Twitter එකේ ඔයලව Unfollow කරපු අය හොයාගන්න ඕනේද

මම ඉතින් ටිවිටර් එකේ මට තේරෙන්නේ නැති භාෂා වලිනුයි, මම ආසා නැති විෂයන් වල ටිව්ට් කරන අයව මම Unfollow කලා. ඉතින් ඔක්කෝම අන්ෆලෝ කරන්න හම්බුනේ නැ. ඉතින් මට @ පාරක් ගහලා තිබ්බා එක්කෙනෙක් @dedunumax unfollowed me කියලා. ඔයාලත් කැමති නම් ගිහින් බලන්න. යාලුවෝ නැති වෙනවානම් දැනගන්න කලින්ම.

http://fllwrs.com/

Google Offers සහ Twitter Stories

මගේ බ්ලොග් එකත් මගේ කැලැන්ඩර් එකත් මගේ කන්ටැක්ස් ටිකත් මගේ ලියකිව්ලිත් සයිට් එකත් මම දිලා තියෙන්නේ ගුගල් එකට. ඒවගේම නොමිලේ. මම මගේ බ්ලොග් එකේ ප්‍රචාරන කටයුතු වලට ගුගල්+ ටිව්ටර් ෆේස්බුක් පාවිච්චි කරනවා සින්ඩිකේටර් වලට අමතරව. හැබැයි මම මේතනදි අමතක නොකර කියන්න ‍ඕනේ දේ තමා සින්ඩිකේටර් තමා 95% පාඨකයෝ ගෙනල්ලා දෙන්නේ. නැත්තන් කියවන්න එන අයත් අඩුවෙනවා.

මේ අතරේ මම අන්තර්ජාලයේ පාවිච්චි කරන ‍සේවාවල් වලින් 2ක් ඇරෙන්න අනික් හැම එකක්ම අයිති ‍ගුගල්ලට. ගොඩක් අයත් ‍එහෙමයි. සමහරු යාහු ඉමේල් එකව්න් පාවිච්චි කලත් සර්ච් කරන්නේ ගුගල් වලින් ඇත්තටම ගුගල් හින්දාම ගෙනයන ව්‍යාපාරත් දැන් තියනවා. කොහොම හරි මම ගුගල් ඇප්ස් පාවිච්චි කරන්නත් ගත්තා.

මේ පින්තුරේ ගත්තේ marshable.com එකෙන්. මේ සේවාව දැනට ඉතින් ඇමරිකාවට විතරයි. ඇමරිකාවේත් සමහරක් පැති වලට විතරයි. ගුගල් එක හරහා ඇත්තටම ව්‍යාපාර වල දීමනා ප්‍රසිද්ධ කරනවා. ගොඩක් වෙනස් විදිහේ දිමනා මෙතනදි හම්බෙනවා. කැම වලට විනෝදාත්මක දේවල් වලට ඒවගේම තාක්ෂනික උපාංග වලට විවිධ ආකාරයේ දිමනා හම්බෙනවා. තව ටික කාලෙකින් ටිවි වල ඇඩ් දාන එකත් නැතිව යයිද දන්නේ නැ. මේක මම දැකලා දැන් ටික දවසක්. ඒවගේම නවතම දිමනා Subscribe කරන්නත් පුලුවන්. එතකොට email මාර්ගයෙන් ඒ දිමනා ගැන දැනගන්න ලැබෙනවා.

මම අද ටිවිටර් බ්ලොග් එකට ගියාම දැක්ක අන්තිම පොස්ට් එක ටිවිටර් ස්ටෝරිස් ගැන. මේ ගැන මම ටිකක් හොයලා බැලුවා. දැනට මේක ගැන ප්‍රසිද්ධ ‍බ්ලොග් වල ලියලා දවස් දෙකක් විතර වෙනවා. ඒත් මම කලින් දැනන් හි‍ටියෙම නැ. මේකේ තියෙන්නේ ටිවිටර් වලින් රටේ ‍ලෝකේ ඉන්න අය කරපු හපන් කම් ඒවගේම ව්‍යාපාර වලට ‍ටිවිටර් පාවිච්චි කරන හැටි ගැන තමා.

එක්කෙනෙක් එයාගේ අම්මගේ පොත් සාප්පුව බේරගත්ත හැටි, මාලු අල්ලන කෙනෙක් ගොඩට එන්න ඉස්සෙල්ලා එයාගේ මාලු ටිවිටර් හරහා විකුනන හැටි, ඒවගේම තමුන්ගේ ෆලොවර්ස්ලා 100කට විශේෂ දිමනා දිපු හැ‍ටි ඕවගේ දේවල් තමා. තව ටියුනිසියාවේ අරගලයෙදි ටිවිටර් පාවිච්චි කරපු හැ‍ටි.

එන්න එන්නම ලෝක‍ය වෙනස් වන හැටි තමා පේන්නේ. තව මොනවා‍ වෙයිද කියලා අපි බලමුකෝ!

http://www.google.com/offers – ගුගල් ඔෆර් මුල් පිටුව
http://stories.twitter.com/ – ටිවිටර් ස්ටෝරිස් මුල් පිටුව

පුදුමාකාර දවස්ටික

මේ දවස් වල හැමදාම වැඩ. ගොඩක් වැඩ කරනවා රෙස්ට් කරනවා. ඒ අතරේ දවස් ගානකින් බ්ලොග් එකක්වත් ලිව්වේ නෑ. ඉතින් දැන් මම මේ මගේ මේ දවස්ටික ගත වුනු හැටි ලියන්න යන්නේ. ඇත්තටම කාර්ය බහුල වුනත් හැම දවසකම මොනවා හරි ජොලි වැඩක් කරනවා. විභාගේට ලංවුනත් හිතේ බය තිබුනත් අපි තාම ජොලියෙන් ඉන්නවා. කව්රු හරි ඇහුවම බොරුවට බයයි කියනවා. ඇත්තටම විභාගෙට බය නෑ. අනාග‍තේට තමා බය. ඒවුනත් යමක් කමක් කරගන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.blue-bird

ඒ අස්සේ මගේ පරණ ටිවිටර් එකවුන්ට් එකේ මලකඩ කඩලා ගත්තා. ඒක ඇත්තටම ඇබ්බැහි වන සුලු දෙයක්. ඒවුනාට විනෝදයෙන් ගත කරන්න නම් මරු වැඩේ. ටිවිටර් වලින් මුලු ජිවිතේම ගත කරන අය ඉන්න අතරේ මම තාම අත දරුවෙක්. හැබැයි ඉතින් ටිවිටර් එකේ යාලුවො ඉන්න ‍ඕනේ ‍‍ජොලියක් තියෙන්න. මාත් එක්ක ෆිට් ටික දෙනෙක් ඉන්නවා. මරු සෙට් එක ඇත්තටම ජොලි. ඒ අයවත් මතක් නොකර බැ. එයාලා තමා @bkrishantha @AnjulaMalshan @wapnishantha @thameera @hasithakj. ඇත්තටම මේයාලට අමතරව තව අය ඉන්නවා. ඔක්කෝම සිරා.

අද වත්තල ගිහින් ඇදුම් අරගෙන ආර්පිකෝ එකේ වටයක් ගහලා මොලේ කරවෙලා ඉන්නේ. හොදයි එහෙනම් ආයි කාලේකින් බ්ලොග් ලියන්න ඕනේ.