මම වින්ඩෝස් 8 දෙපාරක්ම ඩව්න්ලෝඩ් කරද්දි ඩව්න්ලෝඩ් මග නතරවුනා. ඒවගේමයි රිසියුම් කරන්නත් බැරි වුනා. මට අඩු ප්‍රමාණයකින් වින්ඩෝස් අප්ග්‍රේඩ් කරගන්න පුලුවන් වුනත් මම එහෙම නොකලේ යාලුවෙක්ට හරි දෙන්න ඉමේජ් එක ඩව්න්ලෝඩ් කරගත්තොත් පුලුවන් හන්දා. වින්ඩෝස් 8 කන්සියුමර් ප්‍රිවිව් එක 2013 ජනවාරි 15 වෙනකං වලංගුයි. ඒ වෙනකොට හැමෝටම වින්ඩෝස් 8 RTM එකට මාරු වෙන්න වෙනවා. මම මෙතෙන්දි මාරු වෙන්න වෙනවා කිව්වේ වින්ඩෝස් 8 කන්සියුමර් ප්‍රිවිව් එක පාවිච්චි කරන අයට.
අපි මෙච්චර කාලයක් දැකපු ස්ටාර්ට් බටන් එක අපිට වින්ඩෝස් 8 වලදි නැති වෙනවා. ඉතින් ටාස්ක් බාර් එකේ තව ඉඩ ප්‍රමාණයක් ලැබෙනවා ඇප්ලිකේෂන් වලට. ඒවගේම ටාස්ක් මැනේජර් සරලව පෙන්නලා අවශ්‍යනම් විතරක් වැඩි විස්තර සහිතව ලබා දෙනවා. ඒවගේමය හදිසියේ හරි ඇප්ලිකේෂන් එකක් ෆ්‍රීස් වුනොත් ඉක්මන් සහනය වින්ඩෝස් 8 ඒක රිස්ටාර්ට් කරලා හරි නැත්තම් ක්ලෝස් කරලා හරි දෙනවා. ඒවගේමයි ඩිවලොපර් ප්‍රිවිවි එකේ මෙට්‍රෝ ඇප්ලිකේෂන් එකක් ඔපන් කලාට පස්සේ අයිඩ්ල් තියෙනවා.දැන් එහෙම නැ. අපිට ඕනේ නම් ක්ලොස් කරලා දාන්න පුලුවන් ස්ටාර්ට් මෙනු එකේ ඉදලම. අමුතුවෙන් ටාස්ක් මැනේජර් එකට යන්න ඕනේ නැ.
පලවෙනි පින්තුරේ විෂුවල් ස්ටුඩියෝ 11 බීටා එකේ ස්ක්‍රීන් ෂොට් එකක්.
ඒවගේම වින්ඩෝස් 7 වල Show Desktop කියන තැනට ගියාම තමා Search, Share, Start, Devices, Settings අයි කන් පෙන්නන්නේ.
පේනවනේ ස්ටාර්ට් බටන් එක පේන්නවත් නැ.