගත්තේ marshable.com එකෙන්. මේ සේවාව දැනට ඉතින් ඇමරිකාවට විතරයි. ඇමරිකාවේත් සමහරක් පැති වලට විතරයි. ගුගල් එක හරහා ඇත්තටම ව්‍යාපාර වල දීමනා ප්‍රසිද්ධ කරනවා. ගොඩක් වෙනස් විදිහේ දිමනා මෙතනදි හම්බෙනවා. කැම වලට විනෝදාත්මක දේවල් වලට ඒවගේම තාක්ෂනික උපාංග වලට විවිධ ආකාරයේ දිමනා හම්බෙනවා. තව ටික කාලෙකින් ටිවි වල ඇඩ් දාන එකත් නැතිව යයිද දන්නේ නැ. මේක මම දැකලා දැන් ටික දවසක්. ඒවගේම නවතම දිමනා Subscribe කරන්නත් පුලුවන්. එතකොට email මාර්ගයෙන් ඒ දිමනා ගැන දැනගන්න ලැබෙනවා.

මම අද ටිවිටර් බ්ලොග් එකට ගියාම දැක්ක අන්තිම පොස්ට් එක ටිවිටර් ස්ටෝරිස් ගැන. මේ ගැන මම ටිකක් හොයලා බැලුවා. දැනට මේක ගැන ප්‍රසිද්ධ ‍බ්ලොග් වල ලියලා දවස් දෙකක් විතර වෙනවා. ඒත් මම කලින් දැනන් හි‍ටියෙම නැ. මේකේ තියෙන්නේ ටිවිටර් වලින් රටේ ‍ලෝකේ ඉන්න අය කරපු හපන් කම් ඒවගේම ව්‍යාපාර වලට ‍ටිවිටර් පාවිච්චි කරන හැටි ගැන තමා.

එක්කෙනෙක් එයාගේ අම්මගේ පොත් සාප්පුව බේරගත්ත හැටි, මාලු අල්ලන කෙනෙක් ගොඩට එන්න ඉස්සෙල්ලා එයාගේ මාලු ටිවිටර් හරහා විකුනන හැටි, ඒවගේම තමුන්ගේ ෆලොවර්ස්ලා 100කට විශේෂ දිමනා දිපු හැ‍ටි ඕවගේ දේවල් තමා. තව ටියුනිසියාවේ අරගලයෙදි ටිවිටර් පාවිච්චි කරපු හැ‍ටි.

එන්න එන්නම ලෝක‍ය වෙනස් වන හැටි තමා පේන්නේ. තව මොනවා‍ වෙයිද කියලා අපි බලමුකෝ!

http://www.google.com/offers – ගුගල් ඔෆර් මුල් පිටුව
http://stories.twitter.com/ – ටිවිටර් ස්ටෝරිස් මුල් පිටුව