Webshots මතකද?

ඉස්සර කම්පුටර් පාවිච්චි කරපු ගොඩක් අය දන්නවා වෙබ්ෂොට්ස් ගැන. ඉස්සර හැමෝම වගේ පාවිච්චි කලා මම දන්න. ඇත්තටම දැනටත් සමහරු වෙබ්ෂොට්ස් පාවිච්චි කරනවා. හැබැයි බොහොම ටික දෙනෙක් තමා තාම වෙබ්ෂොට්ස් පාවිච්චි කරන්නේ.

1920Webshots_2005

මම පොඩි කාලේ ඉතින් අපිට ඉන්ටනෙට් හිතේ හැටියට යන්න තිබුනේ නැ. බොහොම ටික කාලයක් තමා ඉන්ටනෙට් යන්න හම්බෙන්නේ මාසෙටම. ඒකත් Dial up තමා. ඉතින් ඔය ඉන්ටර්නෙට් යන අස්සේ ඇප්ලිකේෂන් ඩව්න්ලෝඩ් කරනවා කියන්නේ කතන්දරයක්ම තමා. ඉතින් මේවා ඔක්කොම ඒන්නේ CD වල. සමහරු ගාව වෙබ්ෂොට්ස් CD ගනන් තිබුනා. ‍

මටත් මතකයි මමත් ඒකාලේ දාගෙන හිටියා. බොරු කියන්න ඕනේ නැ. ගොඩක් ලස්සනයි ඒ පින්තූර මමත් ඒවා එකතු කලා. මගේ ලගත් සෑහෙන ප්‍රමාණයක් තිබුනා. ඉතින් මේ වෙබ්ෂොට් මෘදුකාංගයේ මාර ෆීචර් තිබුනා. ඒකාලේ ඉතින් මම පොඩි එකා නෙව මට ඔවා මැජික් ජිමික්. හික්ස්. විනාඩි පහෙන් පහට වෝල් පේපර් මාරු වෙනවා. එතකොට කැලන්ඩර් පිටුවක් ‍ව‍ගේ වෝල් පේපරය හදනවා. මාර ගති. ටිකක් කම්පුටරය ස්ලෝත් වෙනවා. දැන්නම් ඉතින් මේ ස්ලෝවෙන එක දැනෙන්නෙත් නැතිව ඇති.

දැන් නම් ඉතින් වෝල් පේපර් ‍කාටවත් හොයාගන්න අමාරු දෙයක් නෙමෙනේ. තමුන් දකින්න වැඩියෙන්ම කැමති දේ නම ටයිප් කරලා එන්ටර් කරන ටික විතරයිනේ හැමදේම ගලාගෙන එනවනේ ගුගල් එකෙන්ම. මට හිතුනා ඉතින් දැන් වෙබ්ෂොට්ස් වල තත්වය කොහොමද කියලා හොයලා බලන්න ඉතින් මම හෙව්වා.

දැන් ලෝකේ මිලියන ගානක් මේ වෙබ්ෂොට්ලා දෙන මෘදුකාංගය පාවිච්චි කරනවලුත 668 මිලියන පොටෝ තියනවලු එයාලගේ ගැලරියේ. ඇත්තටම තාමත්‍ ගොඩක් පින්තුර ලස්සනයි. ඒවගේමයි ඇපල් මැක්ඕස් එකෙත් මේක වැඩ කරනවා.

http://www.webshots.com/page/apps

මෙන්න ලින්ක් එක ගිහින් බලලා කැමති නම් අරගන්න. මම නම් කාලෙකින් පාවිච්චි කරලා නැ. මේක 100%ක් නොමිලේ ලැබෙන්නේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s