IE9 9 වුනාට නරකම නෑ

මම IE9 ඇවිත් ගොඩක් කල් වුනත් ඔටෝමැටික් අප්ඩේට්ස් ඕෆ් කරලා තිබුන හන්දා. ඒත් ADSL අන්ලිමිටඩ් හන්දා ඔහේ ඔන් කරලා දැම්මා. දැන් ඉතින් තොර තෝංචියක් නැතිව අප්ඩේට්ස් එනවා. ගිගාබයිට් 5ක 6ක විතර අප්ඩේට්ස්ම දාන්න ඇති.

ඉතින් අද තමා IE9 ඉන්ස්ටෝල් කලේ හරියටම. මම බලන්නත් එක්ක පොඩි වටයක් දැම්මා. ඉස්සරට වඩා රෙන්ඩරිං වේගය ටිකක් වැඩි වගේ දැනුනා.ස්ක්‍රෝල් කරන කොටත් ටිකක් අමුතු විදිහට දැනේනෙවා. ටිකක් ෆන් පාවිච්චි කරද්දි.

ඒවුනාට සිංහල යුනිකොඩ් හරියට වැඩ කරන්නේ නැ. එකෙන් මට ඒක එපාම වුනා. මිනිත්තු 5-10ක් පාවිච්චි කරන කොටම ලොකු අවුලක් ඇතිවුනේ. සිංහල යුනිකොඩ් රේනඩරිං හොදට වෙනවා. ඒවුනාට හොදට ටයිප් වෙනනේ නැ.

සර්ච් කරන්න තව වෙබ් සයිට් එකක් ඕනේ නං ඇඩ් ඕන් එකක් විදිහට එකතු කරගන්න ඕනේ. මම ඉතින් ගුගල් එක එකතු කරගත්තේ ටිකක් දිගට පාවිච්චි කරන්න. ඉස්සර වගේ පේජ් ලොඩ් වෙන්න ගොඩක් වෙලා යන්නෙත් නැ. හැබැයි පාස්වඩ් සේව් කරන්න අහන මැසේජ් එක පෙන්නන්නේ යටින් ඒක ටිකක් හිත ඇදිලා ගියා. කරදරයක් නැනේ යටින් පෙන්නුවාම.

IE9 on dedunumax

Advertisements

එපා වෙනවා…

බ්ලොග් එක ඇවාස්ට් එකෙනුයි ගුගල් එකෙනුයි දෙකෙන්ම මගේ බ්ලොග් එක බ්ලොක් කරනවා කියලා චමෝදුයි, ඉද්දයි, සදරුවනුයි, ඉෂාරයි කිව්වා. ඇත්තටම මම හිතුවා එයාලට විතරයි කියලා. ඒවුනාට ගොඩක් අයට එහෙමයි මට පේන විදිහට.

මම ඉන්ස්ටෝල් කරපු ප්ලග්ඉන් එකක් හරි මොකේක හරි අවුලක් වගෙයි මට පේන්නේ. මම ඉතින් තීම් ප්ලග්ඉන් ‍ඔක්කෝම අයින් කරලා ආපහු බ්ලොග් එක ඉන්ස්ටෝල් කලා. කොහොමත් දැනටත් මට වයිරස් ඇලට් එක අයන් කරලද කියලා දැන ගන්න විදිහක් නෑ තාම.

මට වර්ඩ්ප්‍රෙස් වද දීපු පලවෙනි වතාව. ඇත්තටම මේක වර්ඩ්ප්‍රෙස් එකේ අවුලක් නෙමේයි. ඒත් ඒක හැදුවද කියලා මම තාම දන්නෙත් නෑ.

මට මේක අහපු වෙලාවෙම හිතුනා බ්ලොගර් එකට ඉම්පෝට් කරලා දාන්න ඒවුනාට ඒකේ පොඩි වෙනසක් තියනවා. මම කැමති හැමදේම වගේ වර්ඩ්ප්‍රෙස් වල තියනවා. ඒක හන්දා මට වර්ඩ්ප්‍රෙස් අත අරින්නත් දුකයි.