Hack කලානේ මාව

මගේ බ්ලොග් එක දැන් දවස් දෙකකට විතර උඩදි හැක් කලානේ. හැක්  කලා කියන්නේ මම බ්ලොගර් තමා පාවිච්චි කලේ. ඉතින් මගේ බ්ලොග් එක මකලා ඒකේ ඩොමේන් එක වෙන කෙනෙක් පාවිච්චි කරන්න අරගෙන තිබුනා. හෙල හැකර් ද මොකද්ද කියලා තමා තිබුනේ. ඉතින් මමත් ගුගල් එකට පැමිනිලි කොලා. පැමිනිලි කරලා ඉවර වෙලා මම අලුතෙන් බ්ලොග් එක පටන්ගන්න තැන් හොය හොයා හිටියේ. මගේ ඩොමේන් එක වෙනතැනකින් ගත්ත හන්දා ඩොමේන් එකේ ඇක්සස් මගේ අතේ තිබුනේ. මට හරි සන්තෝසයි. හොරාට( හැකර්ට ) ‍ඕනේ වුනේ මාව කේන්ති ගස්සන්න වෙන්න ඇති. ඒත් මොකද මම දැන ගත්තා බ්ලොගර් එක කස්‍ටම් ඩොමේන් එක්ක පාවිච්චි කරන්න එච්චර පරිසම් නැති වැඩක් කියලා. ‍

මොකද ඩොමේන් එක add කරද්දි අපේ ඩොමේන් එකද කියලා කන්ෆර්ම් කරන්නේ නැ. අපි මැප් කරපු ගමන් වෙන කෙනෙක්ට පුලුවන් අපේ ඩොමේන් එක පාවිච්චි කරන්න. ඒක හන්දම තමා මට ‍මේක මීට කලින් බ්ලොගර් වල පාවිච්චි කරන්න බැරි වුනේ. හැබැයි මට ආපහු බ්ලොග් එක ලැබුනා. ඒකත් මම කියන්න ඕනේනේ. මම හැකර්ට ස්තුති වන්ත වෙනවා මාව දිරිමත් කිරිම ගැන. මොකද මට ඊට වඩා සිකිරිටි පාවිච්චි කරන්න ‍වුනානේ. ඇත්තටම වර්ඩ්ප්‍රෙස් හොදයි කියලා මම මේකට ගෙවලා මගේ ඩොමේන් එක ඇඩ් කලා.

බැක්

නැවතත් මගේ පරණ වැඩ වලට ඇවිත් ඉන්නේ. මම කාලෙන් කාලේට එක එක දේවල් කලාට. මොනවා කලත් අන්තිමට ඉවර වෙන්නේ ඩිවලොපින් වලින්. මගේ හිතේ දුක තිබුනත් සමහර දේවල් වලට මම ඉතින් මගේ කම්පුටර් ජිවිතයෙන් අයින් කරන්න ඉතින් කාටවත් බැ. මේවා නැති වෙන්න ඉතින් මම මැරෙන්නම ඕ‍නේ.

මම ටිකක් ඩිවලොපින් කිව්වම ඔපන් ‍සොස් එවට වඩා පාවිච්චි කරන්නේ ඉතින් ‍ක්ලොස්ඩ්‍ සොස් තමා. C# තමා මම ආසම ලැන්‍ග්වෙජ් එක දැන්. මොනවා කලත් මට‍ ලොකු ආසාවක් තියනවා ලොකු ඩිවලොපින් ටීම් එකක වැඩ කරන්න. ඒවා ඉතින් හීන වගේ තමා. බලමුකො මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. මේ රිසාල්ට් ඉක්මනට ආවනම් කොච්චර හොදද‍. එහෙනම් මෙලහට මම බය නැනේ.

දැන් ඉතින් බය ටිකක් තියනවා. A/L කරපු ඕනම පරානයකට පණ නැති වුනත් රිසාල්ට් කිව්වම ඇග පණ නැති වෙන ගතියක් තියනවා නේ. මේවා ඉතින් අපි වගේ පිස්සු කෙලිමෙන් ස්වායක්ත උදව්යට අදාල නම් නැ. ඉතින් කොහොම හරි රිසාල්ට් ඉක්මනින් ලැබෙනවානම් තමා සන්තෝස

වටිනවා

අපිට ගොඩක් දේවල් නැති වුනාමනේ වටිනවා කියන්නේ. මම තියෙද්දි වටිනාකම වැඩි කරගන්න ගිහින් නැති කරගත්තා. හරියට ජිවිතෙත් සුදුවක් වගේ තමා. අහඹුයි. ඒත් මම හිතපු විදිහට හැමදේම වුනා. වටිනාකමත් වැඩි වුනා. ඒත් මට ඕනේ වුන විදිහට කටවහගෙන ඉන්න බැරි වුනා. මම හැමදාම මගේ හිතට එකගව සතුටු වුනත්. මගේ හදවතට එකගව අඩනවා.

මම මහ මෝඩයෙක්. ඒක නම් මම වැරදි තිරණ ගත්තා කියලා දැන ගත්ත දවසේ ඉදලා දන්නේ. ඒවගේම මම මගේ හිත කියන විදිහට වීරයෙක්. ඒක මම ‍දන්නවා. මට ඒක කියාගන්න බැ. මම වටිනවා. ඔයාට ඒක තේරෙන්නේ නැ.

මම එයාට වටින්නේ නැ කියලා එයා දන්නේ නැ. එයා හිතන්නේ මම වැරදි කාරයෙක් කියලා. සමාවෙන්න

මම දැන් BIT කරනෝ

මම අද ගම්පහ Esoft එකට ගිහින් රෙජිස්ටර් වුනා BIT කොරන්න කියලා. ඉතින් මට මම IDM යනකාලේ උගන්නපු සර්ම තමා ඉතින් ගම්පහ බ්‍රාන්ච් එකේ හෙඩ්. සර් මට ගොඩක් ලොකු උදව්වක් කලා. මම ඒකට සර්ට ගොඩක් ස්තුති වන්ත වෙනවා.

මම අද ටිකක් සන්තෝසෙන් ඉන්නේ ඒ ගැන. මම පටන් ගත්ත එක කෝස් එකක්වත් මම ඉවර කරලා නැ. මම BTEC පටන් ගත්තා ඒක ඉවර කලෙත් නැ. තව ගොඩක් කෝස් කරන්න ගත්තා ඒත් ඉවර කලේ නැ. හැබැයි ඒවගේ මම මේක නම් අත අරින්න ලැස්ති නැ. මම කොහොම හරි මේකෙන් දාන්න පුලුවන් උපරිම රිසාල්ට් දාන්න තමා හිතන් ඉන්නේ.

මම ආපහු සැරයක් සර්ට ස්තුතිවන්ත වෙනවා මට මේ උදව්ව කලාට.

මම දැන් දහම් පාසල් යනවනේ

මම ඉතින් දහම් පාසල් යනවා කියලා කියන්න බැරි වුනානේ. ඉස්සරත් දහම් පාසල් ගියා හැබැයි ඒ ලමයෙක් විදහට. දැන් දෙන්න බලන්න විසිල් එකක්, දැන් මම යන්නේ සර් කෙනෙක් වෙලා. අප්පේ ආඩම්බරේ බැරුවා.

මොනවා කරන්නද? දහම් පාසල් වල කව්රුත් උගන්නන් වැඩි‍ය එන‍්නේ නැනේ. මොකද එයාලගේ වැඩ හන්දා. ඒක තමා මම වගේ එකෙකුට දහම් පාසල් ගුරුවරයෙකු විමේ වරම් ලැබෙන්න ප්‍රධානම හේතුව. කොහොම වුනත් මම අදුරන හැමෝටම මම දහම් පාසල් සර් කෙනෙක් කියන්න තමා මම මේක ලිව්වේ හරිය? ඉතින් හැමෝම දැනගන්නවා හොදයි

අනේ දෙයියනේ අද මම හිටියේ බාලාංශ පන්තියක පොඩිම ලමයි එක්කලා. අප්පොච්චියේ මගේ ජිවිතේ අමාරුවෙන් උගන්නපු දවසක් නම් මේවගේ තියන එකක් නැ. හරිම අමාරුවෙන් තමා ඉගැන්නුවේ. ගොඩක්‍ ලොකු ඉවසිමක් ‍ඕනේ වැඩක් තමා ඒකනම් මමත් අත ඇරියේ නැ. එකම පන්තියට ගුරුවරු 3ක් උගන්නලත් අමාරුවෙන් තමා කරන්න ඕනේ. මොකද කේන්ති ගන්නත් බැනේ පොඩි ලමයිනේ. අනික කියන දෙයක් තේරෙන්නෙත් නැනේ. (ඔහොම කිව්වට දැන් ඉන්න පොඩි වුන්ට තේරේන තරම් අපිට තේරෙන්නෙත් නැ.)

ජිවිතේ ඔහේ යනවා

මම මේ දවස් වල එක එක දේවල් ගැන හොයනවා. කියවනවා. ඉගෙනගන්නවා. ඇත්තටම උසස් පෙල කරනකොට මහන්සි වුනාට වඩා මම නොදැනුවත් වම වෙනදේවල් ‍ඉගෙන ගන්න මහන්සි වෙනවා. ඊබුක් ගන්නවා. එක විකාරයක් වෙලා තියෙන්නේ.

හෙනට ඩව්න්ලෝඩ් කරනවා.ඒ අස්සේ ෆිල්ම් බලනවා. උපෙ කරද්දි මග ඇරුනු ෆිල්ම් බානවා. ඩිවලොපින් ප්‍රොජෙක්ට් දෙකක් කරනවා. දැන් මට බ්ලොග් ලියන්නවත් වෙලාවක් නැ. අනේ මන්දා. මම හොදට ලියනවා කියලා හිතාගෙන හිටියේ ඒත් දැන් ඉස්සර තරම් වත් ලියවෙන්නේ නැනේ.

ඔක්කෝම සැලසුම් කරගන්න ඕනේ.

අපිත් උයාගෙන කෑවා

අපි ඉල්ලගෙන ඇදගෙන නාගෙන කෑවට කවදාවත් උයාගෙන කාලා නෑ. ස්කෝලේ යන්‍නේ නැති හන්දා දැන් ඉතින් ස්කෝලේ සෙට් එක හම්බෙන්නෙත් නෑ. අපේ ගනන් පන්තියේ ඇයෝ තමා මේ දවස්වල ආස්සරේ. මගේ පරණම ගජයෝ දෙන්නෙකුත් ඉන්නවා ඒ අතරේ. ඒ බුලුවයි හසියයි. කොහොම හරි ලැටා, පීටාදිපති, ලොක්කා ඔය ඔක්කෝම එකගොඩේ තමයි. අපි දවස් දෙක තුනක්ම අපේ සර්ගෙ ගෙදර පාඩම් කොරන්න ගියා. ඒ ගිහින් තේ හදාගෙන බීලා හැමෝම උදේට ගෙදර ගියා. හැබැයි මේ පාර කට්ටිය ආවේ දවස් 3ක් ඉදලා යන්නමයි. ඉතින් ඇදුම් බුරුසු තුවා අරන් ඇවිත් කට්ටිය එක දවසක් රෑ හිටියා.

පහුවදා උදේ ලග වත්ත කින් පොල් කඩන් ඇවිත් දෙහිත් ගෙනත් කඩෙන් ඉතුරු අඩුම කුඩුම අරන් උයන්න ගත්තා. හසියා පරිප්පුවත් බුලුවා සම්බෝලයත් ලොක්කා ඔම්ලට් එකත් බත් එක ආඩි හත්දෙනත් බාර ගත්තා. ‍‍‍

බත් එක බාගයක් හැදිගෙන එද්දි කරන්ට් එක ගියා. රයිස් කුකර් ‍එකෙන් අරගෙන විජහට පිරිතක් කියලා ලිපෙන් තිබ්බා.

කොහොම හරි අන්තිමේ හසියා ආසි‍යාවෙවත් නැති කොලඔ වගේ පරිප්පුවක් හැදුවා. පොල් සම්බෝලේ සිනි දාලා ගත්තොත් දොඩම් පානයක් වගේ වෙන්න බුලුවා පිලියෙල කලා. තව ඉතින් පපඩම් හදලා බිත්තර රයිස් එකක් ගැහුවා. ආයි කතා දෙකක් නෑ සිරා පාර. කට්ටියම එකතු‍ වෙලා කන්න ගත්තා. සර්ටත් අයින් කරලා ගෙදර වැඩ වලට සර්ගේ අම්මත් ඇවිත් හි‍‍ටියා ඒ නැන්දාටත් කතා කරා “අනේ එපා” කිව්වා. (අපි උයනවා දැක්කනේ)

ඊ‍ට පස්සේ අපි කෑවා. සතියටයි හසියටයි අවුල් වුනාට වෙන කාටවත් ගෙගරුම් සහිත වැසි බලාපොරොත්තු වුනත් ලැබුනේ නෑ. අපි ඉතින් ඔහොමයි බත් ඉව්වේ.