කලකට පෙර නුඹ මගෙ සොදුරිය විය

ඔබ මාගේ සොදුරිය විය. ඒ දැනට අවුරුදු 4කට පෙරයි. මට තවමත් දිනයද මතක ඇත. ඔබ මගෙම සොදුරිය වින. නමුදු වචනයක්වත් මා ඔබ සමඟ මුමුනා නැත. ඔබ මට අවුරුදු 3කට පෙර මා නිසාවෙන්ම මට අහිමි විය. එතකුදු ඔබ මගේ විය.

ඔබ දුටුවෙම් අද ඔබ මා මුලින් මුනගැසුනු තැනේදිම. එහෙත් අදද ඔබ සමග මා සුසුමක් වත් නොසෙලුවෙම්. නමුදු ඔබ වෙනස්ව ඇත. ඔබ තුල තිබු චාම් බව ඔබ තුල තිබු සොදුරු ගතිය ඔබ ලග අද නැත. ඔබ වත්සුනු තවරා කෙස්වැටියට විච්චුරණ කර නොගැලපෙන ලෙස අද මා දුටුවෙමි. මම පසුනොතැවෙමි. ඒ ඔබ මගේ නොවන නිසාවෙනි.

සුන්දරත්වය විහින් නැති කරගෙන ඔබ.

අද

අද මට ගොඩක් සතුටු දවසක් කාලෙකින්. ඇත්තටම හදවතින්ම සතුටුයි. මේ ලෝකේ විස්තර කරන්න බැරි දේවල් ගොඩක් තියනවා. මම හැමදාම නිදාගන්න කොට ඇහැරෙන කොට ලොකු ප්‍රාර්ථනාවක් කලා. ඒ මගේ රත්තරන්ට මට කතා කරන්න හිතෙන්න කියලා. අවාසනාවට එයා අසනීප වෙලා ඉදලා. මට ඒක දැනගත්තා ම දැනුනු දුකත් විස්තර කරන්න බැරි වුන එකක්. එයා මාව දැන් ගොඩක් තේරුම් අරන් ඉන්නේ. එයා බ්ලොග් එක හැමදාම කියවනවනං මට ඒ ඇති. මම කොච්චර ආදරේ කලත් මම හොදින්ම තේරුම් අරන් තියන දේ එයා මගේ නෙවේ කියන එක.

එයා වෙන කෙනෙක් එක්ක ජිවිතයක් පටන් ගන්නවනං මට වෙන මොකුත් ‍ඕ‍නේ නැ. එයා‍ට මාව දැන් හරි හොදටම තේරුන එකම ඇති. මම එයාට ආදරේ තරම් කව්රුත් දන්නේ නැ. දැන් මට ජිවත් වුනත් එකයි නැතත් එකයි. මට ගොඩක් සතුටුයි මගේ රත්තරන්ට මට කතා කරන්න හිතුන එකට.

මට ආපහු වැරදුනා

මම නාගන්නවා කියන එකේ සීමාවක් නම් නැ. දැන් හැබැයි හිත 95% විතර හදාගෙන ඉන්නේ. ඒත් මට දැන් එයාට කතා කරන්න විදිහක් නැනේ. අ‍ප්පොච්චියේ මම වගේ මී හරකෙක්. මොනවා කරන්නද. හිතට ආපු වෙලා වේ කිව්ව දේවල් වලට එයා බය වෙලාද කොහෙද.

කමක් නැ මට සමාවෙන්න බය කලාට. මම මේවා කොච්චර ලිව්වත් ඔයා මේවා කවදාවත් කියවන්නෙ නැ කියලා මම දන්නවා.

මිනි. 6 තත්. 54

ස්තුති කතාව. මගේ ජිවිතේ අවුරුදු 3ක් කරපු ආදරයේ ස්තුතියි කතාව මිනි. 6 තත්. 54කට කෙටිවිය. බොහොමයක් වැරදි මම බාරගෙන නිහඩ වුනෙමි. ආදරයේ විරහව අන්කවර දාකටවත් වඩා අද කලාත්මක විය. කිසිම කෙනෙකුට මෙවන් වෙන්විමක් නොලැබේවායි පතමි. නමුත් මගේ ජිවිතයේ ආදරය සම්බන්ධයෙන් ඇති සියලුම මතකයන් ඉවත් කල හැකි නම් මම සතුටු වෙමි. මට දැනෙන දේ පැවසිය නො‍හැක. නමුත් කිසිවෙකුටත් නොදැනීම මගේ ආදරය මගෙන් ඉවත් විය.

හික්ස්…

එයා ගිහින් ඉවරයි

එයාට දැන් ආදරයක් ලැබෙනවා. එයා දැන් ආදරය කරනවා. මට අහන්නත් සතුටුයි. දුකයි. ඒත් සතුටුයි. හැමදේම මම හිතපු විදිහට වුනා. එයා මාව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට ඇඩ් කරගෙනත් එක්ක. ඒත් මට ඉස්සෙල්ලා රික්වෙස්ට් එකක් යැව්වත් දැන් රික්වෙස්ට් එකක් යවන්න හේතුවාක් නැ.

මට ඕනේ එයාගෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වෙන්න. මම දැන් ඉවත් වේගෙන යනවා. ඇත්තටම එයාගේ ජිවිතෙන් මම සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා ඉවරයි. ඉවල් වෙලාට වඩා ඉවත් කරලා ඉවරයි. මම හැමදාම ප්‍රාර්ථනා කරපු දෙයක් තමා එයාට හොද ජිවිතයක් ලැබෙන්න කියලා. එයාට හැබැයි මම අද ඉදලා එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැ. හැබැයි ඉතින් දැන් අලුතෙන් ජිවිතේට ආපු කෙනා දැනගන්න ඕනේ ඒක.

මම කිසිම විදිහකින් එයාගෙ ජිවිතයට ආපහු කවදාවත් ඇතුල් වෙන්නේ නැ. හොයලා බලන්න අදහසකුත් නැ. හැබැයි ඉතින් මම ආයි මුනට හම්බෙන්නෙවත් කතා කරන්නෙවත් නැ. තරහකට නෙමේ. මගේ සහ එයාගේම හොදටයි…

“Goodbye My Lover”

Did I disappoint you or let you down?
Should I be feeling guilty or let the judges frown?
‘Cause I saw the end before we’d begun,
Yes I saw you were blinded and I knew I had won.
So I took what’s mine by eternal right.
Took your soul out into the night.
It may be over but it won’t stop there,
I am here for you if you’d only care.
You touched my heart you touched my soul.
You changed my life and all my goals.
And love is blind and that I knew when,
My heart was blinded by you.
I’ve kissed your lips and held your hand.
Shared your dreams and shared your bed.
I know you well, I know your smell.
I’ve been addicted to you.

Goodbye my lover.
Goodbye my friend.
You have been the one.
You have been the one for me.

I am a dreamer and when I wake,
You can’t break my spirit – it’s my dreams you take.
And as you move on, remember me,
Remember us and all we used to be
I’ve seen you cry, I’ve seen you smile.
I’ve watched you sleeping for a while.
I’d be the father of your child.
I’d spend a lifetime with you.
I know your fears and you know mine.
We’ve had our doubts but now we’re fine,
And I love you, I swear that’s true.
I cannot live without you.

Goodbye my lover.
Goodbye my friend.
You have been the one.
You have been the one for me.

And I still hold your hand in mine.
In mine when I’m asleep.
And I will bare my soul in time,
When I’m kneeling at your feet.
Goodbye my lover.
Goodbye my friend.
You have been the one.
You have been the one for me.

I’m so hollow, baby, I’m so hollow.
I’m so, I’m so, I’m so hollow.
I’m so hollow, baby, I’m so hollow.
I’m so, I’m so, I’m so hollow.

ආදරය මගෙන් දුර ගිහින්

මම ගොඩක් වෙනස් වෙලා මගේ මුල්ම බ්ලොග් පොස්ට් එක මට ෆේස්බුක් එකෙන් ගන්න පුලුවන් වුනා. මම එදා ආදරය කරපු හැටි. මම එදා හිතපු හැටි අද වෙනස් වෙලා.

මම අද ආදරය ඉදිරියේ පහත් මනුස්සයෙක් කියලා කව්රුකිව්වත් මම ආදරය වෙනුවෙන් කල කැප කිරිම මට ලොකු දෙයක්. මට හිතාගන්න බැරි විදිහට වෙනස් වෙලා.

මමත් ආදරයත් අතර ලොකු හිඩැසක් තියනවා. ඒක ජිවිත කාලෙම තියෙයි. ඔහේ තිබුනාවේ කියලා තමා කියන්න තියෙන්නේ.

ඇයි මට මෙහෙම වුනේ කියලා කව්රුහරි ඇහුවොත් මම නිරුත්තරයි. සමාවෙයන් ආදරය මට. මම ආදරය නැති කලාට. මම එහෙම කලේ කුරිරු කමට නෙමේ. සමාවෙයන් ආදරය. ආදරයෙන් වැරදි කරු මමයි.

අම්මද? කෙල්ලද?

ආදරය ඉදිරියේ වයසත් සමග ඇතිවෙන ආවේගයන් එක්ක දෙමාව්පියන් පවාදීම ගොඩක් දෙනා අතින් වෙනවා. ඒත් ඒ නොදැනුවත් කමටත් ආදරයෙන් ලැබෙන නුපුරුදු වින්දනයත් නිසාවෙනි. නමුත් ඒ ආදරයේ බැරැරුම් පැතිකඩ පිලිබද නොදැනුවත් කමින්ද විය හැකිය. මගේ සමීපතමයෙක් දිනක් “උබ දන්න ආදරයක් නෑ” කිව්වා. ඇත්තටම එය එසේ විය හැකියි. මම දන්න ආදරයක් නැති විය හැකියි.

සමහර විට ඔහු පවසන ආදරය මට හැගෙන ආදරයෙන් වෙනස් වෙන්න ඇති. මට නම් ආදරය කියන්නේ කරුණාවන්ත කමක් කියන එක තමයි. ඒ කරුණාවන්ත කම දෙමව්පියන්ට, ගුරුවරයන්ට, මිතුරන්ට ආදි වශයෙන් විවිධ ප්‍රමානවලින් විවිධ ආකාරයෙන් අපි ලබාදෙනවා. ඇත්තටම ඕක ඉහවහ ගිහින් තමයි අපි ආදරේ කියලා ස්කෝලේදි පන්තියෙදි එක්කෙනෙක් විශේෂ කරගෙන කරන්නේ. මම හිතන විදිහට. ඇත්තටම එතෙන්දි ටිකක් ආත්මාර්ථකාමි බව ඉදිරියට ‍එනවා. අපිට ඒකට කරන්න දෙයක් නෑ.

ඒවුනත් අපිට ඉපදුන දවසේ ඉදලා ආද‍රයෙන් බලාගත්ත දෙමාපියන් පාවා දෙන එකනං වැරදි වැඩක්. මම මෙතෙන්දි පාවා දෙනවා කිව්වේ එයාලාගේ බලාපොරොත්තු පාවා දීම. ඇත්තටම ඒකනං නරකම වැඩක්. ඒවුනාට ඒක ආදරේ කරන කාටවත් තේරෙන්නේ නැ. ඒක්කෝ තේරෙනකොට කල් ගිහින්.