VirtualBox සරණයි

මම අයිපොඩ් එක ගෙනල්ලා දාන්න හැදුවට හරි ගියේම නැ. වර්චුවල් පිසි දාලා වින්ඩෝස් 8 දාන්න හැදුවා ඒත් බැරි වුනා. අයිපොඩ් එක NTFS වලට වැඩ කරන්නේ නැ හෙන අවුල් වුනා. ඊට පස්සේ අයිටියුන්ස් දාලා Restore කලා. ඒකටත් සැහෙන වෙලාවක් ගියා.

දැන් ඉතින් කරගන්න දෙයක් නැ. අන්තිමේදි සර්ච් කරලාම බැලුවා. ඊට පස්සේ හම්බුනා VirtualBox එකේ 32bit හොස්ටින් OS එකක 64bit OS install කරන්න දෙනවා කියලා. මාර සතුටුයි. ඉතින් විජහට ඩව්න්ලෝඩ් කරලා. ඉන්ස්ටෝල් කරලා. බැලුවා. ඇත්තටම Developer Preview එකට වඩා ගොඩක් වෙනස් වෙයි RTM එක. ඒත් මේ මෙට්රෝ ස්ටයිල් එක නරකම නැ.

මම මුලින්ම මෙට්රෝ ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරේ ටිවිටර් වලට. ඇත්තටම සිත්ගන්නා සුලුයි. ඒකේ නම MetroTweet මට මතක හැ‍ටියට. හැබැයි ඒක .NET Framework එකේ වැඩ කරන්නේ.

වින්ඩෝස් එක්ස්‍ප්ලොරර්, පේන්ට් ඔක්කොගෙම තියෙන්නේ රිබන්. ඇත්තටම මම දැන් බ්ලොග් ලියන්න පාවිච්චි කරන Live Writer එක වගේ. ඇත්තටම මම වර්චුවල් බොක්ස් එකක රන් කලත් දැනෙන වෙනසක් තියනවා. ‍වේගය ගොඩක් හොද වෙයි.

වැදගත්ම දේ තමා Hardware Requirements එකක් වත් වැඩිවෙලා නැති එක. 1GHz ප්‍රොසෙසරයක් 1GB හරි 2GB හරි රැම් එකක් හොදටම ඇති. 64bit නම් තමා 2GB රැම් එකක් ඕනේ. කොහොම වුනත් මම දැනට පාව්ච්චි කරලා තියන හොදම වින්ඩෝස් Version එක.

අපේ යුසර් එකව්න්ට් එක අපේ ලයිව් අයිඩි එකත් එකක් සම්බන්ධ කරන්න පුලුවන්.

මේ පින්තුරේ පෙන්න විදිහ තමා ඔන්වෙනකොටම. මගේ හිත ඒකට ඇදිලා ගියා. මම නොයිවසිල්ලෙන් හිටියේ වින්ඩෝස් 8 පාවිච්චි කරන්න. දැන් ඒකත් හරි.

windows-8-developer-preview

තව විස්තර තව ටිකක් පාවිච්චි කරලා ලියන්නම්.

Advertisements

Windows 8 Developer Preview එක බාගන්න

මම අද උදේ ෆේස්බුක් එකේ ඩිවලොපර් හෙල්ප් එකට යනකොට දැක්කා වෙලින්ටන් අයියා පෝස්ට් එකක් දාලා තියනවා Wait for CTP 1.0 කියලා. ඉතින් මම කල්පනා කලා ඉලගට එන්න තියන Community Technical Preview එක මොකද්ද කියලා. මම Older Posts බලනකොට දැක්කා Windows 8 Developer Preview එක Release කරලා.

එතන ඇත්තටම ඩව්න්ලෝඩ් 3ක් තියනවා. පලවෙනි එක Windows 8 Developer Preview with Developer Tools ඒක 64-bit විතරයි. ඒක ගිගාබයිට් 4.8ක් වෙනවා. එකේ තියනවා

  • 64 – bit Windows Developer Preview
  • Windows SDK for Metro style apps
  • මේකේ තියන මට නම් වැදගත්ම දේ තමා Microsoft Visual Studio 11 Express for Windows Developer Preview
  • Expression Blend 5 තියනවා
  • මෙට්රෝ ස්ටල් එකේ ඇප්ලිකේෂන් 28 ක් තියනවා.

තාම www.microsoft.com/express ඒකේ වත් Visual Studio 11 ගැන කිසිම දෙයක් දාලා නැ. හැබැයි MSDN සයිට් එකේ තියනවා ඒ ගැන වෙනමම Section එකක්. කොහොම වුනත් මට දකින්න ලැබුනු ස්ක්‍රින්ෂොට්ස් වල හැටිය‍ට Visual Studio 11 Metro Style ඩිවලොප් කරන්න වැඩි සහයෝගයක් දක්වනවා වගේ පෙනුනේ. ඒවගේම මේක .NET Framework 4.5 තමා පාවිච්චි කරන්නේ මම දැන්ට ඩව්න්ලෝඩ් කරම්න් ඉන්නේ. ඩව්න්ලෝඩ් කරපු ගමන් මගේ එක්ස්පිරියන්ස් එක කියන්නම්.

වින්ඩෝස් 8 වලට ඕනේ වින්ඩෝස් 7 වල Hardware Requirements මයි. ඒවගේම තත්පර 8 කින් වින්ඩෝස් 8 බූට් වෙනවලු.

http://msdn.microsoft.com/en-us/windows/apps/br229516

ගුගල් සහ මොබිටෙල්

ගුගල් එකෙන් එස්එම්එස් 50ක් නොමිලේ දෙනවා මම දැන් කිහිප දවසකට උඩදි දැක්කා. ඉතින් මම අද රේන්බොපේජස් එක පැත්තේ යනකොට දැක්කා‍ මොබිටෙල් ඇඩ් එකක් මැද්දේ ජිමෙල් ලොගෝ එකක් තියනවා. දැන් මොබිටෙල් එකට ගුගල් එකෙන් දෙන මැසේජ් නොමිලේ යවන්න පුලුවන්ලු.

කොහොම හරි දැන් මොබිටෙල් එක ෆේස්බුක් එකයි ගුගල් එකයි ටිව්ටර් එකයි එක්ක වැඩ කරනවා නියමෙට. ඇත්තටම තව ටික කාලෙකින් අනික් හැම නෙටිවර්ක් එකක්ම ඔය පහසුකම දෙයි. හැබැයි තාම ලයිව් එකව්න්ට් එක එකකවත් වැඩ නැ තාම. මට මතකයි මගේ යාලුවෙක් හිටියා ස්විට්සර්ලන්තේ එයාට එස්එම්එස් යවන්න පුලුවන් MSN මැසෙන්ජර් එකෙන්. ඒ මැසේජ් එකකට සල්ලි කැපෙන්නේ ග්‍රාහකයාගෙන්.

http://www.mobitel.lk/networking-ml

ජිවිතේ ඔහේ යනවා

මම මේ දවස් වල එක එක දේවල් ගැන හොයනවා. කියවනවා. ඉගෙනගන්නවා. ඇත්තටම උසස් පෙල කරනකොට මහන්සි වුනාට වඩා මම නොදැනුවත් වම වෙනදේවල් ‍ඉගෙන ගන්න මහන්සි වෙනවා. ඊබුක් ගන්නවා. එක විකාරයක් වෙලා තියෙන්නේ.

හෙනට ඩව්න්ලෝඩ් කරනවා.ඒ අස්සේ ෆිල්ම් බලනවා. උපෙ කරද්දි මග ඇරුනු ෆිල්ම් බානවා. ඩිවලොපින් ප්‍රොජෙක්ට් දෙකක් කරනවා. දැන් මට බ්ලොග් ලියන්නවත් වෙලාවක් නැ. අනේ මන්දා. මම හොදට ලියනවා කියලා හිතාගෙන හිටියේ ඒත් දැන් ඉස්සර තරම් වත් ලියවෙන්නේ නැනේ.

ඔක්කෝම සැලසුම් කරගන්න ඕනේ.

අම්මද? කෙල්ලද?

ආදරය ඉදිරියේ වයසත් සමග ඇතිවෙන ආවේගයන් එක්ක දෙමාව්පියන් පවාදීම ගොඩක් දෙනා අතින් වෙනවා. ඒත් ඒ නොදැනුවත් කමටත් ආදරයෙන් ලැබෙන නුපුරුදු වින්දනයත් නිසාවෙනි. නමුත් ඒ ආදරයේ බැරැරුම් පැතිකඩ පිලිබද නොදැනුවත් කමින්ද විය හැකිය. මගේ සමීපතමයෙක් දිනක් “උබ දන්න ආදරයක් නෑ” කිව්වා. ඇත්තටම එය එසේ විය හැකියි. මම දන්න ආදරයක් නැති විය හැකියි.

සමහර විට ඔහු පවසන ආදරය මට හැගෙන ආදරයෙන් වෙනස් වෙන්න ඇති. මට නම් ආදරය කියන්නේ කරුණාවන්ත කමක් කියන එක තමයි. ඒ කරුණාවන්ත කම දෙමව්පියන්ට, ගුරුවරයන්ට, මිතුරන්ට ආදි වශයෙන් විවිධ ප්‍රමානවලින් විවිධ ආකාරයෙන් අපි ලබාදෙනවා. ඇත්තටම ඕක ඉහවහ ගිහින් තමයි අපි ආදරේ කියලා ස්කෝලේදි පන්තියෙදි එක්කෙනෙක් විශේෂ කරගෙන කරන්නේ. මම හිතන විදිහට. ඇත්තටම එතෙන්දි ටිකක් ආත්මාර්ථකාමි බව ඉදිරියට ‍එනවා. අපිට ඒකට කරන්න දෙයක් නෑ.

ඒවුනත් අපිට ඉපදුන දවසේ ඉදලා ආද‍රයෙන් බලාගත්ත දෙමාපියන් පාවා දෙන එකනං වැරදි වැඩක්. මම මෙතෙන්දි පාවා දෙනවා කිව්වේ එයාලාගේ බලාපොරොත්තු පාවා දීම. ඇත්තටම ඒකනං නරකම වැඩක්. ඒවුනාට ඒක ආදරේ කරන කාටවත් තේරෙන්නේ නැ. ඒක්කෝ තේරෙනකොට කල් ගිහින්.

ම‍ගේ හිත ඔබ දන්නවනම්

361330-alone

සමා අයැදුමට
සුදුසු නැත මම
පහදා දීමටද නොහැකිය
දිනයක ඔබ දැන ගනු ඇත
කෙදිනක හො ඔබ දැන නොගනු ඇත

කුමක් කලත්
කෙසේ පැවසුවත්
වටහා නොගත් ඔබ
පවරයි දොස් වෛවාරණ

ඔබ මා කව්රුන්දැයි
දන්නවනම්
ඔබ මගේ හිත
දන්නවනම්

දේදුනු ධනංජය

පොදු පරික්ෂණය සාධාරණද?

අපිත් ඔන්න පොදු පරික්ෂණය ලිව්වනේ. මම එදාම තමා ඒවගේ පේපරයක් දැක්කේ. ඇත්තටම ලේසි බව නම් ඇත්ත. ඒ වුනාට එකෙන් තර්කන හැකියාවයි විවධාකාර ගණිත ගැටලු විසදීමේ හැකියාවයි ටිකක් වැඩිපුර බලනවා. තර්කන හැකියාව පරික්ෂා කලාට කමක් නෑ. ඒක බුද්ධියට සෘජුවම සම්බන්ධ හන්දා.

Exam

ඒත් ගණිත ගැටලු 100% සාධාරණ නැ. සමහරු පුලුවන් තරම් ගණිතයෙන් බේරිලා යන්න හදනවා. ඒවුනාට හැමදාම ගණිතයෙන් ගැලවිලා ඉන්න බෑ. කවදාහරි ගණිතය අධ්‍යාපනයේදි හිර කරනවා. ඒවුනත් ගණිතය කරන අයට ඉතා පහසුවෙන් විසදන්න පුලුවන් මේ ගැටලු.

අපි හැමෝම දන්නවා භෞතික විද්‍යා ප්‍රශ්න පත්තරයට සමතුලිතතාවය ගනන් සරල අනුවර්ති ගනන් දරුනුවට දෙන්නේ නැත්තේ සංයුක්ත ගණිතය කරන අයට තියන වාසිය වැඩි හන්දා. ඒත් මෙතෙන්දි බැලුවොත් ගණිතය කරන අයට හොද වාසියක් ලැබෙනවා.

ඒවුනාට මේක ෆේල් වෙන්නේ නැ කව්රුත් ගණිතය ඉගෙන ගත්තේ නැ කියලා. මොකද අපි දන්න සමාන්‍යපෙල ගණිතය ප්‍රමානවත් මම හිතන්නේ.

(මේක ලිව්වේ Deeps අක්කගේ අදහස් වලින් ‍මගේ මොලේට වැටුන දේවල් වලින්. විභාගේ හන්දා වයර් ගැලවිලා වුනාට Winking smile)