ගුගල් පොත පෙරලීම

මෙන්න ඉතින් දැන් ගුගල් පෙරලන්න යන පොතක් ගැන කියන්න යන්නේ. ගුගල් බුක්ස් ගැන ඉතින් ගොඩක් අය දන්නවනේ. මම ඉතින් ඒ ගැන නෙමේ මේ කියන්න යන්නේ. මම කියන්න යන්නේ ගුගල් බුක්ස් වලට එකතු වුන අලුත් ෆීචර් එකක් ගැන. ඉතින් මේ අලුත් ෆීචර් එක ගොඩක් හොද එකක්. ඒ තමා ගුගල් ඊබුක්ස් Offline කියවන්න පහසුකම් සලසලා දීලා තියනවා. ඉතින් මේ ගුගල් ඊබුක්ස් Offline පහසුකම ලබා ගන්න නම් ඇප් එකක් පාවිච්චි කරන්න වෙනවා. මේක හරියට Gmail Offline වගේ තමා ඉතින් ගුගල් Offline ebooks පාව්ච්චි කරන්න ඕනේ ඇප් එකේ ලින්ක් එක තමා මේ.

https://chrome.google.com/webstore/detail/mmimngoggfoobjdlefbcabngfnmieonb

මේක ඉතින් ක්රෝම් වලට සීමා කරලා තියනවා. මොකද මේ ඇප් එක තියෙන්නේ ක්රෝම් වෙබ්ස්ටෝර් එකේ හන්දා.  ඒවගේම ඇන්ඩොයිඩ් සහ ඇපල් උපාංග වලටත් මේ පහසුකම තියනවා.

නොමිලේ තියන‍ පොත් මෙහෙම පාවිච්චි කරන්න පුලුවන්. අනික් ඒවට නම් ගෙවන්න වෙයි. ඉතින් http://support.google.com/books/bin/answer.py?hl=en&answer=1063705 වැඩි දුර සහය ගත්තැකි. මම කැමති පොත් හැම එකක්ම නොමිලේ කියවන්න තියනවට. ඒත් අවාසනාවට පොත් ලියන සමහර අයගේ රස්සාව හන්දා පොත් වලට මිලක් තියනවා. පොත් වල තියන දේවල් වල වටිනාකම බාල වෙනවා පොතට වටිනාකමක් දෙන එකෙන්. ඇත්තටම විකිපිඩියා වල පදනමත් ගොඩක් හොදයි. ඇඩ් එකක් වත් නොදා ඉන්න එක කොච්චර වටිනවද බොහොම ටික දෙනෙක් තමා ඒ වෙබ්සයිට් එක කරගෙන යන්නේ. ඇත්තටම විකිපීඩියා කියන්නේ කියලා නිමකරන්න බැරි මනුෂ්‍යත්ව ක්‍රියාවලියක්.

Advertisements

මේ දවස්වල ගුගල් නිව්ස්

මම ගුගල් ගැන ගොඩක් ලියනවා. මේ දවස්ටිකේ ගුගල් ගැන ලියන්නත් බැරි වුනා. ඇත්තටම අලුත් පෙනුමක් ගුගල් බුක්මාර්ක් වලට ලැබිලා තියනවා. පර්යේෂන මට්ටමේ තිබුන බුක්මාක් ලිස්ට් ඉවත් කරනවා කියලා ගුගල් එකෙන් කියලා තිබුනා.  හැබැයි මේ අලුත් පෙනුමට ගොඩක් අය ආසයි කියනවා. මම නම් මේ බුක්මාර්ක් මගේ බ්‍රව්සරයේවත් පාවිච්චි කරන්නේ නැ. ඇත්තටම ඒවගේම Google Web History එකත් එක්ක එකතු කරලා තියනවා මේ බුක්මාක් ලිස්ට් එක. ඒක නිසා අපිට ඒ අඩවියට යන්නේ නැතිව හිස්ට්‍රි එක බලලා එතනින්ම බුක්මාර්ක් කරගන්න පුලුවන්.

ඒවගේම මගේ හිත ගියා “Let it snow” සර්ච් රිසාල්ට් එකටත්. අපි හැමෝම දන්නවා මේවගේ දේවල් ගොඩක් තියනවා කියලා. ඒත් මේක මගෙ හිතට ගොඩක් ඇල්ලුවා. ඒකේ පොඩි කික් එකක් තියනවා.

ඒවගේම සැරසිලි ටිකත් මට හම්බුනා.

christmas“,“xmas” සර්ච් කලාම මේ රිසාල්ට් ලැබෙනවා.

Hanukkah කියලා සර්ච් කලාමත් ලස්සන සැරසිලි පේනවා.

IE බලෙන්ම ඒයි බලාගෙන

IE කියන්නේ වැඩියෙන්ම බැනුම් අහන බ්‍රව්සරයනේ එකෙ දෙකක් නැ. හොදම බැනුම් ඇසිමේ බ්‍රව්සරය තමා IE. කවදාවත් ෆයර්ෆොක්ස් වලටවත් Chrome වලටවත් ඒ තැන ගන්නවා තියා හිතන්නවත් බැ. ඉතින් මේවායින් IE6 කියන්නේ ලොකේම 8% විතර පාවිච්චි කරන බ්‍රව්සර් වර්ෂන් එකක්. ගොඩක් ලොකු අඩවි මේ බ්‍රව්සරයට සහය දක්වන්නේ නැ. ගුගල් හා වර්ඩ්ප්‍රෙස් ප්‍රධානයි. ඉතින් මයික්‍රොසොෆ්ට් එකෙන් කොච්චර කිව්වත් තාම මේ බ්‍රව්සරයෙන් අලුත් වර්ෂන්වලට මාරු නොවුන පිරිසක් ඉන්නවා. ඉතින් මයික්‍රොසොෆ්ට් සමාගම බලෙන්ම ඔටෝඅප්ඩේට් ඔන් කරලා තියන අයට අලුත් සංස්කරණ ඉන්ස්ටෝල් කරන්න යි හිතාගෙන ඉන්නේ. ඇත්තටම තාම මේ බ්‍රව්සරය පාවිච්චි කරනවා ඇත්තේ ගොඩක් දෙනා කම්මැලි කම‍ට වෙන්න ඕනේ. නැත්නම් අප්ඩේට් ඕන් කරන්නේ නැතුව ඉන්න අය වෙන්න ඕනේ. එහෙමත් නැත්තම් හොරට වින්ඩෝස් පාව්චි කරන හන්දා අප්ඩේට් ඕෆ් කරලා තියන අය වෙන්න ‍ඕනේ.

ලංකාවේ නම් වැඩියෙන්ම තාම පාවිච්චි කරන්නේ ගිනි නරියා තමා. ලංකාවේ අයට තියන හොදම බ්‍රව්සර් දෙක ක්රෝම් එකයි ෆයර්ෆොක්ස් එකයි. ඊලගට තමා IE. කවදාහරි දවසක Chrome පලවෙනියා වෙයි. ඒත් මම පාවිච්චි කරපු හොදම බ්‍රව්සර් එක නම් ෆයර්ෆොක්ස්. හොදම ශිෂ්‍යාම නෙමේ හැමතිස්සෙම පලවෙනියා වෙන්නේ. ‍ක්රෝම් වල සාර්ථකත්වය පිටිපස්සේ ‍ඉන්නේ තියන ලොකුම දේ තමා, මේක ගුගල් වලින් හදන එක. ඉක්මන් පාවිච්චියට ලේසි විම. ඒත් රැම් යුසේජ් එකෙනම් වෙනසක් නැ. බොරුවට අඩුයි කියලා පෙන්නුවට ෆයර්ෆොක්ස් වලටත් වැඩිය වෙලාවකට කන්සියුම් කරනවා මෙමරි. මොනවා වුනත් ලොකේ හොදම වෙනසක් කරපු බ්‍රව්සර් ටික, දැනට ලෝකේ වැඩියෙන්ම පාවිච්චි වෙන බ්‍රව්සර් 3 අතරෙ තියනවා.

Facebook ඉස්සර තිබ්බානං

ඉතිං මම දවස් කිහිපයකට පෙර තමයි මේ දැන් කියන්න යන සයිට් එක දැක්කේ. දැන් ඉන්න සමහරක් අයනම් ඉතින් වින්ඩෝස් 95, 98 දැකලාවත් නැනේ. ඉතින් දැන් කාලේ හැටියට බැලුවොත් ඒකාලේ තිබුනු පෙනුම වල් එච්චර ඇහැට සිනිදු නැ.

සමහර දේවල් ඇහැට ගඩොල් කැටෙන් ගහනවා වගේ. ඒවුනාට මම පොඩිකාලේ ඉතින් ඒවා එක්ක වැඩ කරන්න පුදුම ඇමෝනියාවක් තිබුනේ. ඉතින් ඒකාලේ තිබුන වෙබ් අඩවි නම් මම ගොඩක් දැකලා නැ. ඒත් ඒවත් එච්චරම තමා.

මේ පල්ලෙහා තියෙන්නේ ලොකේ ගොඩක් ප්‍රසිද්ධ අඩවි පටන් ගනිද්දි තිබුන ආකාරය. මම ඉතින් වැඩ්ඩා වගේ දැම්මට මම මේටික ගත්තේ මාෂබල් එකෙන්. ඒ වෙබ් අඩවියත් පටන් ගන්න ‍කොට පෙනුන ආකාරය ‍මේ පොටො ටිකේ තියනවා.

මේවා ලොකු කරලා බලන්න ක්ලික් කරන්න

 

 මම කියන්න ගියේ නම් මේවා ගැන නෙමේ ඒ කලා ව්‍යාපෘතියකින් Google+ Youtube Facebook 1997 තිබුනානම් කියලා ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි 1997 තිබුන විදිහෙම බැන්ඩ්විත් එකකින් තමා ලෝඩ් වෙන්නේ ගිහින් බලන්නකො.

http://1x-upon.com/

වන්ස් අපොන් තමා සයිට් එකේ නමත්.

ජනප්‍රියම Programming Language ‍ටික

TIOBE එකෙන් තමා මේ පිලිවෙල සකස් කරලා තියෙන්නේ. මේක ලැයිස්තුව හදන්නේ ගුගල් යාහු යුටියුබ් එම්එස්එන් විකිපිඩියා වල සර්ච් විශ්ලේෂනය කරලා තමා. ඇත්තටම මේකෙන් කියවෙන්නේ නැ හොදම පරිඝනක භාෂා ටික තමයි මේවා කියලා. එකෙන් කියන්නේ වැඩියෙන්ම භාවිතා වෙන භාෂා මේවා කියලා කියන එක තමා කියන්න‍ පුලුවන්. හැබැයි ඉතින් වැඩියෙන් භාවිතා වෙන්නේ ගොඩක් වෙලාවට හොද ඒවා තමයි. Java, C, C++ තමා පිලිවෙලින් මුල් තුන්දෙනා මුල් තුන්දෙනා වෙනස් වෙලානම් නැ. C# වලට 5 වෙනි ස්ථානයෙන් 4 වෙනි ස්ථානයට එන්න පුලුවන් වෙලා තියනවා. ඔබ්ජෙක්ටිව් C වලට පුලුවන් වෙලා තියනවා 8 වෙනි ස්ථානයේ ඉදලා 5වෙනි ස්ථානයට එන්න. හැබැයි අපේ ලංකාවේ වැඩි දෙනෙක් දන්න විෂුවල් බේසික් තමුන්ගේ 7 වෙනි ස්ථානය රැකගෙන තියනවා. C ජනප්‍රියතාවය වැඩි කරගන්න අතරේ Java වල ජනප්‍රියතාවය බොහොම පොඩ්ඩක් අඩුවෙලා තියනවා. මට නම් හිතෙන්නේ ජාවා විනාස කරොත් විනාස කරන්නේ ඔරැකල් එකෙන් තමා. ඒත් ජාවා වල ලයිට් වෙයිට් ගතියත් extendability එකත් වැඩි හන්දා ජාවා එක්ක සටන් කරන්න අනික් ‍ඒවට අමාරුයි. ඒත් ඉතින් භාෂාවක් හැටියට C වලට තියන බලය අනික් ඒවට නැ කියලා තමා මම හිතන්නේ.

මේ පින්තුරේ ගත්තේ විකිපිඩියා එකෙන්.  2010 මැද වෙනකොට C# බොහොම පල්ලෙහායින් තිබිලා තියෙන්නේ. ඒත් දෙසැම්බර් මාසයේ C# වලට නත්තල් උදා වෙලා.

Tablet වලින් Image Search කරන්න

ගුගල් එකෙන් iPad එකට එහෙම දෙනවනේ ඇප් එකක්.  ඉතින් මේ දෙන ඇප් එක හොදට වැඩ කරනවය කියලා කට්ටිය ලිව්වා‍. ඇන්ඩ්‍රොයිඩ් වලටත් වැඩිය හොදින් වැඩකරනා කියලා කිව්වා. ඉතින් මම මේ ගැන වැඩිය හොයන්න ගියේ නැ. මට කොහින්ද iPad, මගේ ලැප් එකෙත් චාජ් එක අවුල් ටිකක් බයේ ඉන්නේ අලුත් එකක් ගන්න වුනොත් හෙන කේස් එකනේ.

ඉතින් මම දැක්කා ටැබ් වලට අලුත් විදිහට Image Search Engine එකක් තියනවලු.

ඉතින් මේ සරච් වලදි අවශ්‍ය සර්ච් එකට හම්බෙන රිසාල්ට් විතරයි පෙන්නන්නේ. ගුගල් එකේ ලෝගෝ මොකුත් පේනනන්නේ නැ. ඉතින්‍ මේවගේ ‍වෙබ් බ්‍රව්සර් වලිනුත් පෙන්නනවනම් කොච්චර හොදද කියලා තිබුනා ඒ සයිට් එකේ. ඇත්තටම හොද දෙයක්. ඒතකොට පෙන්නන්නේ අපිට අවශ්‍ය දේවල් විතරනේ.

Blogger Interface සම්පුර්ණයෙන්ම අප්ඩේට් නොවිනි

ගුගල් එකෙන් අලුතින් ඉන්ටෆේස් දෙනවා කිව්වට බ්ලොගර් ඉන්ටෆේස් එක තාම අප්ඩේට් වෙලා සම්පුර්ණයෙන් අහවර නැතිය. මොනවා වුනත් මේ දැනට ලැබිලා තියන අප්ඩේට් එක හොදයි. මොකද ගොඩක් ඇජැක්ස් පාවිච්චි කරලා තියනවා. හැබැයි මේ අපේ Profile පෙන්නන තැනයි. ලේයව්ට් එකෙතියෙන විජෙට්ස් කස්ටමයිස් කරන තැනයි ආදි වශයෙන් ස්ථාන කිහිපයක් තාම අප්ඩේට් වෙලා නැ. මම ආසම නෑ තිබුන පරණ ඉන්ටෆේස් එකට. ඒවගේම මේ ප්‍රොෆයිල් එක පෙන්නන පෙනුමට එකේ වර්ණ සංකලන වලටත් මම ආසා නැ. ඉතින් කොහොම වුනත් ලගදිම ගුගල් ‍එකෙන් මේටික වහලා දායි කියලා තමා හිතන්නේ නම්.

ඒවගේම මේ පරණ ඉන්ටෆේස් එකෙන් හදන්න පුලුවන් අලුත් ඉන්ටෆේස් එකේ වෙනස් කරන්න බැරි සෙටිංස් ව‍ගයකුත් තියනවා. ඒටිකත් ඩිෆෝල්ට් එකට ස්වයංක්‍රීයව ගේන්න වෙනවා පරණ ලුක් එක අයින් කරනවානම්. නැත්තම් ආපහු කවදාවත් අලුත් විදිහට බ්ලොග් එක කරගෙන යන්න බැරි වෙනවානේ.