IT ලෝකයේ මම

මට BIT විභාගේ ඉවර වුනා විතරයි මෙන්න හෝගාලා උචස් පෙල විභාගේ ඇවා ඉතින් බ්ලොග් කණුවක් දාගන්නවත් විදිහක් නැතුව හිටපු මට මේ පොඩි කාලෙට සෑහෙන විපරියාස ටිකක් වුනා. පලවෙනිම දේ තමා මම මේ බ්ලොග් පෝස්ට් එක ලියන්න හේතුවු‍නේ බුකිය. බුකියේ කට්ටිය හෝ ගාලා අදාල නැති පොටෝ අදාල නැති අයට ටැග් කරනවා. වැඩක් නැති අය එක්ක චැ‍ට් කරන්න හදලා චොර වෙලා ඒ අයට බනිනවා.

හැබැයි ඒකේ දෙපැත්තක් තියනවා. ඇඩ් කරගන්න ඕනේ යාලුවෙක් ඇඩ් දාන්න නෙමේ. ඒත් දැන් බුකියේ ඇඩ් කරන හැමෝම එක්ක චැට් කරන්න ඕනේ කියලා නිතියක් තියනවා වගේ කට්ටිය කෑගහන්නේ. කොහොමත් බුකිය ගැන කතා කොරලා වැඩක් නෑ.

ඉතින් මේ ‍සැප්තැම්බර් මාසේ ඉවර වෙද්දි මගේ ලෝකේට ඉතා වැදගත් අවස්ථා දෙකක් එනවා. ඒ තමා විෂුවල් ස්ටුඩියෝ 2012 සහ වින්ඩෝස් සර්වර් 2012 දෙකම රිලීස් වෙනවා. මම දැනට දාන වැඩ කිඩ ඔක්කෝම ප්‍රැක්ටිස් වෙන්නේ වින්ඩෝස් සර්වර් 2008 ආර් 2 එකේ. ඉතින් මට මේක දැකපු වෙලේ ඉදන් සතුට කියලා නිම කරන්න බෑ.

ඒ අස්සේ SharePoint 2013 බිටා එක රිලීස් වුනා. ඇත්තටම SharePoint 2013 එකේ කියන්න වරදක් මට තාම නෑ. ඒත් ඒකේ හාඩ්වෙයාර් රික්වයර්මන්ට්ස් තව අඩු වුනානම් හොදයි කියලා හිතෙනවා. ඔෆිස් 2013 වල වුනත් ලොකු වරදක් නැ. හැබැයි මට ලොකුවටම දැනුන වෙනස තමා Word 2013 වල Page Rendering උපරිමයි කියන එක. ලිනක්ස් වල තියන රෙන්ඩරින් ස්පීඩ් එක කොලිට්ය ඒවගේම තියනවා. හැබැයි මම ‍මේක කිව්වයි කියලා ලිනක්ස් උදවිය රන්ඩු සරුවල් වෙන්න එහෙම එපා මාත් එක්ක.

මගේ යාලුවා හසිතයට වැද‍ගත් වෙන්න තාමා සර්වර් 2012 රිලීස් වෙන්නේ ඇත්තටම Hyper-V නවතම සංස්කරණය ඒකත් ඒක්ක ඒනවා. ඒක ගොඩක් හිට් වෙයි කියලා හිතනවා හැමෝම. මොකද වර්චුවල් නෙට්වර්කිං වලට වැඩි බරක් දීලා තියනවා අලුත් Hyper-V එකේ මට දැනුන විදිහට.

ඔෆිස් 2013

වින්ඩෝස් 8 හා වින්ඩෝස් සර්වර් 8 එක්කම විෂුවල් ස්ටුඩියෝ 11 රිලීස් වුනත්. මම අසාවෙන් බලාගෙන හිටපු බීටා රිලීස් එක ගැන දැනගන්න ලැබුනේ අද. මම කාලෙකින් බ්ලොග් එකක් ලිව්වෙත් නැති නිසාවෙන් මට හිතුනා මේගැන ටිකක් ලියන්න. ඇත්තටම මම ආසාවෙන් බලාගෙන හිටපු රිලීස් එක තමා SharePoint 2013 ඇත්තටම මයික්‍රොසොෆ්ට් සමාගම මේපාර තරමක වෙනසක් කරන්න යනවා එයාලගේ මෙට්රෝ UI එකත් එකක්.

Metro UI එකට පක්ෂව සහ අපක්ෂව අදහස් හැමෝම වගේ ඉදිරි පත් කරවනවා කොහොම වුනත් මගේ අදහස නම් ‍ඕනම යුසර් කෙනෙක් මොන Platform එකෙන් move වුනත් එයාගේ User Experience එකට බාධාවක්‍ නොවෙන එක හොදයි කියලා. එකෙන් වෙන්නේ යුසර් ට්‍රේනින් අඩුවෙනවා. ඒවගේම යුසර් කන්ෆ්ලික්ට් වෙන එකත් නතර වෙනවා.
ඇත්තටම මේ අලුත් බීටා රිලිස් සමග එන දැවැන්තයෙක් තමයි ඔෆිස් 2013. මේ ගැන ලිපියක් ඊලග මාසේ පරිගණක සඟරාවේ තියෙයි. ඒත් මම හිතන්නේ මේ ඔ‍ෆිස් සංස්කරනයේ නවතම අංග උපාංග වලට වැඩිය පහසුව ගැන සලකලා බලලා තියනවා කියලා. ඒවගේම තමයි මේ මගින් ග්‍රැපික්ස් වලට අනවශ්‍ය ලෙස ‍වියදම් වන සම්පත් ඉතිරි කරගන්න උත්සහ කරලා තියනවා. ග්‍රේඩ්යන්ට්ස් එම්බස් වගේ දේවල් අයින් කරලා සිම්පල් ග්‍රැපික්ස් යුස් කරලා තියන බව පේනවා. ඇත්තටම මයික්‍රොසොෆ්ට් සයිට් එකත් එක්ක සමාන පෙනුමක් මේවට තියනවා.

SharePoint 2013 වල හාඩ්වෙයා රික්වයර්මන්ට්ස් නම් බලාපොරොත්තු වුනාට වඩා වැඩි. ඔයාලත් ට්‍රයි කරලා බලන්න ඩව්න්ලෝඩ් කරගෙන.

Windows 8
http://windows.microsoft.com/en-US/windows-8/download/

SharePoint 2013
http://technet.microsoft.com/en-us/evalcenter/hh973397.aspx

Office 2013
http://technet.microsoft.com/en-US/evalcenter/hh973391.aspx?wt.mc_id=TEC_114_1_5

Microsoft Visual Studio LightSwitch

ගොඩක් වෙලාවට සොෆ්ට්වෙයාර් ඩිවලොපර් ලව අරගන්නේ පෞද්ගලික ආයතන වල ඩේටාබේස් සම්බන්ධ ඩිවලොප්මන්ට් වලටමයි. ඉතින් සමහර විට ගොඩක් ප්‍රොජෙක්ට් එක වගේමයි. හැමදාම එකම එන්ටර් කරන ෆෝර්ම් එක හදලා එක එක විදිහට ඩිවලොප් කරන එක තමා කරන්නේ. ‍ඇත්තටම මේක අපරාධයක්නේ. දක්ෂ ක්‍රමලේක ‍ශිල්පියෝ හැමදාම ඩේටා එන්ටර් කරන ෆෝම් වලට හිර කරලා තියන එක.

මේකට මයික්‍රෝසොෆ්ට් සමාගමෙන් දෙන අලුත්ම විසදුම තමා මේ. Microsoft Visual Studio LightSwitch 2011. ඇත්තටම මේකේ එන්ටිටි ඩිසයිනර් එකක් තියනවා ඒකෙන් අපිට ‍අලුත් ඩේටාබේස් එකක ස්ට්‍රක්චර් එක හදන ගමන්ම අලුතින් ඊට අවශ්‍ය ඩේටා මැනිපුලේටින් ඩ‍යලොග් ටික හදාගන්න පුලුවන්. ඒවගේම දැනට හදලා තියන ඩේටාබේස් එකක් සම්බන්ධයෙන් වුනත් smooth වැඩ කරන්න පුලුවන්. මේක සිල්වර්ලයිට් තාක්ෂනය තමා මේ ‍ෆෝම් ජෙනරේට් කරන්න පාවිච්චි කරන්නේ. මේ ෆෝම් වලට ස්ක්‍රීන් කියලා තමා ලයිට් ස්විච් වල කියන්නේ.

 මේක මෙගාබයි 570ක් විතර වෙන්නේ ඩව්න්ලෝඩ් කරලා, ට්‍රයි කරලා බලන්න. මම තව විස්තර ලියන්නම්. ඒවගේමයි මට කියන්න අමතක වුනා ටේබල්ස් වල ‍රිලේෂන්ෂිප් වුනත් අපිට පාවිච්චි කරන්න පුලුවන් මේකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව ස්ක්‍රීන් ටික ජෙනරේට් කරලා දෙනවා. Input validation වුනත් ගොඩක් ලේසි. මේක ව්‍යාපාරම සෘජුවම ඉලක්ක කරලා හදපු නිෂ්පාදනයක්. ගොඩක් සාර්ථක වෙයි කියලා මම හිතනවා.

IE බලෙන්ම ඒයි බලාගෙන

IE කියන්නේ වැඩියෙන්ම බැනුම් අහන බ්‍රව්සරයනේ එකෙ දෙකක් නැ. හොදම බැනුම් ඇසිමේ බ්‍රව්සරය තමා IE. කවදාවත් ෆයර්ෆොක්ස් වලටවත් Chrome වලටවත් ඒ තැන ගන්නවා තියා හිතන්නවත් බැ. ඉතින් මේවායින් IE6 කියන්නේ ලොකේම 8% විතර පාවිච්චි කරන බ්‍රව්සර් වර්ෂන් එකක්. ගොඩක් ලොකු අඩවි මේ බ්‍රව්සරයට සහය දක්වන්නේ නැ. ගුගල් හා වර්ඩ්ප්‍රෙස් ප්‍රධානයි. ඉතින් මයික්‍රොසොෆ්ට් එකෙන් කොච්චර කිව්වත් තාම මේ බ්‍රව්සරයෙන් අලුත් වර්ෂන්වලට මාරු නොවුන පිරිසක් ඉන්නවා. ඉතින් මයික්‍රොසොෆ්ට් සමාගම බලෙන්ම ඔටෝඅප්ඩේට් ඔන් කරලා තියන අයට අලුත් සංස්කරණ ඉන්ස්ටෝල් කරන්න යි හිතාගෙන ඉන්නේ. ඇත්තටම තාම මේ බ්‍රව්සරය පාවිච්චි කරනවා ඇත්තේ ගොඩක් දෙනා කම්මැලි කම‍ට වෙන්න ඕනේ. නැත්නම් අප්ඩේට් ඕන් කරන්නේ නැතුව ඉන්න අය වෙන්න ඕනේ. එහෙමත් නැත්තම් හොරට වින්ඩෝස් පාව්චි කරන හන්දා අප්ඩේට් ඕෆ් කරලා තියන අය වෙන්න ‍ඕනේ.

ලංකාවේ නම් වැඩියෙන්ම තාම පාවිච්චි කරන්නේ ගිනි නරියා තමා. ලංකාවේ අයට තියන හොදම බ්‍රව්සර් දෙක ක්රෝම් එකයි ෆයර්ෆොක්ස් එකයි. ඊලගට තමා IE. කවදාහරි දවසක Chrome පලවෙනියා වෙයි. ඒත් මම පාවිච්චි කරපු හොදම බ්‍රව්සර් එක නම් ෆයර්ෆොක්ස්. හොදම ශිෂ්‍යාම නෙමේ හැමතිස්සෙම පලවෙනියා වෙන්නේ. ‍ක්රෝම් වල සාර්ථකත්වය පිටිපස්සේ ‍ඉන්නේ තියන ලොකුම දේ තමා, මේක ගුගල් වලින් හදන එක. ඉක්මන් පාවිච්චියට ලේසි විම. ඒත් රැම් යුසේජ් එකෙනම් වෙනසක් නැ. බොරුවට අඩුයි කියලා පෙන්නුවට ෆයර්ෆොක්ස් වලටත් වැඩිය වෙලාවකට කන්සියුම් කරනවා මෙමරි. මොනවා වුනත් ලොකේ හොදම වෙනසක් කරපු බ්‍රව්සර් ටික, දැනට ලෝකේ වැඩියෙන්ම පාවිච්චි වෙන බ්‍රව්සර් 3 අතරෙ තියනවා.

Android phone එකක්ද තියෙන්නේ Windows Phone එකක් ඕනෙද?

මම අද winrumours එකේ දැක්කා මයික්‍රොසොෆ්ට් සමාගම නොමිලේ වින්ඩොස් ෆොන් දෙන්න තීරණය කරලා තියනවලු ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියන ඒවා ඉන්ෆෙක්ට් වෙච්ච අයට. ඇත්තටම බලන්න දැන් ව්‍යාපාර කොච්චර නිහතමානීද කියලා. නිකං ෆෝන් දෙන්න තරම් පරිත්‍යාගශිලි වෙලා. ආහ් මට වැරදුනා ඒකට කියන්නේ නිහතමානී කියලා නේමේ පරිත්‍යාගශිලි කියලා. ඉතින් මේ අය ඇන්ඩ්‍රොයිඩ් වලට මඩ ගහන්න හිතාගෙන මේක කරනවා කියලා මම නම් හිතන්නේ නැ. කොහොම වුනත් මේක තරගයක්.

Share your android malware story (there’s lots going around) and you could win a #windowsphone upgrade.

මයික්‍රොසොෆ්ට් එකේ මහත්තයෙක් මෙහෙම ටිවිට් එකක් සදුදා දාලාතියනවා. ඇන්ඩ්‍රොයිඩ් ඇප් මාර්කැට් ඒකේ හරියට මැල්වෙයා තියනවයි කියන්නේ. ඉතින් මේවා ඇත්තම ඇප් වගේලු. කොහොම වුනත් දැන් හෙන තරඟයක් තමා මේ මෙහෙයුම් පද්ධති දෙක අතරෙ තියෙන්නේ. ඒවුනාට මම දැක්කා වින්ඩෝස් ෆෝන් වලට ඇප් 45,000 පනිද්දි iOS එකේ ඇප් 500,000ක්ලු. ඇන්ඩ්‍රොයිඩ් මාර්කට් එකේ නම් 300,000ක් තියනවා. මට ඉතින් ඇන්ඩ්‍රොයිඩ් ඇත්තෙත් නැ. වින්ඩෝස් පෝන් ඇත්තෙත් නැ‍

Microsoft codename "Roslyn"

මෙන්න මේපාර මම කියන්න යන්නේ ජොසපින් ගැන නෙමේ රොස්ලින් ගැන. අපි ඕක රොසලින් කියමුකෝ. මේක ඇත්තටම අලුත් දෙයක්. මේකෙන් මයික්‍රොසොෆ්ට් එකෙන් දෙන C# හා Visual Basic භාෂාවල් වල compiler එක (අනේ කම්පයිලර් එකට කියන හරි සිංහල නමක් නම් මම දන්නේ නැ. මම දන්න කාලේ ඉදලා කම්පයිලර් එකට කමිපයිලර් එකමයි සිංහලෙන් කියන්නේ.) ඒ භාෂාවලම  API එකක් විදිහට ඉදිරිපත් කරන ව්‍යාපෘතියක්.

ඇත්තටම මෙයාලා කියන්නේ කම්පයිලර් එක Service එකක් වෙනවා කියලා. ඉතින් එතකොට අපිට පුලුවන් කමාන්ඩ් ලයින් එකට සීමාවෙලා තියෙන කම්පයිලර් එක තේරුම් ගන්න. ඇත්තටම කම්පයිලරයේ ක්‍රියාකාරිත්වය එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්. එතකොට run time එකේදිත් කොඩ් එකක් කම්පයිල් කරන්න පුලුවන්. මේක ඇත්තටම නියම වැඩක්. මටත් මේහෙම එකක අවශ්‍යතාවයක් ආවා ඒක දවසක් විෂුවල් බේසික් 6 පාවිච්චි කරද්දි.

Visual Studio 2012 වෙනකන් මේක එලියට දාන්නේ නැ කියලා තමා අන්‍ඕෆිෂියල් නිව්ස් ලයින් කියන්නේ. දැනට පොඩි issues  ‍ටිකක් තියනවලු. කොහොම වුනත් මේක ඊලග පරම්පරාවේ භාෂාවක් වෙන්න යන්නේ. ඇත්තටම මේක ගොඩක් හොදයි. ගොඩක් අලුත්‍ දේවල් කරන්න පුලුවන් වෙයි ඉස්සරහට මේ භාෂාවල් එක්ක.

දැනට මේක දාගන්න පුලුවන් විෂුවල් ස්ටුඩියෝ 2010 SP1 එක්ක විතරයි.

මෙතනින් බාගන්න පුලුවන් මේ රොසලින්ව.
http://www.microsoft.com/download/en/details.aspx?id=27746

මේක ගැන කියවලා බලන්න
http://msdn.microsoft.com/en-gb/hh500769
http://en.wikipedia.org/wiki/Microsoft_codename_%22Roslyn%22

ජනප්‍රියම Programming Language ‍ටික

TIOBE එකෙන් තමා මේ පිලිවෙල සකස් කරලා තියෙන්නේ. මේක ලැයිස්තුව හදන්නේ ගුගල් යාහු යුටියුබ් එම්එස්එන් විකිපිඩියා වල සර්ච් විශ්ලේෂනය කරලා තමා. ඇත්තටම මේකෙන් කියවෙන්නේ නැ හොදම පරිඝනක භාෂා ටික තමයි මේවා කියලා. එකෙන් කියන්නේ වැඩියෙන්ම භාවිතා වෙන භාෂා මේවා කියලා කියන එක තමා කියන්න‍ පුලුවන්. හැබැයි ඉතින් වැඩියෙන් භාවිතා වෙන්නේ ගොඩක් වෙලාවට හොද ඒවා තමයි. Java, C, C++ තමා පිලිවෙලින් මුල් තුන්දෙනා මුල් තුන්දෙනා වෙනස් වෙලානම් නැ. C# වලට 5 වෙනි ස්ථානයෙන් 4 වෙනි ස්ථානයට එන්න පුලුවන් වෙලා තියනවා. ඔබ්ජෙක්ටිව් C වලට පුලුවන් වෙලා තියනවා 8 වෙනි ස්ථානයේ ඉදලා 5වෙනි ස්ථානයට එන්න. හැබැයි අපේ ලංකාවේ වැඩි දෙනෙක් දන්න විෂුවල් බේසික් තමුන්ගේ 7 වෙනි ස්ථානය රැකගෙන තියනවා. C ජනප්‍රියතාවය වැඩි කරගන්න අතරේ Java වල ජනප්‍රියතාවය බොහොම පොඩ්ඩක් අඩුවෙලා තියනවා. මට නම් හිතෙන්නේ ජාවා විනාස කරොත් විනාස කරන්නේ ඔරැකල් එකෙන් තමා. ඒත් ජාවා වල ලයිට් වෙයිට් ගතියත් extendability එකත් වැඩි හන්දා ජාවා එක්ක සටන් කරන්න අනික් ‍ඒවට අමාරුයි. ඒත් ඉතින් භාෂාවක් හැටියට C වලට තියන බලය අනික් ඒවට නැ කියලා තමා මම හිතන්නේ.

මේ පින්තුරේ ගත්තේ විකිපිඩියා එකෙන්.  2010 මැද වෙනකොට C# බොහොම පල්ලෙහායින් තිබිලා තියෙන්නේ. ඒත් දෙසැම්බර් මාසයේ C# වලට නත්තල් උදා වෙලා.