නත්තල් සීයයි සිරි අයියයි

නත්තල් සීයා Siri පාවිච්චි කරන හැටි තියන ඇඩ් එකක් තමයි මේක.

ලංකාවෙත් නත්තල පදනම් කරගෙන කරන ‍ගොඩක් Promotion තියනවානේ. ඉතින් මට මේ ඇඩ් එක ෂෙයා කරන්න හිතුනේ එකේ තියන අමුතු ගතියක් හන්දා.‍ මොකද ‍3.7 බිලියක එපොයන්මන්ට් තියනවා කියලා කියන එකට මට හිත ගීයා. ඇත්තටම මේක ප්‍රායෝගික භාවිතයක් වෙනවා නත්තල් සීයා ඕක පාවිච්චි කලානම්. හැබැයි John ගේ ගෙදරට යන පාර ඇහුවාම මුලු රට පුරාම පෙන්නන්න ඕනේ හරිනම්. මේකේ චාලි කියලනේ සර්ච් කරන්නේ. කොහොම වුනත් හොද ඇඩ් එකක්. හැබැයි මගේ හිතේ තාම ඇහෙනවා මම මේ ලියපු බ්ලොග් පොස්ට් එකේ තියන ඇඩ් එකේ දේවල් මට ආයේ ආයේ ඇහෙනවා. මම ඒක ඩව්න්ලෝඩ් කරගෙනත් අහනවා. අනේ මන්දා ඇයි කියලා.

‍Siri Browser වලට තිබ්බනං

Siri ටිකක් වෙනසක් කරපු දෙයක් කියන්න පුලුවන්. සිරි වල වෙනස ඒක වොයිස් අදුනා ගැනීම නෙමේ වාක්‍යන් අදුරා ගැනීමයි. නැත්තම් වොයිස් රෙකග්නීෂන් වැදගත් අංගයක් නෙමේ. වොයිස් රෙකග්නිෂන් තියන ෆෝන් නොකියා එකේනුත් ඉස්සර ආවනේ.

Siri

හැබැයි මේ Siri වගේ ප්ලග් ඉන් Browser වලට නැතුව නෙමේ. Fake Siri තියෙන්නේ Chrome වලට. ඒකත් තරමක් හොදයි. ඒත් ගොඩක් දේවල් අදුරගන්නවා කියන්නත් පුලුවන්. පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ ඒකෙත් හිතන ගතිය ටිකක් අඩුයි. මම මේ හිතන ගතිය කිව්වට සිරි කියන්නේ කෘතිම බුද්ධියක් නෙමේනේ. ඒකේන් රටාවල් අදුරගෙන අදහස කලින් සකස් කරපු ආකාරයකින් ගලප ගන්න එකනේ කරන්නේ.

ඉතින් මේ ගතිය ඒවගේම තියන ඇප්ලිකේෂන් එකක් මම තාම හරියට දැක්කේ නැ. ප්ලග් ඉන් එකක්වත්. ඇන්ඩ්‍රොයිඩ් වලටත් Siri වගේ වැඩකරන්න ඇප්ලිකේෂන් එනවා. ඒත් ඒවත් තාම සැලකිය යුතු මට්ටමක නැ.

ගුගල් වොයිස් සර්ච් එ‍ක වොයිස් එක හදුනගෙන වැඩ කරන්න ටික කාලයක් යනවා. ඒකත් වැඩ කරන්‍නේ Chrome වල විතරයි

වින්ඩෝස් ෆෝන් 7 වල තත්වය කමාන්ඩිං පිලිපැදීමම තමයි. ඊට වඩා දෙයක් නැති තරම්. බ්‍රව්සර් වලට මේ පහසුකම ඉන්බිල්ඩ් දෙන්න පුලුවන්නම් කොච්චර හොදද. සෆාරි එකට මේක ඇඩ් කලා නම් තව ඇපල් පරිඝනකත් නැගලා යයි. හැබැයි ඉස්සර තිබුන Virtual Assistant Software එක්ක පටලව ගන්න හොද නැ. හරියට බ්‍රව්සරයක් එක්ක ඉන්බිල්ඩ් වෙලා ආවොත් තව ගොඩක් පහසු වෙයි ඉන්ටර්නෙට් සර්ෆ් කරන එක.

මොනවා වුනත් ඉතින් මේ හැම ඇප් එකකම පොඩි අව්ලක් තියෙන්නේ අපිට අපි ඉතින් ඉංග්‍රිසි කතා කරන්න ‍ඕනේ සුද්දොන්ටත් ඉංග්‍රිසි ඉගැන්නුවේ අපි වගේ. නැත්තම රට විකාර තමා තේරුම් ගන්නේ.

Windows Phone 7 වල තියන Siri වගේ පහසුකම

ඇපල්  එකෙන් iPhone 4S එක එලියට දාලා දැන් ටික දවසක්නේ. මම මුලින්ම කියන්න ඕනේ මම ‍මේවා ගැන ලිව්වට ඇපල් අයිපෝන් 4එස් එකක් අල්ලලාවත් නැ. මම පාවිච්චි කරලා තියන ඇපල් ප්‍රඩක්ට්ස් ගාන අතේ ඇගිලි වලට වඩා පොඩ්ඩයි වැඩි. මම ඉතින් ටිකක් වින්ඩෝස් මොබයිල් නම් පාවිච්චි කරලා තියනවා. ඒ මදිවට Emulator එකත් යුස් කරලා තියනවා. ඉතින් ඒක හන්දා වින්ඩෝස් මොබයිල්නම්  පුරුදුයි ටිකක්. ඒත් වින්ඩෝස් පෝන් 7 පාවිච්චි කරලා නැ.

ඉතින් මට බ්ලොග් කියවන කොට දැක්කා මේ ෆීචර් එක. ඇපල් අයිපෝන් එකේ සිරි ෆීචර් එකට වඩා බුද්ධියෙන් මේක ටිකක් අඩුයි කියලා මට දැනුනා. අයිෆෝන් එකේ තියන සිරි එකට වාක්‍යක් කිව්වාම තේරුම් ගන්න පුලුවන් කියලා මම දැකලා තියනවා. වාක්‍යක් තේරුම් ගැනිමේ හැකියාව ඒකට තියනවානේ. ඒවුනාට වින්ඩෝස් ෆෝන් වලට පුලුවන් කමාන්ඩ් පිලිපදින්න විතරයි. දන්නේ නැති දෙයක් තියනවානම් සර්ච් කරන එක තමා කරන්නේ. අනික අයිපෝන් එකේ කන්වසේෂන් ගතියත් වැඩි කියලා මට හිතෙනවා

ලංකාවේ ඇපල්

මම කොච්චර චිත්‍රපටි බැලුවත් මම දැකලා නැ ඇපල් කම්පුටර්, hp, ඩෙල් ඇරෙන්න වෙන ජාති‍යක් තියනවා. ඇත්තටම ඩෙල්, hp දකින්න නැති තරම්.

ඇපල් පරිඝනක තමා චිත්‍රපටියක වීරයා හරි හැකර් හරි දුෂ්ටයා හරි පාවිච්චි කරනවා පෙන්වන්නේ. නුවර සිටි සෙන්ටර් එකේ ඇපල් ස්ටෝ එකක් තියනවලු. මම ගිහින් නෑ හැබැයි මට එහෙ ගිය ඥාතියෙක් කිව්වා. ඒවගේම අපේ ලංකාවේ කලා කෘති වලටත් දැන් ව්‍යාපාර බැහැලනේ තියෙන්නේ.

greenmyapple_logo

ෆිල්ම් වලට කාර් වලට අවුඩි, බිඑම්ඩබ්ලිව් තිබ්බට ඇත්තටම හරියට බැලුවොත් කම්පුටර් තියෙන්නේ ඇපල් කම්පුටර් විතරමයි. ඒ අස්සේ මම දැක්කා ස්වර්ණවාහිනියේ අනර්කලී ඉන්න වැඩ සටහනක ඇපල් ලැප් එකක් තියනවා. ඊ‍ට දවසක් වත් යන්න හම්බුනේ නෑ එටිසලාට් ඇඩ් එකේ අන්තිමට පෙන්නුවේ ඇපල් ලැප් එකක්. ලංකාවට ඇපල් රස්නේ ටිකක් ගහන පාටයි වැඩිපුර. ඇත්තටම ඇපල් පරිඝනක වල නිමාව ඉහලයි කියලා මම හිතනවා. මොකද මම දැකලා අතපත ගාලා තියන ඒවා වල මිස මට ඇපල් එකක් නෑ.

ලංකාවේ කලාව ගැනත් මතක් වෙච්ච වෙලාවේ ලියලා දානවා. මුලින් ම මට මතක හැටියට ඉරාජ් ගේ හරි කාගේ හරි සින්දුවක ක්‍රීම් සෝඩායි, රේන්කෝ කුඩයි තිබ්බා. එතනින් නැවතුනේ නෑ දිගටම එන විශුවල් වල එක දේවල් පෙන්නුවා. වයිල්ඩ් එලපන්ට් හිට පෙන්නුවා. දැන් සින්දු වලට විඩියෝත් ඇඩ් වගේමයි. දැන් එන නාට්‍ය වල නම් දාද්දිද් එයාලගේ වෙලද ලකුණු පෙන්වනවා. ඒවගේම නාට්‍ය පටන්ගනිද්දි තේමා ගීතයට පස්‍සේ යන්නේ ඒ අදාල ආයතනයේ තේමා හඩ. නාට්‍ය ඉවර වෙද්දි දාන්නේත් හච් සමග හරි ඩයලොග් සමග හරි කියලා.

ඇත්තටම නාට්‍යක් පැය භාගයක් බැලුවොත් පැය කාලක්වත් නාට්‍ය බලන්න වෙන්නේ නෑ. ඇඩ්ම තමා යන්නේ. ඒ අස්සේ නාට්‍යයේ පෙන්නන්නෙත් ඇඩි. ෆ්ලෙක්ස් එකක් තිබ්බත් ‍ඩයලොග්. කුඩයත් තිබුබොත් රේන්කෝ. බලාගෙන ගියාම නාට්‍යකුත් නෑ ඇඩ් විතරයි.