දැනුයි හිතට හොද

අපේ තාත්තා අසනීප වෙලා බ්‍රහස්පතින්දා නතර කලා ජයවර්ධන පුර. ඉතින් නතර කරලා ඊයේ වෙනකම් හැම දවසෙම දිව්වා තාත්තව බලන්න. මමත් අම්මට නොකිව්වට බය වෙලා හිටියේ. තාත්තා අසනීප වුනාම දැනෙන බය කියලා නිම කරන්න බෑ. අද ටිකට් කපනවා කිව්ව හන්දා හවස යන්න හිතාගෙන මම පන්ති ‍ගියා. ඒත් ගෙදර එනකොට තාත්තගේ ටිකට් කපලා එක්කං ඇවිත්. සෙම නරක් වෙලා තමයි අසනීප වෙලා තියෙන්නේ.

උන හැමදාම වැඩිවෙනවා අඩුවෙනවා හන්දා බය වෙලා අපි තකහනියේ නතර කලේ තාත්තා අකමැත්තෙන්මයි. ඒත් කිව්වට මොකද නතර කලාට පස්සේ තාත්තා යාලුවොත් හදාගෙන හෙන ජොලියේ ඉන්නවා ඉස්පිරිතාලෙට වෙලා. තාත්තට ගෙදර කෑම බීම වලට වැඩිය ඒහෙ කෑම බීම හිතටත් අල්ලා. [ගෙදර කෑම ගැන හිතාගන්නකෝ! 😉 අම්මා දැක්කොත් විනාසයි හික්ස්] ඉතින් අසනීපෙ එච්චර තද එකක් නොව්නට මගේ හිතේ ඉතින් බය හැම තිස්සෙම තිබුනා. ඒ දැනෙන බය කියලා විස්තර කරන්න බෑ.

අසනීපෙ වැඩිවෙන්න කලින් මම කොච්චර නම් කෑගැහුවද, තාත්තා හරි හිතුවක්කාරයි. ඇහුවෙ නැ. මාස 3ක් විතර තිබුන කැස්ස වැඩි වෙලා තමයි ඔක්කොම වෙලා තියෙන්නේ. මොනවා කරන්නද. තාත්තා ගෙදර ගෙනාව එක මට ලොකු සැනසීමක්.

විභාගවලට ලැස්ති වෙමු

දැන් ඉතින් කාලෙකින් මේ බ්ලොග් එකේ ලිපියක් පලවුනෙත් නැ. මම ගොඩක් දේවල් මේ දවස් වල අත්දකිමින් තමා ඉන්නේ. ඒත් ඉතින් ඒවා ගැන ලියනවනම් ලියන්න ගොඩක් දේවල් තියනවා. වාසනාවටද අවාසනාවටද මන්දා මට වැඩි වෙලාවක් නැ ඒවාගැන ලියන්න. ඒත් ලියන්න ඕනෙම පෝස්ට් වගයක් තියනවා. ඒ ඉතින් සමහරක් දෙවල් ගැන මගේ යාලුවන්ට ඉගෙන ගන්න තියන ඒවා ඉගෙන ගන්න තමා මම ඒවා ලියන්නේ.

ඒවගේමයි මම දැන් උසස් පෙලටයි බිට් විභාගවලටයි ලැස්ති වෙනවා ඉතින් ‍ඒවට ලැස්ති වෙනවා කියන්නේ ඉතින් ලේසි පාසු වැඩකුත් නෙමේනේ. මම බිට් වල වැඩ පහසු වෙන්න කියලා හිතාගෙන බිට් වලට අදාල ලිපි ටිකක් දාන්න යන්නේ. හැබැයි ඉතින් ඒ දන්නේ නැති අයට මගේ පන්ඩිත කමට කියලා දෙන්න නෙමේ. මම ඒකෙන් බලාපොරොත්තුවෙන්නේ මගේ දැනුම තහවුරු කරගන්න. ඉතින් ඉස්සරහට මේකේ එහෙම ලිපි පේලියක් පලවෙයි. මගේ මේ ලැප්ටොප් එක අසනීප නීසා තමා මේ දවස්වල වැඩේ පස්සට යන්නේ මම පුලුවන් තරම් ඉක්මටනට ලිපි ටික හදලා දාන්න බලාපොරොත්තු වෙනවා.

මමත් So.cl එකේ දැන්

David Raskino කියලා කෙනෙක්ගෙන මට ඊමේල් එකක් ඇවිත් තිබුනා. මම ඒත් වැඩිය ගනන් ගත්තේ නැ. ‍ඒත් මම දැනුයි දැක්කේ හරියටම ඒක මට So.cl එකට ආපු ඉන්විටේෂන් එකක්. ඉතින් මම දැන් ගිහින් රෙජිස්ටර් වුනා. දැන් හැමෝටම වගේ රෙජිස්ටර් වෙන්න දීලා ‍තියෙන්නේ. ඒවගේම මේකේ ෆේස්බුක් අනුසාරයෙන්ම රෙජිස්ටර් වෙන්නත් පුලුවන්. ලොකු වෙනසක් නම් නැ. ටිකක් ගුගල්+ වගේ.

සන්නිවේදනයෙත් සීමාවක් තියෙන්න ඕනේ

සන්නිවේදනය තාමා අපිව මෙච්චර කරදර ගොඩකට ඇදලා දැම්මේ. සන්නිවේදනය තමා ඇත්තටම දියුනු වෙලා තියෙන්නේ. මේක ‍දියුනු වෙන්න වෙන්න පහසු වෙන්නේ කේලම් කාරයන්ටයි ඕප දූප හොයන උන්ටයි තමා. මේකෙන් ඉතින් වැදගත් දේවල් වලට තියන පාවිච්චියයි නොවැදගත් ඒවාට ගන්න පාවිච්චියෙයි ප්‍රතිශතය බැලුවොත් අහසයි පොලවයි වගේ ඇති. මේලොකේ හැම සන්නිවේදන මාර්ගයකින්ම කුනුහරැප සිංහලෙන් xxx ප්‍රචාරය වෙනවානේ. ඉතින් ඒක අපි කාටවත් නවත්තන්න බෑ. හැමෝම බැන්නට හැමෝම කරන්නේ එකම දේ නේද?

මම කලාස් ගියානේ

අපොයි ආපහු එලෙවල් කරනවා කිව්වට කලාස් යන්න තියන අමාරුව. පික්සු වගේ කලාස් එකකට ගිහින් ඉදගෙන ඉන්න. මම වීරයා වගේ පන්ති ‍ගියෙත් නැ පිසිකල් අහුවෙයි කියලා. රිසාල්ට් ආවාම ‍මගේ පිසිකල් ටිකත් නැතුව ගියානේ. ඉතින් කන්නේ බොන්නේ නැතිව පන්ති වල ඉන්න පුරුද්දත් ගිහින්. බඩගිනි වෙනවා අප්පච්චියේ තියන අමාරුවක්. මොනවා වුනත් මම වීරිය හිතට ගත්තා. කොහොම හරි ගොඩ යන්න මේක කරනවා කියලා. අපරාදේ කියන්න බෑ ටිකක් පුරුදු මූණු අපේ පන්ති වල ඉන්නවා.

ඒ ගොඩක් අය තමුන්ගේ පුරුදු වෙනස් කරලා. ඒ වගේම වෙනස් වෙලා. ඇත්තටම මමත් එහෙම වෙලා ඉන්නේ. ඒත් මගේ පික්සු ගතිය තාම අඩු නෑ.  මම ඉතින් නන්දන වරකාගොඩ සර්ගේ පිසික්ස් යනවා. නිලන්ත සර්ගේ පන්නි අවුරුදු 2ක් ඇද්ද‍නේ. ඉතින් මම මැත්ස් හිටපු තැනටම යන්න තීරණය කලා. ඒවගේම මම තව ICT පන්තියකට යන්නත් තීරණය කලා. ඒ පන්ති දෙකටම හෙට යනවා. කොහොම හරි ගොඩ යන්න එපැයැ.

අද නොලේජ් ෆස්ට් එකටත් ගියා ගම්පහ, මොකද eSoft එක ඒ‍කේ මේන් ස්පොන්සර්ද කොහෙදලු. ඉතින් අද අපි පන්ති ගිහින් එතනටත් ගිහින් ආවා. අප්පේ තියන ඩිග්රි ‍කන්දරාව. මෙච්චර ඩිග්රි තොගයක් තියෙද්දි පිටරට කැම්පස් දාන එකට විරුද්ධ වෙන්න දේකුත් නැ. දැනටමත් මේ තියන ඒවා තියෙන්නේ. සල්ලි තියනවා නම් අධ්‍යාපනේ ලබා ගන්න පුලුවන්. එත් ඉතින් උගතමනා සිල්පයමයි මතු රැකෙනාලුනේ.

අනේ දෙයියනේ මාව හොද කැම්පස් එකකට පිසිකැල් වත් අහුවුනොත්

W3School Site එක ඩව්න්ලෝඩ් කරගන්න ඕනේද?

ම‍ට පුදුම ආසාවක් තියනවා HTML වල‍ට අමතරව වෙබ් වලට පාවිච්චි කරන අනික් ටෙක්නොලෙජීස් පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න. ඉතින් අපි හැමෝම දන්නවා W3Schools එක තමා හොදම තැන කියලා. ඉතින් ඕක ඉගෙන ගන්න හැමතිස්සෙම ඔන්ලයින් ඉන්න ඕනේනේ. මට නම් ඒ ඔන්ලයින් ඉදිමට වඩා ප්‍රශ්නයක් තිබුනා. මම නිතර යන පිටුත් ආපහු ආපහු ඩව්න්ලෝඩ් වෙලා පෙන්නන හන්දා වෙලා යනවා. ඉතින් මම හැමතැනම හෙව්වා මේක ඩව්න්ලෝඩ් කරලා ඕෆ්ලයින් තියාගන්න පුලුවන් විදිහක්. මොකද මම දැක්කා සමහර ෆෝරම් වල පවා මේකට ක්‍රමවල් අහලා දාලා තිබුනා.

මම මේකට පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් එක FOSS එකක්. HTTrack ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක 4mb විතර වෙන්නේ. අනික ඉන්ස්ටෝල් කරන්නේ නැතිව පෝටබල් පාවිච්චි කරන එක ගත්තාම ඉන්ස්ටෝල් කරන්න ඕනේත් නැ. මේකේ නිව් ප්‍රොජෙක්ට් එකක් අරගෙන අවශ්‍ය සයිට් එක දුන්නාම ඩව්න්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. මුලු සයිට් එකම 284mb විතර වෙන්නේ. මම පුලුවන් වුනොත් අප්ලෝඩ් කරන්නම්. මේකෙන් ඩව්න්ලෝඩ් කරපුවාම තියන ඕනම තැනක ලින්ක් හරියට වැඩ කරනවා. w3school සයිට් එක asp සයිට් එකක් ඉතින් ඒ හැම asp ෆයිල් එකකින්ම ජෙනරේට් වෙන html ෆයිල් මේ මෘදුකාංගයෙන් ජෙනරේට් කරලා ගන්නවා.

කැමතිනම් කරලා බලන්න

BIT දිගටම කරගෙන යන වගයි

මම අද UGC  එකටත් කතා කරලා ඇහුවා මට BIT එක්ක ඊලග පාර කරලා කැම්පස් යන්න පුලුවන්ද කියලා. ඉතින් බලධාරියො පුලුවන් කිව්වා මට මාර සන්තෝෂයි. ඉතින් මම දැන් ආපහු විභාගේ කරන ගමන් මම BIT එකත් කරනවා. ඉතින් මේ සැරේ මම කම්පුටරය අතඇරලා විභාගේ කරන්න හැදුවට මට කම්පුටර් වලින් ගොඩ ඒමක් නැති හැඩැයි. ලිදට වැටුනු මිනිහා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනේ කියනවනේ. ඉතින් මම කෙමෙස්ට්‍රිය අතර ඇරලා ICT කරන්න ගත්තා. ඉතින් ඒක සිම්පල් ප්ලෑන් එකක්.

දැන් ක්ලාස් යන්න ඕනේ මම හැමෝටම සුභ අලුත් අව්රුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, මට සුභ නැතත්.