PIC මුල්ම දවස

කවදා කාපු මාලුද. මම ජිවිතේට හිතලත් නැ වැඩි ආසාවක් තිබුනෙත් නැ. ඉතින් මම ඔය මුලින්ම දසුන් සර්ව හම්බෙන්න ගිය දවසේ හරි පහුවෙනිදා හරි.මේ දාලා තියන ටෙස්ටිං බෝඩ් ‍එකෙනම් නෙමේ ටෙස් කොලේ. මේක ගන්න දහසය දාස් නවසියකට වැඩිය යනවා. ඉතින් මම ටෙස්ට් කරපු එකේ සෙවන් සෙග්මන්ට් 6ක් තිබ්බා. ඕකට සප්ත මොකද්ද දර්ශකය කියලා වචනයක් කියනවා කියලා භෞතික විද්‍යාව සර් කීයනවා මම අහලා තියනවා. ඒත් පාව්චි කලේ අද තමා. වැඩේ ඉතින් මුලින්ම සරලයි. මේ මම පාවිච්චි කලේ mikroC ඉතින් මේකේ අවශ්‍ය හැම‍ දේටම මේතඩ් වගේ තියනවා. ඉතින් ඒක හන්දා ලේසි. මම ඉතින් ඔය සෙග්මන්ට් එකේ දේදුනු කියලා ඉංගිරි‍සියෙන් පේන්න ලිව්වා. ඒත් ඉතින් මොනිටරයේ වෙනදේ 100% අවබෝධ වුනේ අද කලින් දැනගෙන හිටියට.

ඇත්තටම දසුන් සර්ට පින්සිද්ධ වෙන්න ඕනේ ජිවිතේට ඒවා මට පාවිච්චි කරන්න වෙන්නේ නැ සර් නැත්තම්. ස්තුතියි සර්.

Advertisements

මගේ නිදහසට කරුනු

හික්ස්. හැමෝටම වගේ රිසාල්ට් අඩු වුනාට මට නිදහසට කරුනූ කෝටියයි. නිදහසට කාරණා අංක එක වැඩ නොකිරිම. ඒක මගේ නිදහසට කාරණාවකට වඩා ගෙදරින් දාන දෝස් මුරයකි. ඉතින් ඒ අස්සේ අනුර මාමට වැරදිලා මාව කෙමෙස්ට්‍රිය පාස් කරලා. මට සන්තෝසේ බෑ. ඒ වුනාට ඉතින් ඒකට හරියන්න එයා මගේ කැම්පස් සිහිනය පස් කරලා දාලා. හික්ස්. මොනවා කරන්නද සිරියාවති කියනවා වගේ හැම‍දාම සතුටින් හිටියැකියැ.

ලමයි බහුතරයක් හා මගේ හොදම මිතුරන් දන්න හැටියට මම පැලෙන්න වැඩ කරපු එකෙකි. ඒත් අම්මලට ඕක තේරෙන්නේ නැනේ. ඒයාලාගේ හිතේ මම වැඩ කලේම නැ කියලා. ඒක නම් සහතික ඇත්තය. මම විභාගයට යන ‍තෙක්ම දන්න එකා වගේ කටගැහුවා මිසක් කරපු ඇටි කෙහෙම්මලක් නැත. අහෝ කරුමයක මහත. නැවතත් ඒලෙවල්ස් කරමි. මට ගණිතයට ලැබි ඇති රිසාල්ටයද වැරදිය. කඩ්ඩද සී ය. මට කඩ්ඩේ රිසාල් දැක්ක ගමන් ෂී කියා සිතුනේය. ලයිෆ් ඉස් නොට් ඕල්වෙයිස් ඇස් යු විෂ්ය. කරුමයය. මගේ තාත්තාට සැනසුම ලගා කර දීමට අපෝසත් වීම ගැන මගේ සාතිෂය සංවේගයය. නමුත් මම ඊලග සැරයේ හතර වරිගයටම හරියන රිසාල්ටයක් දමමි. මම කම්පුටරය අත නො අරිමි. මම ‍කම්පුටරයම අව්යක් කර ගනිමී.

යාලුවනි කාරුණික දැන් වීමයි මේ පොස්ට් එක කියවා පික්සු හැදුනේ නැත්නම් වහාම වෙන පිටුවකට පලා  යනු මැනවි. හික්ස්.

රිසාල්ට් සහ මම

අනේ අපොයි. මට හිතුවට වැඩිය මදි වුනා. මොනවා කරන්නද?

Subject
Grade
PHYSICS
C
CHEMISTRY
S
COMBINED MATHEMATICS
C
COMMON GENERAL TEST
065
GENERAL ENGLISH
C
Summary
District Rank
613
Island Rank
7011
Z – Score
.6990

කොහොම හරි අන්තිමය හැමදේම වුනේ මෙහෙම තමයි. ජිවිතේ විදගන්න වෙන ගොඩක් දේවල් අපිට ඉතින් මග අරින්න බෑ. ආපහු කරන එක තමා කරන්න තියෙන්නේ. හැබැයි ඉතින් මම ටික කාලෙකට බ්ලොග් එකට සමුදීලා එකෙන්ම වීභා‍ගය කරන්නයි ලැස්තිවෙන්නේ. මේ ඉතින් මහන්සි නොව්න ඒවායේ ප්‍රතිඅල තමා. දැන් අල ගලවන්න වෙලා. මේ කරුම කෙමෙස්ට්‍රිය අත ඇරලා. ICT වත් අරගෙන කරන්න ඕනේ. බලමුකේ එහෙනම්.

අලුත් ෆේස්බුක් ස්ක්‍රෝල්බාර් එක

මට මුලින්ම ඊයේ දකින්න ලැබුනා ෆේස්බුක් එ‍කේ මෙන්න මේ ස්ක්‍රොල් බාර් එක.

Friend Request බලන තැන ගොඩක් ‍Friend ලා බලන්න පුලුවන්. ඇත්තටම මෙවගේ නො‍ටිෆිකේෂන් වලටත් දැම්මනන් හොදයි. මොකද සමහර වෙලාවට ස්ක්‍රීන් එක නොපෙනෙන්නම් වැටෙනවා මේනුඑක. ඒ වෙලාවට පේජ් එක ස්ක්‍රෝල් කරත් පේන්නේ නැනේ.  මම ඉතින් යාලුවන්ගේ මූනු කපලා දැම්මේ. මෙයාලා තාම ඇඩ් කරගෙන නැ. මොකද ෆේස්බුක් එකේ යාලුවෝ ඇඩ් කරගෙන කරගෙන ගිහිල්ලා ලිමිට් එකටම ඇවිල්ලා තියෙන්නේ. කොච්චර රික්වෙස්ට් ආවත් මම ඇක්සෙප්ට් කරන්නේ නැ.

වැදගත්ම ‍යාලුවෙක් විතරයි ඇඩ් කරගන්නේ. හැම Frienda ම වැදගත් වුනාට ඇඩ් කරගන්න බෑ. ෆේස්බුක් කියන්නේ හොද ඇඩ්වටයින් දාන්න තැනක්. ඉතින් ඒකෙන් අපේ බ්ලොග් පෝස්ට් වලට කට්ටිය ගෙන්න ගන්න ඕන හන්දා තමා මම ඒකේ ඉන්නේ. ඒවගේම තවදෙයක් තියනවා ෆේස්බුක් වයිඩ්ස්ක්‍රීන් තියන අයට ගොඩක් දේවල් පෙන්නනවා. ඒකියන්නේ අයිනේ අප්ඩේට්ස් පෙන්නවා ඒත් පොඩ් ස්ක්‍රීන් අයට ඒ චාන්ස් එක නෑ. FB කියන්නේ හැමෝටම වයිඩ්ස්ක්‍රීන් ගන්න කියලද දන්නේ නැනේ?

ගුගල් පොත පෙරලීම

මෙන්න ඉතින් දැන් ගුගල් පෙරලන්න යන පොතක් ගැන කියන්න යන්නේ. ගුගල් බුක්ස් ගැන ඉතින් ගොඩක් අය දන්නවනේ. මම ඉතින් ඒ ගැන නෙමේ මේ කියන්න යන්නේ. මම කියන්න යන්නේ ගුගල් බුක්ස් වලට එකතු වුන අලුත් ෆීචර් එකක් ගැන. ඉතින් මේ අලුත් ෆීචර් එක ගොඩක් හොද එකක්. ඒ තමා ගුගල් ඊබුක්ස් Offline කියවන්න පහසුකම් සලසලා දීලා තියනවා. ඉතින් මේ ගුගල් ඊබුක්ස් Offline පහසුකම ලබා ගන්න නම් ඇප් එකක් පාවිච්චි කරන්න වෙනවා. මේක හරියට Gmail Offline වගේ තමා ඉතින් ගුගල් Offline ebooks පාව්ච්චි කරන්න ඕනේ ඇප් එකේ ලින්ක් එක තමා මේ.

https://chrome.google.com/webstore/detail/mmimngoggfoobjdlefbcabngfnmieonb

මේක ඉතින් ක්රෝම් වලට සීමා කරලා තියනවා. මොකද මේ ඇප් එක තියෙන්නේ ක්රෝම් වෙබ්ස්ටෝර් එකේ හන්දා.  ඒවගේම ඇන්ඩොයිඩ් සහ ඇපල් උපාංග වලටත් මේ පහසුකම තියනවා.

නොමිලේ තියන‍ පොත් මෙහෙම පාවිච්චි කරන්න පුලුවන්. අනික් ඒවට නම් ගෙවන්න වෙයි. ඉතින් http://support.google.com/books/bin/answer.py?hl=en&answer=1063705 වැඩි දුර සහය ගත්තැකි. මම කැමති පොත් හැම එකක්ම නොමිලේ කියවන්න තියනවට. ඒත් අවාසනාවට පොත් ලියන සමහර අයගේ රස්සාව හන්දා පොත් වලට මිලක් තියනවා. පොත් වල තියන දේවල් වල වටිනාකම බාල වෙනවා පොතට වටිනාකමක් දෙන එකෙන්. ඇත්තටම විකිපිඩියා වල පදනමත් ගොඩක් හොදයි. ඇඩ් එකක් වත් නොදා ඉන්න එක කොච්චර වටිනවද බොහොම ටික දෙනෙක් තමා ඒ වෙබ්සයිට් එක කරගෙන යන්නේ. ඇත්තටම විකිපීඩියා කියන්නේ කියලා නිමකරන්න බැරි මනුෂ්‍යත්ව ක්‍රියාවලියක්.

මේ දවස්වල ගුගල් නිව්ස්

මම ගුගල් ගැන ගොඩක් ලියනවා. මේ දවස්ටිකේ ගුගල් ගැන ලියන්නත් බැරි වුනා. ඇත්තටම අලුත් පෙනුමක් ගුගල් බුක්මාර්ක් වලට ලැබිලා තියනවා. පර්යේෂන මට්ටමේ තිබුන බුක්මාක් ලිස්ට් ඉවත් කරනවා කියලා ගුගල් එකෙන් කියලා තිබුනා.  හැබැයි මේ අලුත් පෙනුමට ගොඩක් අය ආසයි කියනවා. මම නම් මේ බුක්මාර්ක් මගේ බ්‍රව්සරයේවත් පාවිච්චි කරන්නේ නැ. ඇත්තටම ඒවගේම Google Web History එකත් එක්ක එකතු කරලා තියනවා මේ බුක්මාක් ලිස්ට් එක. ඒක නිසා අපිට ඒ අඩවියට යන්නේ නැතිව හිස්ට්‍රි එක බලලා එතනින්ම බුක්මාර්ක් කරගන්න පුලුවන්.

ඒවගේම මගේ හිත ගියා “Let it snow” සර්ච් රිසාල්ට් එකටත්. අපි හැමෝම දන්නවා මේවගේ දේවල් ගොඩක් තියනවා කියලා. ඒත් මේක මගෙ හිතට ගොඩක් ඇල්ලුවා. ඒකේ පොඩි කික් එකක් තියනවා.

ඒවගේම සැරසිලි ටිකත් මට හම්බුනා.

christmas“,“xmas” සර්ච් කලාම මේ රිසාල්ට් ලැබෙනවා.

Hanukkah කියලා සර්ච් කලාමත් ලස්සන සැරසිලි පේනවා.

ඇයි අපි FireFox රැක ගත යුත්තේ?

Firefox කියන්නේ සොෆ්ට්වෙයා එකකට වඩා එහාට ගිය දෙයක්. ලෝකේ ලොකුම වෙනසක් කරපු දෙයක්. මම මේ පෝස්ට් එක ලියන්නේ Firefox වෙනුවෙන්. මම Firefox Develop කරන්න උදව් කරන කෙනෙක් නෙමේ Directly. ඒත් මම අහුවෙන හැම බග් එකක්ම යවනවා. මට පුලුවන් විදිහට මම Firefox ප්‍රචාරය කරනවා. ඇත්තටම මම පොඩි කාලේ ඉන්ටනෙට් යන්න තිබුන බ්‍රව්සර් වුනේ FireFox, IE, Netscape Navigator 3 තමයි ප්‍රධාන වශයෙන්. ඒත් එකකොට තිබුන Opera එකත් නරක නැ. ඒහෙම වුනාට ඉන්ටනෙට් එක තුල තිබුනු බ්‍රව්සර් වල ආධිපත්‍ය නැති කලේ Firefox. කාටහරි කියන්න පුලුවන් ඒහෙමයි කියලා අපි ඕක පාවිච්චි කරන්න ‍ඕනෙද හොද නැත්නම් කියලා.

ඉන්ටනෙට් කියන එක කාගෙවත් බුදලයක් නෙමේ. ඒවගේම ඒක අපි හැමෝගෙම. ඒකේ බලය ඇත්තටම ලැබෙන්න ඕනේ අපි හැමෝටම. ඇත්තටම Browser එක කියන්නේ ඉන්ටනෙට් එකට යන තැන වගේ. කොහොම වුනත් ක්රෝම් පාවිච්චි කරන එකෙන් අපෙන් ගුගල් එක රැස් කරගන්න තොරතුරු ප්‍රමාණය වැඩි වෙනවා. ඒක එච්චර හොද දෙයක්‍ නෙමේ. වානිජ ආයතනයන් අතේ ඉන්ටනෙට් එකේ ඒකාධිකාරිත්වය තියෙන්න හොද නැ.

Firefox එකට ලැබෙන ලොකුම අරමුදල ලැබෙන්නෙත් ගුගල් එකෙන්. මම කාටවත් ෆයර්ෆොක්ස් වලට එන්න කියලා බල කරන්නේ නැ. එහෙම කරන්න මට ඇති අයිතියකුත් නැ. ඒත් ෆයර්ෆොක්ස් වලට ආදරය කරන අය Firefox වල අනාගතය උදෙසා වැඩ කරන්න ඕනේ කාලයක් ඇවිත් තියෙන්නේ. ෆයර්ෆොක්ස් පුලුවන් තරම් ප්‍රචාරය කරන්න ඕනේ. මම දන්නවා මේකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒත් මට හිතෙනවා FF මීට වඩා පිරිසක් පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒවගේම පාවිච්චි කරන පිරිස අඩු නොවෙන්න ඕනේ කියලා.

ලොකු බ්ලොග් වලට ඉංග්‍රිසියෙන් ලියන කෙනෙකුත් කියලා තිබුනා Firefox කි‍යන්නේ ක්ලව්ඩ් වලට හතුරෙක් කියලා. ඇත්තටම ඒක හරි කතාවක් නෙමේ. Firefox කියන්නේ ඉන්ටනෙට් වඩාත් විවෘත තැනක් කරන්න හදන උත්සහයක්‍. පුලුවන් අය Firefox පාවිච්චි කරලා හරි සපෝට් එකක් දෙන්න. ක්රෝම් වලට වඩා අඩුවෙන් සමහර වෙලාවට මේකේ මෙමරි යුසේජ් එක අඩු‍ වෙනවා. Firefox 9 දාගන්න දැන් තියෙන වර්ෂන් එකත් එක්ක ගැටලු තියනවනම්‍‍.

අනික Chrome ඩිවලොප් කරන්න Proprietary DLLත් පාව්ච්චි කරනවා. Foxit කි‍යන්නේ PDF වලට තියෙන ක්ලාස් ලයිබ්‍රි එකක්. ඒක තමා ක්රෝම් පාවිච්චි කරන්නේ PDF පෙන්නන්න.

ඒත් ෆයර්ෆොක්ස්ලා ඒකට විසදුමක් ගෙනාවා ඔපන්සෝස් විසදුමක්ම PDF.js කියන්නේ ඒක. ඇත්තටම බැලුවොත් ක්රෝම් වලට අවශ්‍ය වෙලදපල ජයගන්න මිස හොද ඕපන්සෝස් බ්‍රව්සරයක් වෙන්න නෙමේ.