Panoroma නැද්ද?

දැන් ඉතින් අලුත් ජිගිලිබිරිස් එකක් තියනවනේ කැමරා වලයි කැමරා තියන ෆෝන් වලයි. ඒ තමයි පැනරොමා. අප්පොච්චියේ පොටෝ එක යාරයක් දිගයි. ඉතින් ඕක තමුන්ගේ ෆෝන් එකේ නැත්තම් කැමරාවේ නැත්තං පසු තැවෙන්න එපා. මොකද ඒකට මයික්‍රොසොෆ්ට් රිසර්ච් ලැබ්‍ එකෙන් පොඩ් වැඩසටහනක් (ප්‍රෝග්‍රැම් එකක්) දිලා තියනවා. ඒ තමා Image Composite Editor. පල්ලෙහා තියනවා ලින්ක් එක ගිහින් බාගන්නකෝ.

http://research.microsoft.com/en-us/um/redmond/groups/ivm/ICE/

මේ වැඩසටහන දෙන්නේ නම් නොමිලේ. හැබැයි ඔෆිෂියල් සපෝට් එකක් නම් නැ. තමුන්ටම තමා ඉගෙන ගන්න වෙන්නේ. මේකේ පහසුකම් ගොඩක් තියනවා. ඒවායින් සමහරක් ඒවා මට ‍තේරෙන්නෙත් නැ. ගිගාපික්සෙල් පින්තුර වුනත් හදන්න පුලුවන්ලු කිසිම ලිමිටේෂන් එකක් ඒ කිව්වේ සිමාවක් දාලා නැලු. ඒවගේම ගොඩක් ෆෝමැට් වලට එක්ස්පෝට් කරන්නත් පුලුවන්.

වින්ඩෝස් 7 තියනවානම් මේකේ තව ජොලි වැඩකුත් තියනවා. ඒ තමා විඩියෝ එකකින් පැනරොමික් පින්තුරයක් හදා ගන්නත් පුලුවන්ලු. මට ඉතින් ඒක චැක්‍ කොරලා බලන්න විදිහක් නැ. මම පාවිච්චි කරන්නේ විස්ටා නේ. මම වින්ඩෝස් 8 ආවාම ගන්න කියලා හිතන් ඉන්නේ. සෙවන් ගත්තේ නැත්තේ ඒකයි.

ඒවගේම මේ හදන් පින්තුර පොටෝසින්ත් එකට අප්ලෝඩ් කරන්න පහසු කමුත් තියනවා. අපේ යාලුවො කව්රුත් පාවිච්චි නොකලාට පොටෝසින්ත් එකත් නියම ‍ජොලි වැඩක් වගේයි. ඒවගේම HD View සපෝට් කරනවා.

http://research.microsoft.com/en-us/um/redmond/groups/ivm/HDView/

පල්ලෙහා දාලා තියෙන්නේ HD විව් එකෙන් කරන්න පුලුවන් දේ තමයි. හැබැයි ඉතින් ඒකට හොද Resolution එකක් තියෙන්න ඕනේ. පොටෝ 800ක් විතර එකකහු කරලා ගිගාපික්සෙල් 4ක විතර පින්තුරයක් හදා ගන්න පුලුවන්ලු. ඔයාලත් කරලා බලලා කියන්නකෝ කැමතිනම්.

මේ HD View එක ප්ලැට්ෆෝම් ඉන්ඩිපෙන්ඩන්.  තව දෙයක් තමා Microsoft ICE කියන්නේ Image Composite Editor එකටම තමා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s