“Device Manager is running in read-only mode because you are running it on a remote computer.”

මම කලිනුත් කිව්වා වගේ මම වැඩිය සර්වර් එක්ක සෙල්ලම් කරලා නෑ. මම වින්ඩෝස් සර්වර්  ස්ටැන්ඩලෝන් එකේ දාලා පාවිච්චි කරලා ටික දවසකින් ආසාවට Laptop එක මකලා දැම්මා. කිව්වට මොකද ලැප්ටොප් එක මකද්දි ආවේ මාර දුකක් හිතට. මොකද ගොඩ කාලයකින් ලැප්ටොප් එක මකලා නැ. අනික අප්ඩේට් ඔක්කොම දාලා තිබුනේ. විස්ටා පරණ වුනත් ලැප්ටොප් එකට හම්බුන ජෙනුවින් එකනේ. ඉතින් ‍කොච්චර හිතට අමාරු තිබුනත් වැඩ කරන විදිහ බලන්න කියලා මම ලැප්ටොප් එකට දාගත්තා.

මම සර්වර් එකේ නම දීලා තිබුනේ DEDUNU-SERVER කියලා. ඉතින් මම ඉස්සර ලැප්ටොප් එකට දීලා තිබුනේ DEDUNU-LAPTOP කියලා. මම ‍මගේ ෆෝන් එකේ නම දාලා තියෙන්නෙත් DEDUNU-MOBILE කියලා. එහෙම නම් කරන එක මට ලස්සනයි කියලා හිතුනා.

ඉතින් මම ලැප්ටොප් එකට වින්ඩෝස් සර්වර් 2008 R2 දාලා එහෙම නම දාන්න බැලුවාම DEDUNU-LAPTOP කියලා දාන එක හරි නැනේ කියලා මට හිතුනා. ඉතින් මම දැම්මා DEDUNU-MOBILESERVER කියලා. කොහොමින් කොහොමින් හරි ඔච්චර දිග එකක් දාන්න බෑ කිව්වත් වින්ඩෝස් වලින් ඒ නම අසයින් කරගත්තා.
ඉතින් මම ඊට පස්සේ මම ඩිවයිස් මැනේජර් එකට යන්න හදන හැම පාරම කියනවා ඩිවයිස් මැනේජර් එකට යන්න බෑ. Device Manager එක Read-Only කියනවා. වෙන Computer එකකින් ඇක්සස් කරනවලු. ඉතින් මම වෙන කම්පුරයකට මගේ කම්පුටරයකට කනෙක්ට් කරලාත් නැ. ඉතින් මම සර්ච් කරලා බැලුවා. මට හම්බුනා කම්පුටරයේ නම ඕනැවට වඩා දික්වුනාමලු එහෙම වෙන්නේ. ඉතින් ඊට පස්සේ මම DEDUNU-MSERVER කියලා නම දැම්මා. ඊට පස්සේ හරි ගියා. ඔය ටයිටල් එකට දාලා තියන මැසේජ් එක තමා මට පෙන්නුවේ. කම්පුට‍රේ නම අකුරු 15කට වැඩිය දික්කරන්න බෑලු.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s