FireFox ද? පරිස්සමෙන්!!!

මම පාවිච්චි කලේ ෆයර්ෆොක්ස් බ්‍රව්සර් එක තමා වැඩියෙන්ම. තාමත් එහෙමයි. ඉතින් මගේ එකව්න්ට් ඔක්කොම ඔක්කොම කියන්නේ එකව්න් 4ක් විතර හැක් කලා. හැක්කලා කියන්නේ ඒ ඔක්කොගෙම එකම පාස්වර්ඩ් එක තිබුනේ

5jdetn8ox9qp

මේවගේ පාස්වර්ඩ් එකක් තමා තිබුනේ. ඉතින් මම බය නැතිව හිටියා. බලාගෙන ගියාම මගේ එකව්න්ට් එකටත් කෙලලා වැඩේ. මම පැහැදිලිව දන්නවා මගේ හොදම යාලුවෙක් තමා විදලා තියෙන්නේ කියලා. වාසනාවට මට ආපු වැදගත් මේල් දෙකක් තිබුනා ඒක මකලා නැ. පින්සිද්ධ වෙනවා හැකර් මගේ ගිනුම් වල දත්ත අරගත්තත් මට හානියක් කරලා නැ. මොනවා වුනත් හිත හොද කොල්ලෙක් හැක් කරලා තියෙන්නේ. ඉතින් මම පාස්වර්ඩ් ‍ඕක්කෝම වෙනස් කලා හැබැයි ඉතින් මම නිකං හිටියේ නැ. මම පාස්වර්ඩ් එක හොයාගත්ත හැටි හොයලා බැලුවා. ලොග්ස් හැම එකක්ම වගේ

ඉතින් මම පෙනුනා ෆයර්ෆොක්ස් එකේ පාස්වර්ඩ් සේව් කරන එක භයානකයි කියලා.

ඉතින් මෙන්න මේ විදිහට තමා මම අනුමාන කරන විදිහට පාස්වර්ඩ් එක ලීක් වෙලා තියෙන්නේ. හැකර් මට බැන බැන පාස්වර්ඩ් ගෙනියන්න ඇති. මම මේක මිට කලිනුත් දැනගෙන හිටි‍යා ඒත් මම හිතුවේ නැ මෙහෙම දෙයක් වෙයි කියලා. ඒක හන්දා තමුන් පාවිච්චි කරන කම්පුටර් එක කාටහරි දෙනවා නම් පරිස්ස‍මේන්. මොකද මට වුන දේ වෙයි.

Advertisements

24 thoughts on “FireFox ද? පරිස්සමෙන්!!!

  1. මරු යාලුවෙක්.ඔය වගේ යාලුවෝ ඉන්න කොට හතුරෝ මොකටද?

  2. මගේ කම්පුටර් එකේ මම පාවිච්චි කරන්නේ ෆයර්ෆොක්ස් 3.6 වර්ෂන් එක.

    මම ෆයර්ෆොක්ස් 8 දාලා බැලුවා.එකේ සමහර සිංහල අකුරු වැඩ නැ.ඊ නිවුස් එහෙම.ඉතින් හොයලා බලද්දී ඒ සිංහල අකුරු වැඩ කරන්නේ ෆයර් ෆොක්ස් 4 න් පහල සංස්කරණ වල විතරයි.ඉතින් මම ෆර්ෆොක්ස් 3.6 පාවිච්චි කරනවා.

    ගුගල් ක්‍රෝම් වල නම් ඒ සිංහල අකුරු වැඩ.ඒ උනාට යු ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් Internet Download Manager ඔප්ශන් එක වැඩ නැහැනේ.ඒක තමයි සින් එක.

  3. ෆයර් ෆොක්ස් නෙමේ ඕනිම බ්‍රව්සරයක පාස්වර්ඩ් සේව් කරල තියන එක භායානකයි , මම නම් ෆයර් ෆොක්ස් භාවිතය අත්හැරල ගොඩක් කල් . ක්‍රෝම් ඇරුණාම IE තමයි. IE 9, IE10 සැහෙන්න හොඳයි

  4. බුවා-
    ක්‍රෝම් වලින් යු ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද මලේ?(Internet Download Manager එක හරහා.)

  5. මමත් වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ Firefox. ඒක මගේ විශ්වාසය දිනාගත්ත browser එකක්. firefox පරිස්සමින් කිව්වට chrome පාවිච්චි කලත් එච්චරම තමයි. firefox පාවිච්චි කරද්දි save වෙන password බලන්න යනකොට master password එකක් දාන්න
    එතකොට හරි. firefox අලුත් version එක දාගෙන IDM අලුත් එක install කරගන්න. එතකොට යකා වගේ වැඩ.
    එහෙම නැතුව Firefox වලට බනින්න එපා හො‍දේ !
    මට තරහා යනවා LOL

  6. @ඇනෝ – මම IDM පාවිච්චි කරන්නෙවත් නැනේ , මම පාවිච්චි කරන්නේ FDM (Free download Manager ) එක(ඒක්ත් ක්‍රෝම් සමඟ වැඩ නැත ) , යූ ටියුබ් වලට වෙනම යූ ටුම් විඩියෝ ඩවුන්ලොඩරයක් , ඒ නිසා සහෝගේ ප්‍රශ්නයට උත්තරයක් නම් නැනේ මා ගාව ,හැබැයි IE වලින් නම් පුලුවන් වෙන්න ඕනි . මොකද මම දන්න තරමින් IDM . IE එක්ක හොඳින් වැඩ කරනව

  7. හික්ස් මම දැන් දැක්කෙත් නැ. @ShiraN ස්තුතියි මම පාස්වර්ඩ් එක දාන්නම්. @Ano මම පාවිච්චි කරන්නේ ඇඩෝන් එකක් විතරයි.
    @බුවා ස්තුති කමෙන්ට් කරාට

  8. බුවා මලේ,
    ෆයර්ෆොක්ස් අලුත් එකේ ඊ නිවුස් සිංහල අකුරු පෙන්නේ නැති එක හදාගන්න හැටි දන්නවද?
    දන්නවනම් කියලා දෙන්ටකෝ මලේ අපිටත්.
    මේ බ්ලොග් එක අයිති මහත්තයට කේන්ති යයිද මන්දා මේ අතුරු කාරනා මේකේ සාකච්චා කරලා.

  9. @Ano – ඒ වැඩේ ටිකක් අවුල් , ඊ නිවුස් යුනිකෝඩ් නැතුව ඒ ගොල්ලන්ගෙම ෆොන්ට් එකක් යුස් කරන නිසා ඒ අයටම තමයි තමන්ගේ ෆොන්ට් එක ෆයර් ෆොක්ස් වල වැඩ කරන්න හදන්න වෙන්නේ . එතකන් ෆොන්ට් එක වැඩ කරන බ්‍රව්සරයක බලමු !

  10. ෆොන්ට් එක තාවකාලිකව මාරු කරලා නම් බැලුවැකි ෆයර්ෆොක්ස් වල ඔප්ෂන් එකට ගිහින්. හැබැයි අනික් වෙබ් සයිට් වලට යද්දි ආපහු මාරු කරන්න වෙයි.

  11. බුවා මලයටත්,බ්ලොග් එක අයිති මහත්තයටත් ස්තුතියි.
    ඔන්න මං ඔහේ ෆයර්ෆොක්ස් 3.6 ම පාවිච්චි කරනවා.

  12. ගිනි නරියා අළුත් හැම සංස්කරණෙකම සිංහල යුනිකෝඩ් වැඩ. පරණ ඇස්කි ෆොන්ට් නං මැශින් එකට ඉන්ස්ටෝල් කරල තියෙනව නං වැඩ. කොයිකටත් ඔය ඔප්ශන්ස් වල content කියන එක බලන්න. FF වල password save කරනව නං අනිවා master password එකක් දාල තියන්න. password save කිරිල්ල අතින් Firefox ආරක්ෂිතයි chrome වලට වඩා. මොකද chrome වල master p/w එකක් නැහැනේ

  13. මට මේක වුනේ මාස්ටර් පාස්වඩ් එකක් නොදා තිබිම හන්දයි. මම ඒක දැකලා තිබ්බත් දැනන් හිටියේ නැ අනික වැඩි අවදානයක් යොමු කලෙත් නැ

  14. ඇත්තටම කොයි තරම් අලුත් එඩිශන් ආවත් මට තාම ෆයර්ෆොක්ස් 3.6 අතහැරගන්න බැරි වෙලා.. අලුත් ඒවා ඉන්ස්ටොල් කලත් ඒ එකක්වත් 3.6 තරම් මට නම් ‍ෆිට් වෙලා නැ මේ වෙනකන්.. ක්‍රෝරෝම් නම් මට දිරවන්නේම නැ… කැෂ් වෙනවා වැඩියි,…. මොකද මන්දා…. ඉ.එක්ස් මට දිරවන්නෙත් නැ සමහර වෙලාවට චැට් කිරිම් වලට සපොට් නැ.. මට විතරක් තියන ප්‍රශ්නද දන්නේ නැ.. කොහොමත් මට හොද නම් ෆයර්ෆොක්ස් වලත් 3.6 විතරමයි…..

    මාස්ටර් පාස්වර්ඩ් ගැන පොඩ්ඩක් කියලා දෙනවද ?

  15. ඔප්ෂන් වින්ඩෝ එක අරගෙන ඒකේ සිකුරිටි ටැබ් ‍එකේ ටික් එකක් දාන්න මාස්ටර් පාස්වර්ඩ් වලට ඊට පස්සේ ඉස්සරහ තියන බටන් එක ඔබලා පාස්වර්ඩ් එක දාගන්න

  16. පොස්ට් එකයි කමෙන්ට් ටිකයි නිසා හිතුමතේත් ගොඩාක් දේවල් ඉගන ගත්තා.. හිතුමතේ ටිකක් අලුත්නේ

  17. එයින් මෙයින් FireFox ගැනත් දැන ගතිමි.යාළුවන් ලෙස සිටින හතුරන් ගැනත් ටිකක් විතර දැන ගතිමි.
    ඒ නිසා ස්තූති නොකර හරි නැත.

    ස්තූතියි..(හැමෝටම)

  18. Chrome කොහොමත් crash වෙනවා වැඩියි සහෝලා picture save කරද්දි ගොඩක් අයට එපා වෙලා ඇති. speed අතින් නම් browser දෙකම same huh! . ‍කොහොම හරි කමක් නෑ හැමෝම පුරස්න විසදගන්නවනම්

  19. Oh ! කියන්න අමතක වුණා. Download වලට හැමෝම IDM පාවිච්චි කරනවනම් හොදයි මම හිතන්නේ. වෙන හොද Software ඇති IDM පාවිච්චි කරලා බලන්නකෝ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s