හොස්ටිං තරඟය

දැන් හැටට හැටේ ලංකාවේ හොස්ටිං තරඟය ආරම්භව ඇත. කැමති හොස්ටිං ආයතනයක් සමඟ සම්බන්ධ වී ඔබටත් මෙම හොස්ටිං තරඟයට සහභාගි විය හැක.

කාලයකට පෙර තිබු‍නේ සින්‍ඩිකේටර තරගයකි. (මම කිසිම සින්ඩි‍කේටරයකට දොස් නොපරවමි.) මමද ‍බොහෝ සින්‍ඩිකේටර වල සමාජිකත්වය ලබා ගත්තෙමි. සැබැවින්ම සින්‍ඩිකේටර බිහිවි‍‍මේද ‍හොදක් ඇත. ට්‍රැෆික් නැති වුන කල බ්ලොග් වැනසෙන්නේය. ඉතින් ‍මේ වැනසීයාම සින්ඩිකේටර විසින් වලකන්නේය. කො‍හොම වුනත් ප්‍රධාන සින්ඩිකේටර වල ජනප්‍රිය තාව‍යේ වෙනසක් නොව්නි යැයි සිතමි.

‍කො‍හොම හරි දැන් හොස්‍ටිං ආයතන රාශියක් බිහිව ඇත. දැන් ‍බොහෝ ආයතන වලින් අන්ලිමිටඩ් ට්‍රැෆික් සහ අන්ලිමිටඩ් ඩිස්ක් ස්පේස් ලබා දෙති. ඒකත් හොද දෙයක්. මොකද ඉස්සර බොහෝම ‍පොඩි ඉඩක් ලොකු ගානකට විකුනුවේ. ඉතින් දැන් ඒ ලබා දෙන පහසුකම් ‍ගොඩක් හොදයි. සමහර ‍වෙලාවට මේ අන්ලිමිටඩ් ලැබෙන්නේ බොහොම නීති ඇතිව. ෆයිල් ‍ෂෙයාරිං සයිට් කරන්න බැ‍. සමාජික‍යෝ 25,000කට වැඩිය තියන ෆෝරම් කරන්න බැ. ඕව‍ගේ විවිධාකාර නීති එක්කලා තමා මේ හොස්ටිං ‍දෙන්නේ. හැබැයි ඒවා මුලදි කියන්නේ නැ ලංකා‍වේ කට්ටිය නං.  කොහොම වුනත් ලංකා‍වෙ හොස්ටිං ආයතනයකිං ඩො‍මේන් එකක් ගන්න කලින් දෙපාරක් හිතන්න. ගන්න ඕනේම නම් ඩොමේන් ට්‍රාන්ස්ෆර් තියන ආයතනයකින්ම ගන්න. මොකද ‍කොච්චර හිතුවත් අදහස ‍වෙනස් කරන්නේ නැ කියලා එයාලා කල් යද්දි ගනන් ‍වෙනස් කලොත් ‍ඩොමේන් වෙන සර්වර් වලට ‍ගෙනියන්න දෙන්‍නේ නැති වෙන්න පුලුවන්. ඒතකොට ඩොමේන් එක නැති කරගන්න වෙන එක වලක්වගන්න පුලුවන් ඩොමේන් එක GoDaddy එකෙන් ව‍ගේ අරන් තිබ්බොත්.

මට දැන් ටිකකට කලින් මේ ලින්ක් එක හමිබුනේ http://www.tnavi.lk/ ගිහින් බලන්නකෝ. පුදුම හි‍තෙයි. ලංකාවේ ට්‍රැෆික් සැටලයිට් සම්බන්ධ කරගෙන ලබා දෙන සේවාවක්. ලංකාව අපි හිතනවට වඩා ඉක්මට දියුනු ‍වෙන්න යනවා කියලා හි‍තෙනවා. ( දියුනුව කියන්නේ ඉතිං ඊනියා දියුනුව තමා. භෞතික දියුනුවම තමා. දියුනුව කිව්වට හැමෝම දියුණුව කියන හන්දා මමත් කිව්වේ. )

Image Credit – blogfornoob.com

අලුත් ඩොමේන් එකක්!

මගේ තිබුන ඩොමේන් එක ගන්න බැරි වෙයි කියලා තමා මම හිතන්නේ. කව්රුහරි මේක කියවන යාලුවෙක් ඒක ගන්න විදිහක් දන්නවනම් කියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.

මම අලුතින් ඩොමේන් එකක් ගන්නවද කියලා කල්පනා කර කර ඉන්නේ http://www.dedunu.net හරි http://www.dedunu.info හරි ගන්න තමා අදහස නම්. මොනවා කරන්නද හැම තැනම දාලා තිබුන මගේ ඩොමෙන් එක මට නැති වුනානේ මගේ මෝඩ වැඩ හන්දා.

ඔයා‍ලගෙත් අදහසක් තියනවානම් කියල යන්න මට ඒක ලොකු උදව්වක්!!!

දැන් ඉතිං බ්ලොග් එකත් ඉවරයි

මගේ බ්ලොග් එකේ ඩොමේන් එකයි හොස්ටිං එකයි දෙකම එක්ස්පයර් වෙලා. ඉතින් මම ඒකේ ඩොමේන් එක විතරක් ඉල්ලුවා http://lkwebhosting.com/ එකෙන්. මේ කම්පැනිය ඉස්සර අයිතිකාරයෝ නෙමේ කරන්නේ. ඇත්තටම දැන් ඉන්න අය කස්ටමර්ලට පරන අයට ඕනේනම් ඉදපං නැත්තම් පලයං කියලා කියන්නේ. මට ඉස්සර හිටපු අය ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නම් කිව්වා මගේ ෆයිල්ස් මගේ ලයිෆ්ටයිම් එකට ඒත් දැන් ඉන්න අය එක කරන්න බැලු. මටත් දුක හිතුනා. මම කිව්වා මට ඕනේ නැ කියලා. මම ඩොමේන් එක ට්‍රාන්ස්ෆර් කරගන්න ඉල්ලුවා. එහෙම එකකුත් නැලු එයාලගේ. ඉතිං මගේ ඩේටා ඔක්කොම නැති වුනා කරන්න දෙයක් නැ හිත හදාගන්න තමා තියෙන්නේ. ඩේටා දෙන්නෙත් නැලු. මගේ වැරැද්ද මට මගේ වර්ඩ්ජ‍‍ප්‍රෙස් ඩේටාබේස් එක බැක්අප් කරගන්න බැරි වුනා. කමක් නැ.