කොපි කරන එක නරක වැඩක්.

පල්ලෙහා දාලා තියන ලිංක් එක මට ලැබුනේ මගේ පොඩ් කාලේ ඉදලා යාලුවෙක්ගෙන්. ඉතින් මගේ යාලුවා ගැන කියනවනම් මට වෙනම ‍බ්ලොග් එකක් වුනත් ලියන්න පුලුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැ. සංජනයෝ ස්තුතියි මේ ලින්ක් එක මට එව්වට.

http://mamaiarui.blogspot.com/2011/09/blog-post_12.html

ඇත්තටම මම මේ බ්ලොග් එකට ගිය ගමන් පෝස්ට් එකේ තිබුන දේවල් දැකලා මම පුදුම වුනා. ඒවගේම බය වුනා. ඉතින් මම කියවන්නේ වත් නැතුව හරියට ආපහු සංජනයගෙන් ඇහුවා.

මොකද බන් මේ මට තේරෙන්නේ නැතෝ

ඉතින් සංජනයා මට කිව්වා ඒ විගසම.

බ්ලොග් එකයි කමෙන්ට් ටිකයි කියවපන්කො…. උඔට ඉස්සරහට වැදගත් වෙන්න බැරි නැහැ..

මට මගේ තියන වැඩ ටික එක්ක බ්ලොග් කියවන්න හම්බෙන්නේ කලාතුරකින්. ඒත් මම පුලුවන් හැම වෙලාවකම බ්ලොග් කියවනවා. ඉතින් මට මේ බ්ලොග් එක කියවන්න හමුබුනේ ගෙදර ඇවිල්ලම තමයි. ඇත්තටම කොපි කරන එක නරක වැඩක්. අවසරයක් නැතිව කොපි කරන එක නරකම වැඩක්. මෙතනදි කොපි කරනවා කිව්වේ අනුකරණය කරන එකටම නෙමේ. කන්ටෙන්ට් උස්සන එකට. ඒක බොහොම නරකයි. මොකද නරක කොපි කරන කෙනාගේ දක්ෂතා මොට්ට කරනවා මේ කොපි කිරිම. ඒවගේමයි මම මේ ලගදි සිංහල බ්ලොග් කරනයට පිවිසුනු මගේ යාලුවා සංජනටත් කිව්වේ කාගෙවත් කන්ටෙන්ට් තමුන් ගේ බ්ලොග් එකේ නිකන්ම දාන්න එපා. දානවානම් අනිවාර්යයෙන්ම සෝස් එකක් විදිහට පාවිච්චි කරන්න. ඒ කන්ටෙන්ට් එක විතරක් දාන්න එපා තමුන්ගේ වාක්‍ය දෙක තුනක්ව‍ත් දාන්න කියලා.

මම හොද සුපිරි බ්ලොගර් කෙනෙක් නෙමේ. ඉතින් මට යාලුවට එහෙම උපදෙසක් දෙන්න හිතුනේ මට සමහර බ්ලොග් වලට පිවිසුනාම දැනෙන දේවල් කා‍ලයක් තිස්සේ ඇනලයිස් කොරලා. මමත් ටික කාලෙක ඉදලා බ්ලොග් ලියනවනේ.

ඉතින් බ්ලොග් පෝස්ට් ලියන්න කෙනෙක් මහන්සි වෙනවා. අපි නම් ඔහේ ලියලා දානවා. ඒ වුනාට සමහර අය කවි හදලා දානවා. ඒ වගේම සයිබර්යාය කරන අයියා කාටුන් පින්තුරත් දානවා. ඒවගේ මම නොකිව්වට ගොඩක් මහන්සි වෙනවා. අනික ඔය මහන්සි වෙන ගොඩක් අය සල්ලි හම්බකරන්න නෙමේ මහන්සි වෙන‍්නේ. විනෝදයටයි. ‍බ්ලොගින් කියන්නේ විනෝදාංශයක්නේ. ඉතින් ඒ අයට බ්ලොග් කරනය එපා කරවන්න එපා.

කොපි කරන්න අවසරය දිලා තියන අඩවි වලින් විතරක් ‍කොපි කරන්න කියලා කොපි කරන අයට කියනවා. ඒවගේමයි, කොපි කරොත් අඩුම ගානේ ලිංක් එකක්වත් දාන්න. ලින්ක් එකක් දාන්න හිතෙන්නේම නැත්තම් ටෙකස්ට් එකක් විදිහට නමවත් දාන්න.

මගේ පෝස්ට් කොපි කරන්න ෆුල් ලයිසොන් තියනවා. (කාටවත් ඒ හැටි වැඩක් නැනේ. බයවෙන්න දෙයක් නැ හැබැයි ඒක හන්දා) අඩුම තරමේ වාක්‍යක්වත් එකතු කරලා මගේ ඒවා කොපි කරලා පල කරන්න. මගෙන් කොපි කරපු මල්ලි කෙනෙක්ටත් මම කිව්වේ ඒකයි.

Advertisements

5 thoughts on “කොපි කරන එක නරක වැඩක්.

  1. අදම තමා මේ පැත්තෙ ආවෙ . . . පහුගිය දවස් ටිකේ ඔය කොපි කරපුවට ලෙඩ ඇදල මට ගොඩක් අයගෙන් බැනුං අහන්නත් උනා. ගොඩක් අය ඇහුවෙ කොපි කරල තියෙන්නෙ උඹේ පෝස්ට් නෙමේනං උඹ මොකටද ඔච්චර දඟලන්නෙ කියල. මොනව කරන්නද . . . මගෙ ඇඟේ අමාරුව වෙන්න ඇති. බ්ලොග් කාරයෙක් විදියට මම දන්නවනෙ පෝස්ට් එකක් කොටන්න මොන ගේමක් දෙන්න ඕනෙද කියල . . .
    පෝස්ට් එකනං හොඳා . . ඒත් චාටර් විදියට කොපි කරල තියනව නං . . . මෙහෙම පෝස්ට් එකක් දාල විතරක් මදි

  2. තැන්ක් යූ මාව මතක් කෙරුවට. උඹ එදා කිව්ව එක හිස් මුදුනින් පිළි ගන්නව.ආයිත් ඒකෙ දෙකක් නැහැ.මටත් පස්සෙ හිතුනා ඒක වැරදියි කියල.

    යාළුව බ්ලොග් එකෙ වචන පාවිච්චිය කොහොමද! මම නම් හොල්මන්.. සිරා වැඩ කාරයෙක්

  3. @ඕනයා මගේ පෝස්ට් කොපි කරාට මගේ දුකක් ඇත්තේම නැ වගේ තමා ඒත් මට හිතට අමාරු හොද බ්ලොග් එකක් පෝස්ට් කොපි කරපු එකට.

    @සංජන සිරා බ්ලොග් එක මචං පට්ට

    ඇත්තටම මොකක් හරි හොද දෙයක් ගැන කතා කරන්න ගියොත් වලි වැටෙනවා‍මයි නේ යාලුවා ඕනයා ඔවා ඔහොම්මම තමයි

  4. //කොපි කරන්න අවසරය දිලා තියන අඩවි වලින් විතරක් ‍කොපි කරන්න කියලා කොපි කරන අයට කියනවා. ඒවගේමයි, කොපි කරොත් අඩුම ගානේ ලිංක් එකක්වත් දාන්න. ලින්ක් එකක් දාන්න හිතෙන්නේම නැත්තම් ටෙකස්ට් එකක් විදිහට නමවත් දාන්න.//

    මගෙත් අදහස ඕකම තමයි. අපි ලියන්නේ විනෝදෙට. අපේ බලාපොරොත්තුව වෙන්නේ අපේ නිර්මාණය වැඩි දෙනෙක් අතරට යන එක. ඉතින් අපි ලියපු දෙයක් කව කෙනෙක් කොපි කරන්නේ ඒකේ අගයක් තියෙන නිසානේ. ඒක ගැන සතුටු වෙන්න පුළුවන්. ඒත් අපේ මහන්සියේ ක්‍රෙඩිට් එක වෙන කෙනෙක්ගේ එකවුන්ට් එකට යනවා නම් දුකක්, කේන්තියක් ඇතිවීම ස්වභාවිකයි. මමත් ඔබ ප්‍රශ්ණෙට දෙතුන් පාරක්ම මුහුණු දුන්නා. හැබැයි සුහදව කථාබහ කරගෙන ප්‍රශ්ණය විසඳගත්තා. ඒ නිසා මගේ බ්ලොග් එකට එන ට්‍රැෆික් එකත් වැඩි වුනා.

    කොපි කලාට කමක් නෑ. හැබැයි තැන දාන්න ඕනේ. අදහස් රන එකට නම් කරන්න දෙයක් නෑ. ඒත් ගෙඩිය පිටින් කොපි කිරීම නම් අන්තිම නරකයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s