මට ලියන්නත් බැරි වුනා.

මගේ ජිවිතේ වෙච්චි ලොකු අතපසුවිම් සහ ගැටලු කිහිපයක් නිසා බ්ලොග් ලියන්නවත් හරියට වෙලාවක් උනේ නැ.

මට ලියන්නත් බැරි වුනා මං අලුත් වැඩකට ගියා. ඒ තමා කොටස් වෙලද පල. පොඩි කාලේ ඉදලා අහලා තිබුනත් මේකේ හරියටම වෙන විදිහ ඉගෙන ගත්තේ http://www.guidetocse.com එකට පින් සිද්ද වෙන්න. ඒ සයිටි එක කරන අයියට ගොඩක් ස්තුති වන්ත වෙනවා ඒ සයිට් ‍එක වෙනුවෙන්.

මටත් පොඩි කාලේ ඉදලම ලොකු වැඩ කරන්න පුදුම උණක් තිබ්බේ. ඉතිං මගේ යාලුවො දෙන්නෙකුත් මම කොටස් වෙලද ‍පලට ගෙනල්ලා තියෙන්නේ තාම එයාලගේ ගිණූම් හරියට විවෘත වෙලා නැ. අපේ අයියත් මේ වැඩේට මට උදව් කලා. කොහොම කොහොම හරි මම ගිය මාසේ 7 වෙනිදා තමා මම මුලින්ම ට්‍රේඩිං කලේ.

තාම වැඩි අත් දැකීමක් නැ. තාම වෙලදපල වෙනස් වෙන හැටි ගැන හරි අවබෝධයක් නැති වුනත් මට තැරැව්කාර ආයතනයෙන් දුන්න මෘදුකාංගය එක්ක හොදින් වැඩ කරන්න පුලුවන්. ඒක ගැන කාටහරි වැදගත් වුනොත් කියලා මම ලිපි ටිකකුත් දාන්න ඉන්නේ.

මම තෝරගත්තේ Asia Securities (pvt) Ltd. එක. ඇත්තටම මේ සමාගමේ සේවාව මට ලැබුනු විදිහට නම් ගොඩක් හොදයි.

Asia Securities (Pvt) Ltd.

Level 21, West Tower, World Trade Centre, Echelon Square, Colombo 1.
Tel. 2423905, 5320000
Fax: 2336018
E-mail: enquiry@asiacapital.lk
Website: www.asiacapital.lk

මෙයාලගේ වෙබ් සයිට් එක ඒවුනාට http://www.asiasecurities.net ඒවගේම මේ සමාගමෙන් ඕනෑම මුදලකින් මේ වෙලද කටයුතු ආරම්භ කරන්න පුලුවන්. කොච්චරක්ද දාන ගාන කියලා නැ. හැමෝටම ඔන්ලයින් ට්‍රේඩ්ං පහසුකම් සපයනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මොනවහරි තියනවා නම් කියන්න. මමත් දෙන්නම් සපෝට් එකක්.

Advertisements

SLECC එක දන්නෙත් නැ

මම ඉතින් පෝස්ට් එකක් ලිව්වනේ කොටස් වෙලදපලට අවුරුදු 25යි! කියලා. ඉතින් ඕක කියවන්න කෂ්ටිය ආවට කමෙන්ට් එකක්වත් ආවේ නැ. ( මොකට බොරු කියනවද? ) ඉතින් මම මගෙ ස්කොලේ යාලුවෙකුයි මගේ පොඩි කාලේ යාලුවෙකුයි සැට් කරගෙන ඉතින් ගියා ප්‍රදර්ශනය බලන්න.

මම අයිලන්ඩ් පත්තරේ දැක්ක දැන්‍විම තමා කියවල තිබුනේ යාලුවො දෙන්නම මේ දේ ගැන කිසිම දෙයක් දන්නේ නැ. ඉතින් මම දැක්කා මේකේ තියනවා SLECC එකේ තියෙන්නේ කියලා BMICH එකත් රෙපයාර් හන්දා මම හිතුවා සිරිමාවෝ එකේ මේක තියනවා ඇති. ඒකට තමා මේ SLECC කියනවා ඇත්තෙත් කියලා.

ඉතින් මම යාලුවො දෙන්නා එක්ක ගියාම ඒකේ අධ්‍යාපන ප්‍රදර්ශනයක්. ඒත් මම බය වුනේ නැ. මොකද මම පත්තරේ දැක්කේ මෙහෙම නිව්ස් එකක්.

SEC celebrates 25 years with mega  educational exhibition

The Securities and Exchange Commission of Sri Lanka (SEC) is celebrating its 24th anniversary in October 2011. In view of this the SEC has made arrangements to conduct an educational exhibition and a road show titled “Investment Day 2011” at the Sri Lanka Exhibition and Convention Centre (SLECC) on 22nd October 2011 from 9.30 a.m. to 5.00 p.m. …

ඉතින් ගිහින් බලපුවාම SLECC කියන්නේ සිරිමාවෝ එක නෙමේ ඉතිං ඊට පස්සේ මගේ යාලුවගේ ෆෝන් එකේ GPS එකට පින් සිද්ධ වෙන්න තැනට ගියා. අපි තුන් දෙනාම SLECC එක ගැන දන්නේ නැ. ඒක හන්දා මම නම දැම්මෙත් නැ.
ඉතිං මගේ යාලුවො දෙන්නත් මම රෙජිස්ටර් වෙලා ඉන්න තැරැව්කාර සමාගමේම රෙජිස්ටර් කරලා CDS ගිණුම් ඇරලා. අපි ගෙදර ආවා.යාලුවො දෙන්නම කොටස් වෙලදපල ගැන තිබුන සිංහල පොතක් ගත්තා. මම ඉතිං කියවන්න ඉල්ලගෙන ආවා. හිතුවටත් වඩා ඉක්මනට කියවල ඉවර කලා.

මේ පොත 250ක් අලුතින්ම කොටස් වෙලද පලට එන කෙනෙක්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. හැබැයි දැනට කොටස් වෙලද පලේ ඉන්න අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න නම් නැ. මම හිතන විදිහට.

කොටස් වෙලද පල සුදුවක්ද? කියලා ලිපියක් තියනවා, ඒක නම් නියමෙටම ලියලා තියනවා.

කොටස් වෙලදපලට අවුරුදු 25යි!

කොටස් වෙලදපලට අවුරුදු 25ක් පිරෙන හින්දා ආයෝජක මන්ඩලයෙන් තිරණය කරලා තියනවා ප්‍රදර්ශනයක් තියනන්න. ඒක SLECC එකෙදි මේ මාසේ 22වෙනි සෙනසුරාදා පවත් වන්න තිරණය කරලා තියනවා.
ඒදාට දැනුවත් කිරිමේ වැඩසටහන් එහෙම ලැස්ති කරලා තියනවලු. ඒවගේම හැම බ්‍රෝකර් කම්පැනියක්ම වගේ මේ ප්‍රදර්ශනයට කුටි එහෙම ලැස්ති කරලා තියනවලු. කොටස් වෙලද පොලේ ආයෝජනයට බය වෙලා ඉන්න අයට බය ඇරගෙන ආයෝජනය පටන් ගන්න එහෙම මේ ‍ප්‍රදර්ශනය උදව් වෙයි කියලා හිතනවා.
Smile
මටත් යන්න නම් අදහසක් තියනවා යන අය ඉන්නවදෝ?????