උදව්වක් අවශ්‍යයි!

මේ පාර බ්ලොග් පෝස්ට් එකක් ලියන්නේ මගේ යාලුවෙක් වෙනුවෙන් උදව්වක් ඉල්ලන්න. යාලුවෙක් වෙනුවෙන් කිව්වට ශ්‍රී ලංකාවම නියෝජනය කරන ලංකාවේ කන්ඩායමක් වෙනුවෙන්. අපි හැමෝම දන්න දෙයක් තමා අපේ සිංහල ලේ තියන අයට කරන්න බැරි දෙයක් නැ කියන එක. ජාත්‍යන්තර මට්ටමේ දක්ෂයෝ අපිත් එක්ක එකට ඉන්න යාලුවන්ට දක්ෂතා පෙන්නන්න උදව් කරන්න වෙලාවක් ඇවිත් තියෙන්නේ.

Imagine Cup තරඟයට තේරිච්ච අපේ යාලුවන්ට ඡන්දයක් දාලා උදව් කරන්න. එක දවසට කිහිපවතාවත් ඡන්ද දාන්න පුලුවන් දන්න හැමෝටමත් කියන්න යාලුවනේ. ලංකාව‍ වෙනුවෙන් ලංකාව ‍නියෝජනය කරන යාලුවන්ට උදව් කරන්න.

http://www.imaginecup.com/Competition/PCATeam.aspx?Competitionid=71&teamid=55154

කලකට පස්සේ

ගිය මාසේම වගේ වැඩ හන්දා බ්ලොග් පෝස්ට් එකක් වත් දාන්න ලැබුනේ නැ. ඉතින් කාලේකට පස්සේ බ්ලොග් එකක් ලියනකොට දැනේන සනීපේ කියලා නිම කරන්න බෑ. කාලයක් ලියන්න බැරි වුනත් ටයිපින් පුරුද්ද නම් අඩුවෙලා නැ. ඉතින් මම වැඩියෙන් මේ දවස් වල කැමැත්තෙන් ඉන්නේ ෂෙයාපොයින්ට් වලට හෙට SharePoint කැම්ප් එකක් තියනවා UCSC එකේ. ඉතින් ඕකට යන්නත් තියනවා.

මම වින්ඩෝස් 8 වින්ඩෝස් සර්වර් 8 එක්කයි දැන් කාලයක් වැඩ කරා. මට හිතෙන විදිහට ඒවායේ අවුලකුත් නැ. දැන් ඉතින් වින්ඩෝස් 8 Release Preview එකත් ඇවිත් ඩව්න‍්ලෝඩ් කරගත්තට මට තාම ඉන්ස්ටෝල් කරන්න වුනේ නැ. විෂුවල් ස්ටුඩියෝ 2012 එකත් ඇවිත් ඒකත් ඉන්ස්ටෝල් කරලා බලන්න ඕනේ.

ඇත්තටම වැඩ වැඩි වුනාම බ්ලොග් එක දිහා මම බලනවා විතරයි ලියන්න වෙන්නේ නැ. කොහොම හරි සතියට එකක් වත් ලියන්න පුරුදු වෙන්න ඕනේ.