Google Bar!!! ම‍ට නං වෙරි හොදටම

ම‍ට දැන් ටිකකට කලින් මේල් එකක් ආවා ගුගල් බාර් කියලා. ඉතින් මම ගිහින් බැලුවා කියවලා බැලුවාම හොදටම වෙරිමට. මොකද ඒක බාර් එකක් ගැන ආටිකල් එකක්නේ.

ඉතින් ගුගල් අලුත් ඉන්ටෆේස් එකක් දුන්නනේ මේකේ කරන්න යන වෙනසක් ගැන තමා මේ කියලා තියෙන්නේ. දැන් ජිමේල් ගුගල් සර්ච් උඩින් එහෙම තියෙන කලුපාට බාර් එක අයින් කරන සීන් එකක් තියෙන්නේ. ඒ කරලා ‍ඩ්‍රොප්ඩව්න් එකක් විදිහට පෙන්නන්න යන්නේ.

 වැඩියෙන් ඉඩක් යන්නේ නැති වෙන්න තමා මේක හදලා තියෙන්නේ. මම හිතන විදිහට බ්ලොගර් එකත් ඕක්කොම ඒක්ක ඉන්ටග්‍රේ‍ට් කරන්න යන්නේ. හැබැයි මේකෙන් ස්විච් වෙන එක පහසු කරන්න අදහස් කරලා තියනවා.‍ ෂෙයාර් කරන එකත් ලේසි කරලා තියනවලු. තාම ඉතින් ආවේ නැනේ ආවාම බලමුකෝ!!

Advertisements

IDM පාවිච්චි කරන්න දගලලා එපා වෙලාද?

IDM එක ඉතින් ගොඩක් අය පාවිච්චි කරනවානේ. හබැයි ඉතින් මේ ක්රැක් කතන්දරේ හන්දා මම නම් IDM පාවිච්චි කරන්නේ නැ. ඒත් IDM වලින් හොද වේගයක් ලැබෙනවා කියලා හිතෙනවා. ඇත්තටම දැනෙනවා වගේ වේගයක් ලැබෙනවා. අපි පොඩි කාලේ DAP කියලා එකකුත් තිබ්බා ඒක තාමත් තියනවා. ඒත් ඒ DAP එක ටිකක් බරයි. පාවිච්චි කරද්දි ස්ලෝවෙනවා. දැන් ඉතින් කොහොම හරි මම ඉන්ටනෙට් සමග සම්බන්ධ වෙලා වැඩ කරන්න පාවිච්චි කරන්නේ බ්‍රවිසර් එක විතරයි. අනික් හැම විදිහක්ම මට එපා වෙලා තියෙන්නේ.

යුටියුබ් ඩව්න්ලෝඩර් එකක්වත් ඩවින්ලෝඩ් ඇස්ලේටර් එකක්වත් මම පාවිච්චි කරන්නේ නැ. මගේ හැමතිස්සේම ඕපන් කරලා තියන වෙබ්සයිට් වලට ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා. ඒවගේම මම සර්ෆ් කරන්න පාවිච්චි කරන්නේත් ෆයර්ෆොක්ස්. හදිසි වෙලාවට සයිට් එකකට යන්න ක්රොම් පාවිච්චි කරනවා. තව එකව්න්ට් එකකින් ලොග් වෙන්න ඕනි වුනොත් පාවිච්චි කරන්නේ IE9 තමා.

ඉතින් eSoft එකේ නෙටිවර්ක් ඇඩ්මිනිස්ට්‍රේෂන් කරන අයියා තමා මට මේ ප්ලග් ඉන් එක ගැන කිව්වේ. මම හිතුවෙත් මේක සොෆ්ට්වෙයාර් එකක් කියලා. ඒත් දවස් දෙකකට පස්සේ ඉන්ස්ටෝල් කරන්න ගියාම දැනගත්තේ මේක ප්ලග්ඉන් එකක් කියලා‍. මේකේ නම DownloadthemAll මිලියන 40ක් දෙනා පාවිච්චි කරනවා මේක. ඇත්තටම හොදයි. නොමිලේ දෙන එක තමා වැදගත්ම. ඒවගේම ඩව්න්ලෝඩ් කරද්දි ත්‍රෙඩ්ස් පහසුකමත් තියනවා.

Platform වල ප්‍රශ්නයකුත් නැ. ෆයර්ෆොක්ස් දාන්න පුලුවන් ඕනම Platform එකක මේක වැඩකරනවානේ. අනික ස්ටාටප් වෙද්දි වැඩ කරන්නේ එහෙම කරදර මොකුත් නැ. තනිකරම ෆයර්ෆොක්ස් ඇතුලෙමයි. එක පිටුවක තියන ඕක්කොම ලින්ක් ඩව්න්ලෝඩ් කරන්නත් පුලුවන් එක එක ක්ලික් කර කර ඉන්න ඕනෙත් නැ. තව‍ ගොඩක් පමසුකම් තියනවා.

දකුනු පැත්තේ පල්ලෙහා තියන කම්පුටර් දෙක උඩ ක්ලික් කරපු ගමන් ඩව්ලෝඩ් ඔක්කොම නතර වෙනවා. අපිට හදිසියේ සර්ෆ් කරන්න ඕනේ වුනොත් මේක ‍ඔබන්න විතරයි තියෙන්නේ. ආපහු ඩව්න්ලෝඩ් ඕක්කෝම ඒ පින්තුරේ ක්ලික් කලාම පටන්ගන්නවා. Firefox එකට easy YouTube downloader ප්ලග් ඉන් එක දාලා යුටියුබ් එකේ ඒවා ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්නේ. ඒ ඩව්ලෝඩ් කරන ඒවා නතර වුනොම් Pause කරලා ආපහු Resume කලාම එතන ඉදලා ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. කිසිම කරදරයක් නැ.

පාවිච්චි කරලා බලලා කියන්නකෝ. මටනම් හිතට ඇල්ලුවා. මේක ගැන කියපු අයියටත් මම ස්තුති කරනවා.

Knowledge Not anymore

I have studied about knowledge for few months. Actually I got knowledge about knowledge. First of all I have to thank the authors of few books and columns. But I’ll not name them here.

Knowledge can make this world better place. Also knowledge can destroy this world too. But the knowledge must be only for good of human beings although it is not. However knowledge is incomplete feeling. As humans we know our feelings are limited and our knowledge is a thing which is combined with out feelings. In this case feelings are very complicated. And people who are creating knowledge are having new feelings. And their sense is broad. Every human being creates knowledge.

Knowledge should be shared. But that sharing must limited. Knowledge is a weapon against anything including good and bad. It should be shared with disciplined people who can manage this knowledge against the bad. Some fighting arts shouldn’t be taught to every one. May be they are misused if we do so.

But no one should destroy knowledge.

Destroying knowledge is destroying humanity

I have heard this from somewhere and I can remember the place. It’s absolutely correct. Knowledge raises crimes sometimes. Eager to have knowledge may cause crimes. Nowadays knowledge is part of business. It is not the correct place for it. Knowledge is not only to achieve economical purposes.

Please find what is the knowledge is if you don’t know what is it.

‍Siri Browser වලට තිබ්බනං

Siri ටිකක් වෙනසක් කරපු දෙයක් කියන්න පුලුවන්. සිරි වල වෙනස ඒක වොයිස් අදුනා ගැනීම නෙමේ වාක්‍යන් අදුරා ගැනීමයි. නැත්තම් වොයිස් රෙකග්නීෂන් වැදගත් අංගයක් නෙමේ. වොයිස් රෙකග්නිෂන් තියන ෆෝන් නොකියා එකේනුත් ඉස්සර ආවනේ.

Siri

හැබැයි මේ Siri වගේ ප්ලග් ඉන් Browser වලට නැතුව නෙමේ. Fake Siri තියෙන්නේ Chrome වලට. ඒකත් තරමක් හොදයි. ඒත් ගොඩක් දේවල් අදුරගන්නවා කියන්නත් පුලුවන්. පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ ඒකෙත් හිතන ගතිය ටිකක් අඩුයි. මම මේ හිතන ගතිය කිව්වට සිරි කියන්නේ කෘතිම බුද්ධියක් නෙමේනේ. ඒකේන් රටාවල් අදුරගෙන අදහස කලින් සකස් කරපු ආකාරයකින් ගලප ගන්න එකනේ කරන්නේ.

ඉතින් මේ ගතිය ඒවගේම තියන ඇප්ලිකේෂන් එකක් මම තාම හරියට දැක්කේ නැ. ප්ලග් ඉන් එකක්වත්. ඇන්ඩ්‍රොයිඩ් වලටත් Siri වගේ වැඩකරන්න ඇප්ලිකේෂන් එනවා. ඒත් ඒවත් තාම සැලකිය යුතු මට්ටමක නැ.

ගුගල් වොයිස් සර්ච් එ‍ක වොයිස් එක හදුනගෙන වැඩ කරන්න ටික කාලයක් යනවා. ඒකත් වැඩ කරන්‍නේ Chrome වල විතරයි

වින්ඩෝස් ෆෝන් 7 වල තත්වය කමාන්ඩිං පිලිපැදීමම තමයි. ඊට වඩා දෙයක් නැති තරම්. බ්‍රව්සර් වලට මේ පහසුකම ඉන්බිල්ඩ් දෙන්න පුලුවන්නම් කොච්චර හොදද. සෆාරි එකට මේක ඇඩ් කලා නම් තව ඇපල් පරිඝනකත් නැගලා යයි. හැබැයි ඉස්සර තිබුන Virtual Assistant Software එක්ක පටලව ගන්න හොද නැ. හරියට බ්‍රව්සරයක් එක්ක ඉන්බිල්ඩ් වෙලා ආවොත් තව ගොඩක් පහසු වෙයි ඉන්ටර්නෙට් සර්ෆ් කරන එක.

මොනවා වුනත් ඉතින් මේ හැම ඇප් එකකම පොඩි අව්ලක් තියෙන්නේ අපිට අපි ඉතින් ඉංග්‍රිසි කතා කරන්න ‍ඕනේ සුද්දොන්ටත් ඉංග්‍රිසි ඉගැන්නුවේ අපි වගේ. නැත්තම රට විකාර තමා තේරුම් ගන්නේ.

හොස්ටිං තරඟය

දැන් හැටට හැටේ ලංකාවේ හොස්ටිං තරඟය ආරම්භව ඇත. කැමති හොස්ටිං ආයතනයක් සමඟ සම්බන්ධ වී ඔබටත් මෙම හොස්ටිං තරඟයට සහභාගි විය හැක.

කාලයකට පෙර තිබු‍නේ සින්‍ඩිකේටර තරගයකි. (මම කිසිම සින්ඩි‍කේටරයකට දොස් නොපරවමි.) මමද ‍බොහෝ සින්‍ඩිකේටර වල සමාජිකත්වය ලබා ගත්තෙමි. සැබැවින්ම සින්‍ඩිකේටර බිහිවි‍‍මේද ‍හොදක් ඇත. ට්‍රැෆික් නැති වුන කල බ්ලොග් වැනසෙන්නේය. ඉතින් ‍මේ වැනසීයාම සින්ඩිකේටර විසින් වලකන්නේය. කො‍හොම වුනත් ප්‍රධාන සින්ඩිකේටර වල ජනප්‍රිය තාව‍යේ වෙනසක් නොව්නි යැයි සිතමි.

‍කො‍හොම හරි දැන් හොස්‍ටිං ආයතන රාශියක් බිහිව ඇත. දැන් ‍බොහෝ ආයතන වලින් අන්ලිමිටඩ් ට්‍රැෆික් සහ අන්ලිමිටඩ් ඩිස්ක් ස්පේස් ලබා දෙති. ඒකත් හොද දෙයක්. මොකද ඉස්සර බොහෝම ‍පොඩි ඉඩක් ලොකු ගානකට විකුනුවේ. ඉතින් දැන් ඒ ලබා දෙන පහසුකම් ‍ගොඩක් හොදයි. සමහර ‍වෙලාවට මේ අන්ලිමිටඩ් ලැබෙන්නේ බොහොම නීති ඇතිව. ෆයිල් ‍ෂෙයාරිං සයිට් කරන්න බැ‍. සමාජික‍යෝ 25,000කට වැඩිය තියන ෆෝරම් කරන්න බැ. ඕව‍ගේ විවිධාකාර නීති එක්කලා තමා මේ හොස්ටිං ‍දෙන්නේ. හැබැයි ඒවා මුලදි කියන්නේ නැ ලංකා‍වේ කට්ටිය නං.  කොහොම වුනත් ලංකා‍වෙ හොස්ටිං ආයතනයකිං ඩො‍මේන් එකක් ගන්න කලින් දෙපාරක් හිතන්න. ගන්න ඕනේම නම් ඩොමේන් ට්‍රාන්ස්ෆර් තියන ආයතනයකින්ම ගන්න. මොකද ‍කොච්චර හිතුවත් අදහස ‍වෙනස් කරන්නේ නැ කියලා එයාලා කල් යද්දි ගනන් ‍වෙනස් කලොත් ‍ඩොමේන් වෙන සර්වර් වලට ‍ගෙනියන්න දෙන්‍නේ නැති වෙන්න පුලුවන්. ඒතකොට ඩොමේන් එක නැති කරගන්න වෙන එක වලක්වගන්න පුලුවන් ඩොමේන් එක GoDaddy එකෙන් ව‍ගේ අරන් තිබ්බොත්.

මට දැන් ටිකකට කලින් මේ ලින්ක් එක හමිබුනේ http://www.tnavi.lk/ ගිහින් බලන්නකෝ. පුදුම හි‍තෙයි. ලංකාවේ ට්‍රැෆික් සැටලයිට් සම්බන්ධ කරගෙන ලබා දෙන සේවාවක්. ලංකාව අපි හිතනවට වඩා ඉක්මට දියුනු ‍වෙන්න යනවා කියලා හි‍තෙනවා. ( දියුනුව කියන්නේ ඉතිං ඊනියා දියුනුව තමා. භෞතික දියුනුවම තමා. දියුනුව කිව්වට හැමෝම දියුණුව කියන හන්දා මමත් කිව්වේ. )

Image Credit – blogfornoob.com

How to get free computer e-Books

Are you fed up with torrents??? If you neeed to download computer e-Books visit www.flazx.us. This is not a torrent site. And you can download so many books from this site.

First visit to the site and click on a category that you want to learn. Then you will see a section called Grab this book. Get any link you like and after that you will have link.

Download books and learn. Share with your friends. Knowledge should be shared as much as possible!!!

*Not a Torrent Site
*No Need to Sign-Up

රු.15,000 කට අඩුවෙන් Windows 7 Tablet එකක්!

හික්ස්. 15,000කට අඩුවෙන් ඇන්ඩ්‍රොයිඩ් තියන ෆෝන් එකක් වත් හරියට ගන්න බෑනේ. ඉතින් මේ චීන සිසුවෙක් $125කට Windows 7 Run වෙන Tablet එකක් හදලා තියනවා. ඉතින් එයා ඒක හදලා තියෙන්නේ නම් ගැනු ලමයට තැග්ගකට දෙන්න.

$78කට පරණ ලැප්ටොප් එකක් අරගෙන. ටච් ස්ක්‍රීන් එකයි බැටරියයි ඔන්ලයින් ‍ගෙන්න‍ගෙන තමා මේක හදලා තියෙන්නේ‍. මේකේ වින්ඩෝස් 7 රන් වුනාට මොකද ඉතින් වෝල්පේපර් එක දාලා තියෙන්නේ ඇපල් ලෝගෝ එක.

මම ‍මේක ලිව්වා වගේ නෙමේ ලංකාවේ ගැනු ලමයි එ‍හෙම පිරිමි ලමයින් ගෙන් Tablet ඉල්ලනවා එහෙම නෙවෙයි. ඇත්තටම ලස්සනට හදලා තියනවා. කොල්ලොන්ට ඔ‍හොම ‍දෙයක් පුලුවන් වුනාට ‍කෙල්ලොන්ට පුලුවන්ද අඩුම තරමේ කඩේක තියන වැදගත් දෙයක් කොල්ලෙක්ට අරන්‍ දෙන්න.

Image Credit – www.winrumors.com