ඇයි අපි FireFox රැක ගත යුත්තේ?

Firefox කියන්නේ සොෆ්ට්වෙයා එකකට වඩා එහාට ගිය දෙයක්. ලෝකේ ලොකුම වෙනසක් කරපු දෙයක්. මම මේ පෝස්ට් එක ලියන්නේ Firefox වෙනුවෙන්. මම Firefox Develop කරන්න උදව් කරන කෙනෙක් නෙමේ Directly. ඒත් මම අහුවෙන හැම බග් එකක්ම යවනවා. මට පුලුවන් විදිහට මම Firefox ප්‍රචාරය කරනවා. ඇත්තටම මම පොඩි කාලේ ඉන්ටනෙට් යන්න තිබුන බ්‍රව්සර් වුනේ FireFox, IE, Netscape Navigator 3 තමයි ප්‍රධාන වශයෙන්. ඒත් එකකොට තිබුන Opera එකත් නරක නැ. ඒහෙම වුනාට ඉන්ටනෙට් එක තුල තිබුනු බ්‍රව්සර් වල ආධිපත්‍ය නැති කලේ Firefox. කාටහරි කියන්න පුලුවන් ඒහෙමයි කියලා අපි ඕක පාවිච්චි කරන්න ‍ඕනෙද හොද නැත්නම් කියලා.

ඉන්ටනෙට් කියන එක කාගෙවත් බුදලයක් නෙමේ. ඒවගේම ඒක අපි හැමෝගෙම. ඒකේ බලය ඇත්තටම ලැබෙන්න ඕනේ අපි හැමෝටම. ඇත්තටම Browser එක කියන්නේ ඉන්ටනෙට් එකට යන තැන වගේ. කොහොම වුනත් ක්රෝම් පාවිච්චි කරන එකෙන් අපෙන් ගුගල් එක රැස් කරගන්න තොරතුරු ප්‍රමාණය වැඩි වෙනවා. ඒක එච්චර හොද දෙයක්‍ නෙමේ. වානිජ ආයතනයන් අතේ ඉන්ටනෙට් එකේ ඒකාධිකාරිත්වය තියෙන්න හොද නැ.

Firefox එකට ලැබෙන ලොකුම අරමුදල ලැබෙන්නෙත් ගුගල් එකෙන්. මම කාටවත් ෆයර්ෆොක්ස් වලට එන්න කියලා බල කරන්නේ නැ. එහෙම කරන්න මට ඇති අයිතියකුත් නැ. ඒත් ෆයර්ෆොක්ස් වලට ආදරය කරන අය Firefox වල අනාගතය උදෙසා වැඩ කරන්න ඕනේ කාලයක් ඇවිත් තියෙන්නේ. ෆයර්ෆොක්ස් පුලුවන් තරම් ප්‍රචාරය කරන්න ඕනේ. මම දන්නවා මේකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒත් මට හිතෙනවා FF මීට වඩා පිරිසක් පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒවගේම පාවිච්චි කරන පිරිස අඩු නොවෙන්න ඕනේ කියලා.

ලොකු බ්ලොග් වලට ඉංග්‍රිසියෙන් ලියන කෙනෙකුත් කියලා තිබුනා Firefox කි‍යන්නේ ක්ලව්ඩ් වලට හතුරෙක් කියලා. ඇත්තටම ඒක හරි කතාවක් නෙමේ. Firefox කියන්නේ ඉන්ටනෙට් වඩාත් විවෘත තැනක් කරන්න හදන උත්සහයක්‍. පුලුවන් අය Firefox පාවිච්චි කරලා හරි සපෝට් එකක් දෙන්න. ක්රෝම් වලට වඩා අඩුවෙන් සමහර වෙලාවට මේකේ මෙමරි යුසේජ් එක අඩු‍ වෙනවා. Firefox 9 දාගන්න දැන් තියෙන වර්ෂන් එකත් එක්ක ගැටලු තියනවනම්‍‍.

අනික Chrome ඩිවලොප් කරන්න Proprietary DLLත් පාව්ච්චි කරනවා. Foxit කි‍යන්නේ PDF වලට තියෙන ක්ලාස් ලයිබ්‍රි එකක්. ඒක තමා ක්රෝම් පාවිච්චි කරන්නේ PDF පෙන්නන්න.

ඒත් ෆයර්ෆොක්ස්ලා ඒකට විසදුමක් ගෙනාවා ඔපන්සෝස් විසදුමක්ම PDF.js කියන්නේ ඒක. ඇත්තටම බැලුවොත් ක්රෝම් වලට අවශ්‍ය වෙලදපල ජයගන්න මිස හොද ඕපන්සෝස් බ්‍රව්සරයක් වෙන්න නෙමේ.

Advertisements

Firefox 9 අරගන්න

මේ පෝස්ට් එක ලියන වෙලාව වෙනකොටත් ෆයර්ෆොක්ස් 9 රිලිස් වෙලා නැ. හැබැයි මේ පහල තියන ලින්ක් එකෙන් FF 9.0 ගන්න පුලුවන්

http://dm-download02.mozilla.org/pub/mozilla.org/firefox/releases/9.0/win32/en-US/Firefox%20Setup%209.0.exe

පල්ලෙහා තියෙන පහසුකම් තමා අලුතෙන් ඇඩ් වෙලා තියෙන්නේ.

  • JavaScript වඩා හොදින් වැඩකරන විදිහට Type Inference එකතු කරලා තියනවා.
  • මැක් ඕස් වලට සහය වැඩි කරලා ති‍යනවා තීම් වලට
  • Do Not Track status වලත් වැඩි දියුනු කිරීම් කරලා තියනවා
  • font-stretch වලට සහය අලුතෙන් එකතු කරලා තියනවා
  • text-overflow වලට තියන සහය වැඩි කරලා
  • HTML5, MathML, සහ CSS වලට සහය වැඩි දියුනු කරලා
  • පොඩි පොඩි ප්‍රශ්න වගයකුත් නිරාකරණය කරලා

මේ පල්ලෙහා තියෙන්නේ ලින්ක් එක රිලිස් නෝට්ස් වලට.

http://www.mozilla.org/en-US/firefox/9.0/releasenotes/

Firefox හැමදාම රිලිස් වෙන්න කලින් හදිසි අයට අරගන්න පුලුවන්. මමත් දැන් පාවිච්චි කරන්නේ අලුත් ඒක. තාම නම් වරදක් නැ. Type Inference වලට විකි පිටුව මෙන්න http://en.wikipedia.org/wiki/Type_inference

IE බලෙන්ම ඒයි බලාගෙන

IE කියන්නේ වැඩියෙන්ම බැනුම් අහන බ්‍රව්සරයනේ එකෙ දෙකක් නැ. හොදම බැනුම් ඇසිමේ බ්‍රව්සරය තමා IE. කවදාවත් ෆයර්ෆොක්ස් වලටවත් Chrome වලටවත් ඒ තැන ගන්නවා තියා හිතන්නවත් බැ. ඉතින් මේවායින් IE6 කියන්නේ ලොකේම 8% විතර පාවිච්චි කරන බ්‍රව්සර් වර්ෂන් එකක්. ගොඩක් ලොකු අඩවි මේ බ්‍රව්සරයට සහය දක්වන්නේ නැ. ගුගල් හා වර්ඩ්ප්‍රෙස් ප්‍රධානයි. ඉතින් මයික්‍රොසොෆ්ට් එකෙන් කොච්චර කිව්වත් තාම මේ බ්‍රව්සරයෙන් අලුත් වර්ෂන්වලට මාරු නොවුන පිරිසක් ඉන්නවා. ඉතින් මයික්‍රොසොෆ්ට් සමාගම බලෙන්ම ඔටෝඅප්ඩේට් ඔන් කරලා තියන අයට අලුත් සංස්කරණ ඉන්ස්ටෝල් කරන්න යි හිතාගෙන ඉන්නේ. ඇත්තටම තාම මේ බ්‍රව්සරය පාවිච්චි කරනවා ඇත්තේ ගොඩක් දෙනා කම්මැලි කම‍ට වෙන්න ඕනේ. නැත්නම් අප්ඩේට් ඕන් කරන්නේ නැතුව ඉන්න අය වෙන්න ඕනේ. එහෙමත් නැත්තම් හොරට වින්ඩෝස් පාව්චි කරන හන්දා අප්ඩේට් ඕෆ් කරලා තියන අය වෙන්න ‍ඕනේ.

ලංකාවේ නම් වැඩියෙන්ම තාම පාවිච්චි කරන්නේ ගිනි නරියා තමා. ලංකාවේ අයට තියන හොදම බ්‍රව්සර් දෙක ක්රෝම් එකයි ෆයර්ෆොක්ස් එකයි. ඊලගට තමා IE. කවදාහරි දවසක Chrome පලවෙනියා වෙයි. ඒත් මම පාවිච්චි කරපු හොදම බ්‍රව්සර් එක නම් ෆයර්ෆොක්ස්. හොදම ශිෂ්‍යාම නෙමේ හැමතිස්සෙම පලවෙනියා වෙන්නේ. ‍ක්රෝම් වල සාර්ථකත්වය පිටිපස්සේ ‍ඉන්නේ තියන ලොකුම දේ තමා, මේක ගුගල් වලින් හදන එක. ඉක්මන් පාවිච්චියට ලේසි විම. ඒත් රැම් යුසේජ් එකෙනම් වෙනසක් නැ. බොරුවට අඩුයි කියලා පෙන්නුවට ෆයර්ෆොක්ස් වලටත් වැඩිය වෙලාවකට කන්සියුම් කරනවා මෙමරි. මොනවා වුනත් ලොකේ හොදම වෙනසක් කරපු බ්‍රව්සර් ටික, දැනට ලෝකේ වැඩියෙන්ම පාවිච්චි වෙන බ්‍රව්සර් 3 අතරෙ තියනවා.

Opera 11.60

ඔපෙරා 11.60 බ්‍රව්සරය දැන් ඉතින් අවසාන විදිහට ඒ කියන්නේ පාවිච්චියට නිකුත් කරලා තියෙන්නේ. මමත් ඉතින් මේක ගැන ලියන්න කලින් අරගෙන පාවිච්චි කරලා බැලුවා. දැන් පැය කිහිපයක්ම මම මේක පාවිච්චි කරලා බැලුවා.

සිංහල රෙන්ඩරින්  මම කිව්වේ යුනිකෝඩ් සිංහල රෙන්ඩර් වෙන ෆොන්ට් එක ටිකක් සුමුදු මදි. ඒවගේම ටයිප් කරද්දිත් සිංහල වල පොඩි ගැටලු  මතු වෙනවා. හැබැයි ස්ක්‍රෝල් කරන කොටනම් මාර සුමුදුවට ස්ක්‍රෝල් වෙනවා. ඒවගේමයි මේ සංස්කරණය විශේෂයෙන්ම සකස් කරලා තියෙන්නේ අඩු මෙමරි ප්‍රමාණයක් කන්සියුම් කරන විදිහට.

11 ඉදලාද කොහෙද ති‍යන Turbo ෆීචර් එක නියමයි. ඒක පින්තුර ‍එහෙම ගුණය අඩු කරලා තමා ඩවින්ලෝඩ් කරන්නේ. හබැයි ඒ කන්වර්ට් වෙනවට වඩා ඉක්මනට  ADSL පාවිච්චි කරන අපිට ඒක ඩිරෙක්ට් ගන්න එක ලේසි. සිග්නල් අඩු වෙලාවක වගේ පාවිච්චි කරන්න හොද ෆීචර් එකක් ඩොන්ගල් තියන අයට. හැබැයි තාම නම් Chrome FireFox වලට ලොකු ‍තර්ජනයක් කරන්න පුලුවන් තත්වයක නැ කියලා මට හිතෙනවා. FeedReader එකට මගේ හිත ඇදිලා ගියා.

Chrome Addon එකක් දාන්න කලින් දෙපාරක් හිතලත් මදි

දැන් ලංකාවේ Chrome පරිශිලනය කරන පිරිසත් එන්න එන්නම වැඩි‍ වේගෙන එන්නේ. ඇත්තටම කිව්වොත් ලංකාවේ IE භාවිතය #3 විතර ගිහින් තියෙන්නේ. ක්රෝම් සිඝ්‍රයෙන් භාවිතා කරන පිරිස වැ‍ඩි වේගෙන එන්නේ. දැනට දෙගොල්ලොම එක සමාන ප්‍රමාණයකින් ඉන්නවා. හැබැයි ඉතින් තාම දශම ගානක් උඩින් ඉන්නේ ෆයර්ෆොක්ස්.

ඉතින් මම අද අන්තර්ජාලය පිරික්සම්න් ඉන්නකොට ඒකිව්වේ සිංහලෙන් සර්ෆ් කර කර ඉන්නකොට දැක්කා, Chrome addon එකක් දාන්න කලින් දෙපාරක් හිතන්න කියලා ලින්ක් එකකක්. මමත් මේ දවස් ටිකේ ෆයර්ෆොක්ස් දෙවෙනි තැනට වැටුනට පොඩි හිතේ අමාරුවකිනුත් ඒක්කනේ ඉන්නේ. ඉතින් මට අලි සන්තෝෂයි. අනේ ක්රෝම් පාවිච්චි කරන අය තරහා වෙන්න නම් එපා. ක්රෝම් කොච්චර වේගයෙන් වැඩ කලත් මට ඒක අල්ලන්නේම නැනේ‍. අපි ඒක අමතක කරමුකෝ.

ඉතින් මේ Google විසින් Chrome WebStore එකක් දෙනවානේ. මේ තියන ඒක ඇඩ්‍ඕන් වලට නීතියක් මොකුත් නැ. එයාලා ඇඩෝන් චේක්කොරලා නෙමේලු ගන්නේ.

https://chrome.google.com/webstore/detail/alelhddbbhepgpmgidjdcjakblofbmce

මේ Awesome Screenshot addon එ‍කේ ලින්ක්  එක තමා උඩ තියෙන්නේ. ලින්ක් එක දැක්ක ගමන් ක්ලික් කොරලා දාගන්නවා එහෙම නෙවෙ හරිද. ඉතින් මේ ඇඩ්‍ඕන් එක දැම්මට පස්සේ ගොඩක් සර්ච් වල මුලට එනවා Amazon සර්ච්. ඉතින් මේ ප්ලග්ඉන් එක  661,458 දෙනෙක් පාවිච්චි කරනවා.

මේවගේ ඒක්ස්ටෙන්ෂන් එකකත් මේවගේ අක්‍රමිකතාවයක් සිද්ධ වෙනවා. ඒත් වාසනාවට FireFox පාවිච්චි කරන අපිට එහෙම නැ. ඉතින්‍ https://addons.mozilla.org/ එක හොදින් පරික්ෂාකරලා තමා මේවා ඇඩ් කරන්නේ අපිට ඒක හන්දා බයවෙන්න දෙයක් නැ.

Chrome ඉහල‍ට

දැන් මේ දවස්වල ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක්ය. මම කිව්වේ ලොකු ලොකු බ්ලොග් ලියන අයට. ඒ කිව්වේ ඉංග්‍රිසි අයට. එයාලා ඕක්කොම බලන් ඉද්දි ඉන්ටනෙට් එකේ වැඩිම පාවිච්චිය තියන බ්‍රවිසර් එක ක්රෝම් වෙලා.

මේ ඉහල තියන පින්තුරේ තියෙන්නේ http://gs.statcounter.com/ එකේ වාර්තාවක් කොහොම වුනත් සමස්ථය දකින්න පුලුවන් ෆයර්ෆොක්ස් පහුකරගෙන ඉස්සරහට එන්න පුලුවන් වෙලා තියනවා ක්රෝම් වලට. පල්ලෙහා තියෙන්නේ 2008 හත්වෙනි මාසේ ඉදලා බ්‍රව්සර් යුසෙජ් එක බලන්නකෝ IE අඩුවෙගෙන එන අතරේ Chrome කොච්චර ඉක්මනට වැඩවෙලාද කියලා.

මේ මොනවා වුනත් 1995 දී 80.1% පාවිච්චි කරලා තියෙන්නේ දැන් හොයාගන්නත් නැති ඩිවලොප්කරන එක නතර කරපු නෙට්ස්කේප් නැවිගේටර් එක. එතකොට මම කම්පුටරයක් අතගාලවත් නැ. ආපහු 2002 අගොස්තු IE 95.97% කරගෙන තියනවා. එක එක කාලෙට එක එක බ්‍රව්සර් එනවා යනවා එක්ක IE වල ජනප්‍රියතාවයත් භාවිතයත් වෙනස් වෙලා තියනවා. ඇත්තටම ෆයර්ෆොක්ස් තමා IE එකේ ඒකාධිපත් ස්වභාවය අඩු කරලා තරඟයක් ඇති කරලා තියෙන්නේ. IE අද 40.68% තත්වයක් තමා රැකගෙන යන්නේ. අපි බලම් IE10 ඒ ආධිපත්‍ය වැඩි කරගනීද අඩු කරගනීද කියලා. ගුගල් එකත් එකක් ගිවිසුමක් තිබිලා තියනවා ෆයර්ෆොක්ස් එකෙන් Default සර්ච් එන්ජින් එක ගුගල් කරනවා කියලා. එකෙන් අරමුදලක් මොසිල්ලා එකට ලැබිලා තියනවා. ඒකාලේ වගේ නෙමේ දැන් ගුගල්ට ෆ‍යර්ෆොක්ස් අත්‍යවශ්‍ය නැ.

බලමු අපි ඉස්සරහට මොනවද බ්‍රව්සර් යුද්ධයට වෙන්නේ කියලා.

Statistical Sources –
http://en.wikipedia.org/wiki/Usage_share_of_web_browsers
http://gs.statcounter.com/