Google Offers සහ Twitter Stories

මගේ බ්ලොග් එකත් මගේ කැලැන්ඩර් එකත් මගේ කන්ටැක්ස් ටිකත් මගේ ලියකිව්ලිත් සයිට් එකත් මම දිලා තියෙන්නේ ගුගල් එකට. ඒවගේම නොමිලේ. මම මගේ බ්ලොග් එකේ ප්‍රචාරන කටයුතු වලට ගුගල්+ ටිව්ටර් ෆේස්බුක් පාවිච්චි කරනවා සින්ඩිකේටර් වලට අමතරව. හැබැයි මම මේතනදි අමතක නොකර කියන්න ‍ඕනේ දේ තමා සින්ඩිකේටර් තමා 95% පාඨකයෝ ගෙනල්ලා දෙන්නේ. නැත්තන් කියවන්න එන අයත් අඩුවෙනවා.

මේ අතරේ මම අන්තර්ජාලයේ පාවිච්චි කරන ‍සේවාවල් වලින් 2ක් ඇරෙන්න අනික් හැම එකක්ම අයිති ‍ගුගල්ලට. ගොඩක් අයත් ‍එහෙමයි. සමහරු යාහු ඉමේල් එකව්න් පාවිච්චි කලත් සර්ච් කරන්නේ ගුගල් වලින් ඇත්තටම ගුගල් හින්දාම ගෙනයන ව්‍යාපාරත් දැන් තියනවා. කොහොම හරි මම ගුගල් ඇප්ස් පාවිච්චි කරන්නත් ගත්තා.

මේ පින්තුරේ ගත්තේ marshable.com එකෙන්. මේ සේවාව දැනට ඉතින් ඇමරිකාවට විතරයි. ඇමරිකාවේත් සමහරක් පැති වලට විතරයි. ගුගල් එක හරහා ඇත්තටම ව්‍යාපාර වල දීමනා ප්‍රසිද්ධ කරනවා. ගොඩක් වෙනස් විදිහේ දිමනා මෙතනදි හම්බෙනවා. කැම වලට විනෝදාත්මක දේවල් වලට ඒවගේම තාක්ෂනික උපාංග වලට විවිධ ආකාරයේ දිමනා හම්බෙනවා. තව ටික කාලෙකින් ටිවි වල ඇඩ් දාන එකත් නැතිව යයිද දන්නේ නැ. මේක මම දැකලා දැන් ටික දවසක්. ඒවගේම නවතම දිමනා Subscribe කරන්නත් පුලුවන්. එතකොට email මාර්ගයෙන් ඒ දිමනා ගැන දැනගන්න ලැබෙනවා.

මම අද ටිවිටර් බ්ලොග් එකට ගියාම දැක්ක අන්තිම පොස්ට් එක ටිවිටර් ස්ටෝරිස් ගැන. මේ ගැන මම ටිකක් හොයලා බැලුවා. දැනට මේක ගැන ප්‍රසිද්ධ ‍බ්ලොග් වල ලියලා දවස් දෙකක් විතර වෙනවා. ඒත් මම කලින් දැනන් හි‍ටියෙම නැ. මේකේ තියෙන්නේ ටිවිටර් වලින් රටේ ‍ලෝකේ ඉන්න අය කරපු හපන් කම් ඒවගේම ව්‍යාපාර වලට ‍ටිවිටර් පාවිච්චි කරන හැටි ගැන තමා.

එක්කෙනෙක් එයාගේ අම්මගේ පොත් සාප්පුව බේරගත්ත හැටි, මාලු අල්ලන කෙනෙක් ගොඩට එන්න ඉස්සෙල්ලා එයාගේ මාලු ටිවිටර් හරහා විකුනන හැටි, ඒවගේම තමුන්ගේ ෆලොවර්ස්ලා 100කට විශේෂ දිමනා දිපු හැ‍ටි ඕවගේ දේවල් තමා. තව ටියුනිසියාවේ අරගලයෙදි ටිවිටර් පාවිච්චි කරපු හැ‍ටි.

එන්න එන්නම ලෝක‍ය වෙනස් වන හැටි තමා පේන්නේ. තව මොනවා‍ වෙයිද කියලා අපි බලමුකෝ!

http://www.google.com/offers – ගුගල් ඔෆර් මුල් පිටුව
http://stories.twitter.com/ – ටිවිටර් ස්ටෝරිස් මුල් පිටුව

Advertisements

4 thoughts on “Google Offers සහ Twitter Stories

  1. කියල වැඩක් නෑ මචන්… මගෙ ගූගල් එකවුන්ට් එක නැතිවුනා කියන්නෙ ..අම්මොහ්.. ඊට වඩා හොදයි මැරෙන එක

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s