හොස්ටිං තරඟය

දැන් හැටට හැටේ ලංකාවේ හොස්ටිං තරඟය ආරම්භව ඇත. කැමති හොස්ටිං ආයතනයක් සමඟ සම්බන්ධ වී ඔබටත් මෙම හොස්ටිං තරඟයට සහභාගි විය හැක.

කාලයකට පෙර තිබු‍නේ සින්‍ඩිකේටර තරගයකි. (මම කිසිම සින්ඩි‍කේටරයකට දොස් නොපරවමි.) මමද ‍බොහෝ සින්‍ඩිකේටර වල සමාජිකත්වය ලබා ගත්තෙමි. සැබැවින්ම සින්‍ඩිකේටර බිහිවි‍‍මේද ‍හොදක් ඇත. ට්‍රැෆික් නැති වුන කල බ්ලොග් වැනසෙන්නේය. ඉතින් ‍මේ වැනසීයාම සින්ඩිකේටර විසින් වලකන්නේය. කො‍හොම වුනත් ප්‍රධාන සින්ඩිකේටර වල ජනප්‍රිය තාව‍යේ වෙනසක් නොව්නි යැයි සිතමි.

‍කො‍හොම හරි දැන් හොස්‍ටිං ආයතන රාශියක් බිහිව ඇත. දැන් ‍බොහෝ ආයතන වලින් අන්ලිමිටඩ් ට්‍රැෆික් සහ අන්ලිමිටඩ් ඩිස්ක් ස්පේස් ලබා දෙති. ඒකත් හොද දෙයක්. මොකද ඉස්සර බොහෝම ‍පොඩි ඉඩක් ලොකු ගානකට විකුනුවේ. ඉතින් දැන් ඒ ලබා දෙන පහසුකම් ‍ගොඩක් හොදයි. සමහර ‍වෙලාවට මේ අන්ලිමිටඩ් ලැබෙන්නේ බොහොම නීති ඇතිව. ෆයිල් ‍ෂෙයාරිං සයිට් කරන්න බැ‍. සමාජික‍යෝ 25,000කට වැඩිය තියන ෆෝරම් කරන්න බැ. ඕව‍ගේ විවිධාකාර නීති එක්කලා තමා මේ හොස්ටිං ‍දෙන්නේ. හැබැයි ඒවා මුලදි කියන්නේ නැ ලංකා‍වේ කට්ටිය නං.  කොහොම වුනත් ලංකා‍වෙ හොස්ටිං ආයතනයකිං ඩො‍මේන් එකක් ගන්න කලින් දෙපාරක් හිතන්න. ගන්න ඕනේම නම් ඩොමේන් ට්‍රාන්ස්ෆර් තියන ආයතනයකින්ම ගන්න. මොකද ‍කොච්චර හිතුවත් අදහස ‍වෙනස් කරන්නේ නැ කියලා එයාලා කල් යද්දි ගනන් ‍වෙනස් කලොත් ‍ඩොමේන් වෙන සර්වර් වලට ‍ගෙනියන්න දෙන්‍නේ නැති වෙන්න පුලුවන්. ඒතකොට ඩොමේන් එක නැති කරගන්න වෙන එක වලක්වගන්න පුලුවන් ඩොමේන් එක GoDaddy එකෙන් ව‍ගේ අරන් තිබ්බොත්.

මට දැන් ටිකකට කලින් මේ ලින්ක් එක හමිබුනේ http://www.tnavi.lk/ ගිහින් බලන්නකෝ. පුදුම හි‍තෙයි. ලංකාවේ ට්‍රැෆික් සැටලයිට් සම්බන්ධ කරගෙන ලබා දෙන සේවාවක්. ලංකාව අපි හිතනවට වඩා ඉක්මට දියුනු ‍වෙන්න යනවා කියලා හි‍තෙනවා. ( දියුනුව කියන්නේ ඉතිං ඊනියා දියුනුව තමා. භෞතික දියුනුවම තමා. දියුනුව කිව්වට හැමෝම දියුණුව කියන හන්දා මමත් කිව්වේ. )

Image Credit – blogfornoob.com
Advertisements

5 thoughts on “හොස්ටිං තරඟය

  1. ලෝකේ කිසිම දේයක් නැහැ මල්ලියෝ අන්ලිමිටඩ් කියල ‍අපේ අය මේ කරන්නෙ. හොස්ට් ගැටර් හෝ වෙනත් ස්තානයකින් රීසෙලර් ගිණුමක් අරගෙන එයාලගේ වැඩේ කරනව. මෙයාලට කරන්න තියෙන්නෙ වෙබ් අඩවියක් හදල. පොඩි ප්‍රචාරණයක් දෙන්න විතරයි. සේවක මණ්ඩලයටම ඉන්නෙ එක කොල්ලයි. වැඩේ පාඩුවේගෙන එනකොට ඉතින් පාරි‍භෝගිකයන්ට ලොවෙත් නැත.

    ඔය හැමෝම අන්ලිමිටඩ් කියල කරන්නෙ. ඕවර් සෙලින් කරන එක. නැත්නම් මොන කෙහෙල් මලකටද එක එක ලිමිට් දාන්නෙ. හී… හී…..

  2. unlimited දෙනවා ලංකාවේ. එක තැනකනම් එකනම් සුවර් http://www.xpert.lk ලා මගේ සයිට් තියෙන්නේ එයාලගේ Didohosting එකේ Unlimited Bandwith kloxo Panel එකක් (kloxo කියන්නේ VPS වර්ගයක්) මගේ Bandwith එක සතියකට Gb 6 විතර යනවා දැන් අවුරුදකට වැඩි තවම අවුලක් නෑ ආරක්ෂාව අතින්ම් හොදයි. දැන් lksevers කරනෙත් එයාලා කලින් හිටපු කාලකන්නියා නම් අපෝ මහා එපා කරපු එකෙක්.

  3. මට හොස්ටිං එපා වුන පාර තමා බ්ලොගර් වලට ආවේ මුලින් කියන කතා නෑ. කොහොමත් එක්කෙනෙක්ට ගිගාබයිට් 10ක් විතර දුන්නට පාඩුවක් නැ. ඒ දෙන සර්වර් වල මාසේට ගිගාබයිට් 10ක් පැන්නුවොත් බැන්ඩ්විත් එක අන්ලිමිටඩ් කිව්වට ස්පීඩ් එක අඩු වෙනවා. ඒක හරියට පේයා යුස් පොලිසි වගේ තමා.

    @meena ඒක නම් සහතික ඇත්ත

    @nadeera අන්ලිමිටඩ් මටත් ඕනේ නැ

    @anusha කස්ටමර් ලා අල්ලගත්තට පස්සේ සර්විස් බ්න්දුව‍යි හැමෝගෙම වගේ

  4. මම දන්නා තරමින් ඉතාම හොඳ හොස්ටින්ග් සේවාවක් ලබා දෙන ආයතනයක් තමයි BytesRack කියන්න. ආයතනය විශාල පාරිබෝගික පිරිසකගේ විශ්වාසය දින ගත්ත ආයතනයක්. මම වෙබ් අඩවි නිර්මාණ කරුවෙක්. මගේ Web 80 කට වඩා හොස්ට් කරලා තියන්න BytesRack ආයතනයේ. ඔවුන් ගේ සේවාව මම ලබාගැන අවුරුදු 7 කටත් වැඩියි. මමනම් රෙකමන්ඩ් කරන්න වෙබ් හොස්ටින්ග් වලට ලංකාවෙනම් නම ගිය ආයතනය තමයි BytesRack. BytesRack එක ඇමරිකානු ආයතනයක්. ඔවුන්ගේ ලෝකයෙක් ගොඩක් ශාකා තියනවා. ඉන්දියාව , පකිස්ථානය, ලෙබනන් , ඔස්ට්‍රේලියාව , බ්‍රසීලය , කැනඩාව ,එංගලන්තය , සහ යුරෝපයේ ගොඩක් රටවල් වල ඔවින්ගේ ආයතන තියනවා. වසර 13 කටත් වැඩ පැරණි ආයතනයක්. ඔවුන්ගේ තාක්ෂණික ශිල්පීන් ගණන 500 ඉක්මවනවා. ඔවුන් පය 24 පුරාවටම පාරිබෝගික සහය දැක වනවා. ඕන වෙලාවක ඕනෑම ගැටළුවක් විසඳීමට සැදී පැහැදී සිටින ආයතනයක්. ගණනුත් හරිම සාධාරනයි ඔයගොල්ලොත් පොඩ්ඩක් Tryකරලා බලන්න. http://www.bytesrack.com

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s