බ්ලොගර් නෙමේද? Followersලා නැතිවෙන්න යන්නේ!

ගුගල් එකෙන් සේවාවන් ගොඩක් නවත්තන්න යන්නේ. ඉතින් ඒ අතරේ තියන ප්‍රඩක්ට්ස් ‍ගොඩක් වැඩකට නැති ඒවා කියන්න පුලුවන්. Google Bookmark List, Gears, Timeline Search, Knol, Wave වගේ ඒවා නවත්තනවලු. ඉතින් මේ අතරේ ලංකාවේ අයට හානි වෙන දේවල් නැ කියලා තමා මම හිතන්නේ. මොකච Knol ඇක්ටිව් යුසර්ලා කව්රුත් මම ලංකාවේ දැකලානම් නැ.

මේ අයින් කරන හැම ප්‍රඩක්ට් එකකටම වගේ ආදේශකයක් එයාලා සජෙස්ට් කරනවා. Gears වෙනුවට Chrome එකට එන GMAIL Offline ඇප් එක යුස් කරන්නලු. Knol අයට මයිග්‍රේට් වෙන්නලු wordpress.com එකට. Timeline Search වෙනුවට ගුගල් ට්‍රෙන්ඩ්ස් පාවිච්චි කරන්නලු.

ඉතින් මේ සේවාවල් එක්කලම Google Friend Connect ගෙදර යවන්නයි යන්නේ. ඒත් ගුගල් බ්ලොගර් වෙනුවෙන් සේවාව දිගටම සපයන්න තීරණය කරලා තියනවා. හැබැයි ඒත් සෙල්ෆ් හොස්ටඩ් අයට මේක නැති වෙන්න යන්නේ. ඒ අයට ගුගල්+ බැජස් පාවිච්චි කරන්නලු. ගුගල් බ්‍රැන්ඩ් පේජසුත් අනික් අයට ස‍ජෙස්ට් කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ ගුගල් එකෙන් පරිසරයට වෙන හානිය අඩු කරගන්නලු. ඇත්තටම මේ අලුත් ඉන්ටෆේස් වලිනුත් පුලුවන් තරම් සර්වර් එක පාවිච්චි වෙන එක අඩු කරලා තියනවා AJAX පාවිච්චි කරලා.

කොහොම වුනත් මේ සේවාවල් නැවැත්තුවට ලොකු හානියක් වෙන්නේ නැ. හැබැයි ඒත් සෙල්ෆ් හොස්ටඩ් බ්ලොගර්ස්ලට මේක පොඩ්ඩක් දැනෙයි. http://www.baiscopelk.com/ එකෙ ඉන්න ෆලෝවස්ලා ගොඩක් නැති වෙයි. අපරාදේ මම හිතන විදිහට ඒක වර්ඩ්ප්‍රෙස් සෙල්ෆ් හොස්ටඩ්. ඒවගේ ගොඩක් අඩවි වල ෆලෝවර්ස්ලා පෙන්නන එක නැති වෙයි. ඒත් කනගාටු වෙන්න දෙයක් නැ. හොද සයිට් වල කීර්ති නාමයටවත් ගුනාත්මක භාවයටවත් හානියක් වෙන්නේ නැනේ. ඒවගේම කියවන්න එන අය නැතිවෙන්නෙත් නැනේ.

මේක නිවේදනය කරන බ්ලොග් පෝස්ට් එකත් එක්කම ගුගල්ලා පරිසරයට හිතකාමිව සර්වර් කරගෙන යන්න දරන උත්සහය පෙන්නන්නත් එක්ක http://www.google.com/green/ ලින්ක් එක දාලා තිබුනා.

GMail අලුත් අතුරුමුහුනත

මම බැලුවේ ඇයි පරක්කු කියලා.  බ්ලොගර් ගුගල්+ වගේම අනික් හැම ප්‍රඩක්ට් එකකම අතුරු මුහුනත් එකම තේමාවකට ගෙනාවත් ඇයි ජිමේල් වලට නොගෙන ආවේ කියලා මම කල්පනා කලා. මම ඒ ගැන පෝස්ට් දෙකක් විතර ලියලත් තිබ්බා මතක හැටියට කලින් බ්ලොග් එක තියෙද්දි. ඇත්තටම මේ පෙනුම නව තාලයක ඇරඹුමක් කියලා මට හිතෙනවා. ඉස්සර වගේ ඒම්බෝස් වෙච්ච බටන් නෙමේ තියෙන්නේ ඕක්කොම ප්ලැට්. ඔයාලත් අප්ඩේට් කරලා බලන්න.

මුලින්ම අප්ඩේට් කලෙත් ජිමේල් සයිනින් පේජ් එක. ඒත් අන්තිමටම අලුත් යු අයි එක ආවෙත් ජිමේල් වලට

https://mail.google.com/mail/help/intl/en/newlook.html

බිලොගර් අලුත් අතුරු මුහුනත

මම දැන් ටික කාලෙක ඉදලා මේ බ්ලොගර් අතුරු මුහුනත පාවිච්චි කලා. ඇත්තටම මට තේරුන දේ තමයි මේ අලුත් අතුරු මුහුනත සිත් ගන්නා සුලුයි වගේම සරලයි කියන එක. එදා ඉදන්ම බ්ලොගර් ටිකක් සරලයි. හැබැයි වර්ඩ්ප්‍රෙස් වලට වඩා ටිකක් වැඩ කැලි අඩුයි.

ඉස්සර වගේ නෙමේ දැන් බ්ලොගර් එකෙන් favicon එකකුත් දාන්න දෙනවා. ඇත්තටම එන්න එන්නම බ්ලොගර් වල ගුණයන් වැඩිවෙනවා. ඒවගේම අපිට කැමති දේවල් ප්‍රකාශ කරන්න ලැබෙන අයිතියත් වටිනවා. නොමිලේ ඩොමේන් එකක් ඇඩ් කිරිමේ පහසු කමත් දෙනවා. මම හිතන්නේ හොස්ටිං එකව්න්ට් එකක් අරන් වර්ඩ්ප්‍රෙස් දාලා හොස්ට් කලාම ලැබෙන හැම පහසු කමක්ම ලැබෙන්නේ නැති වුනත්. මේක ටිකක් හොදයි කියලා. මොකද Availability එක වැඩි ගොඩක්. ප්‍රායෝගිකව බැලුවාම ලොකුම ලොකු සයිට් එකක් කරනවා නම් හොස්ට්ං එකක් ගතයුතුයි. නමුත් ‍පෞද්ගලික අඩවියක් පවත්වා ගෙන යන්න නම් මේක සැහෙන්න ඇති කියලා මම හිතනවා.

මගේ අත්දැකිම එක්ක මම‍ මේ ලිව්වේ හික්ස් 😉