අද

අද මට ගොඩක් සතුටු දවසක් කාලෙකින්. ඇත්තටම හදවතින්ම සතුටුයි. මේ ලෝකේ විස්තර කරන්න බැරි දේවල් ගොඩක් තියනවා. මම හැමදාම නිදාගන්න කොට ඇහැරෙන කොට ලොකු ප්‍රාර්ථනාවක් කලා. ඒ මගේ රත්තරන්ට මට කතා කරන්න හිතෙන්න කියලා. අවාසනාවට එයා අසනීප වෙලා ඉදලා. මට ඒක දැනගත්තා ම දැනුනු දුකත් විස්තර කරන්න බැරි වුන එකක්. එයා මාව දැන් ගොඩක් තේරුම් අරන් ඉන්නේ. එයා බ්ලොග් එක හැමදාම කියවනවනං මට ඒ ඇති. මම කොච්චර ආදරේ කලත් මම හොදින්ම තේරුම් අරන් තියන දේ එයා මගේ නෙවේ කියන එක.

එයා වෙන කෙනෙක් එක්ක ජිවිතයක් පටන් ගන්නවනං මට වෙන මොකුත් ‍ඕ‍නේ නැ. එයා‍ට මාව දැන් හරි හොදටම තේරුන එකම ඇති. මම එයාට ආදරේ තරම් කව්රුත් දන්නේ නැ. දැන් මට ජිවත් වුනත් එකයි නැතත් එකයි. මට ගොඩක් සතුටුයි මගේ රත්තරන්ට මට කතා කරන්න හිතුන එකට.

ගැනු ගැන බ්ලොග් (පිරිමි Bloggersලා සදහා පමණයි)

මම හැමදාම බ්ලොග් ලිව්වට පස්සේ ඒ ‍බ්ලොග් කියවන්න එන අයගේ ගාන බලනවා. කොච්චර වෙලාවක් ඇතුලත කියවන අය කී දෙනෙක් එනවද කියලත් මම බලනවා. ‍ඉතින් හැමෝම Technology ගැනමනේ ලියන්නේ. මොකද වැඩි පිරිසක් කියවගන්න ගෙන්න ගන්න ලේසිම‍ දේ tech tag එක තමා. මම වුනත් වැඩිය ලියන්නේ ඒ ගැනම තමා. අනික නිව්ස් හොයා ගන්නත් ලේසිනේ.

ඒ මොනවා වුනත් ඇත්තම දේ තමා කෙල්ලෝ ගැනු කියන වචන බ්ලොග් එකේ මාතෘකාවේ තියනවනම් බ්ලොග් එක කියවන්න එන පිරිස ඔක්කොටම වඩා වැඩි කියන එක. කියලා වැඩක් නැ ඉතින්. මොකද බ්ලොග් කියවන අයගෙන් වැඩි පිරිසක් පිරිමි අයනේ. ඉතින් කාගෙත් මවුස් පොයින්ටර් එක ගැනු අයගැන තියන බ්ලොග් පෝස්ට් වලට තමා ක්ලික් වෙන්නේ.

වෙන දෙයක් නෙමේ මම දැන් දවස් කිපයකට කලින් ලිව්ව කෙල්ලන්ගෙන් මාර්කටිං කියන එක කියවන්න තමා වැඩිම පිරිසක් ඇවිල්ලා තියෙන්නේ. මම කියනවට පොඩ්ඩක් ලියලා බලන්න කෙල්ලො ගැන. හැබැයි ඉතින් සුපිරි බ්ලොග් ලියන අයට නම් මේක අදලා නැ. මොකද එයාලා මොනවා ලිව්වත් කියවන්න අය එනවනේ. අනික එයාලා ලියන දේවල් ගොඩක් අය කියවන්න ආසයිනේ. මොකද ලියන ස්ටයිල් එක හොද හන්දනේ සුපිරි බ්ලොගර් කෙනෙක් වෙන්නේ.

අපිට කොහෙන්ද පුසො මාලු කිව්වලු. අමාරුවෙන්නේ කියවන්න කෂ්ටිය ගෙන්න ගන්නෙත්.

අම්මද? කෙල්ලද?

ආදරය ඉදිරියේ වයසත් සමග ඇතිවෙන ආවේගයන් එක්ක දෙමාව්පියන් පවාදීම ගොඩක් දෙනා අතින් වෙනවා. ඒත් ඒ නොදැනුවත් කමටත් ආදරයෙන් ලැබෙන නුපුරුදු වින්දනයත් නිසාවෙනි. නමුත් ඒ ආදරයේ බැරැරුම් පැතිකඩ පිලිබද නොදැනුවත් කමින්ද විය හැකිය. මගේ සමීපතමයෙක් දිනක් “උබ දන්න ආදරයක් නෑ” කිව්වා. ඇත්තටම එය එසේ විය හැකියි. මම දන්න ආදරයක් නැති විය හැකියි.

සමහර විට ඔහු පවසන ආදරය මට හැගෙන ආදරයෙන් වෙනස් වෙන්න ඇති. මට නම් ආදරය කියන්නේ කරුණාවන්ත කමක් කියන එක තමයි. ඒ කරුණාවන්ත කම දෙමව්පියන්ට, ගුරුවරයන්ට, මිතුරන්ට ආදි වශයෙන් විවිධ ප්‍රමානවලින් විවිධ ආකාරයෙන් අපි ලබාදෙනවා. ඇත්තටම ඕක ඉහවහ ගිහින් තමයි අපි ආදරේ කියලා ස්කෝලේදි පන්තියෙදි එක්කෙනෙක් විශේෂ කරගෙන කරන්නේ. මම හිතන විදිහට. ඇත්තටම එතෙන්දි ටිකක් ආත්මාර්ථකාමි බව ඉදිරියට ‍එනවා. අපිට ඒකට කරන්න දෙයක් නෑ.

ඒවුනත් අපිට ඉපදුන දවසේ ඉදලා ආද‍රයෙන් බලාගත්ත දෙමාපියන් පාවා දෙන එකනං වැරදි වැඩක්. මම මෙතෙන්දි පාවා දෙනවා කිව්වේ එයාලාගේ බලාපොරොත්තු පාවා දීම. ඇත්තටම ඒකනං නරකම වැඩක්. ඒවුනාට ඒක ආදරේ කරන කාටවත් තේරෙන්නේ නැ. ඒක්කෝ තේරෙනකොට කල් ගිහින්.