ගුගල් අක්ෂර පරිවර්තන සහය දැන් සිංහලෙන්!

මම ටිවිටර් එකේ ඉන්න කොට එක දවසක් දැක්කා යාලුවෙක් ටිවිට් කරලා තියනවා ගුගල් ට්‍රාන්ස්ලේෂන් සිංහලෙන් තියනවා කියලා. ඇත්තටම මම ගොඩක් සතුටු වුනා. මම මොබයිල් ඉන්ටනෙට් හින්දා මම ඒවෙලාවේ ගියේ නෑ. පස්සේ මම ගුගල් සර්ච් කලා ගුගල් ට්‍රාන්ස්ලේට් සිංහල කියලා. අනේ ඒවුනාට මගේ සතුට දෙපිටින් ගිහින් ආවේ ගුගල් ට්‍රාන්ස්ලිටරේෂන් සිංහල. මගේ වෝල් එකේ මේක දාලා මතක් කරපු හසිත මෙත්මාල්ට ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනේ.

transliteration-google-dedunumax

ඇත්තටම ‍දැන් එන හැම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකමත් අනෙක් ප්‍රධාන මෙහෙයුම් පද්ධති සමගත් සිංහල යුනිකෝඩ් සහය තියනවා. ඇත්තටම නොකියා 1208 ‍මොඩල් එකේ සිංහල ෆෝන් එකේත් සැම්සුන් ගුරු ෆෝන් වලත් මම සිංහල දැකලා තියනවා. ඇත්තටම ඒවා එච්චර මිල අධික දුරකථනත් නෙමේ. අපි හැමෝම දන්නවා 1208 කෝල් ගන්නයි ඒස්එම්එස් යවන්නයි විතරයි පුලුවන්. ඒ තියෙද්දිත් තියෙන්‍නේ සිංහල යුනිකෝඩ්. කොච්චර දෙයක්ද අපිට අපේ භාෂාව තාක්ෂණය එක්ක පාවිච්චි කරන්න ලැබෙනවා. ඒවගේම නොකියා ඒක්ස්ප්‍රස් මියුසික් ෆෝන් වලත් සිංහල තියනවා. ඇත්තටම හොදට යුනිකෝඩ් වැඩ කරනවා. ඒක ගොඩක් ලොකු දෙයක්.

230158812176660_Samsung-Guru-E2370nokia-1208අපිටම කියලා ජංගම දුරකතන නිර්මාණය කරන්න ඇත්තටම ප්‍රධාන දුරකතන සමාගම් යොමු වෙලා තියනවා.

ඒවගේ වෙලාවක ගුගල් සමාගමත් සිංහල ගැන අවධානයක් යොමු කරලා තියනවා. මෙම සේවාව මගින් අපිට ඉංග්‍රිසියෙන් ටයිප් කරලා සිංහල යුනිකේත බවට හරව ගන්න පුලුවන්. උදාහරණයකට api කියලා ‍ටයිප් කරපුවාම අපි කියලා වදිනවා. හරියට සිංග්ලිෂ් මෘදුකාංගය වගේමයි හැබැයි වාසිය යුනිකේත බවට පත්වීමයි.  ඇත්තටම මේක සිංහල වලට විතරක් නෙමේ හින්දි,බෙන්ගාලි… ආදි ගොඩක් භාෂාවලට සහය දක්වනවා.  මෙය භාෂා 22කට සහය දක්වනවා. මේක ඇත්තටම ගුගල් ලැබ් එකෙන් බීටා තත්වයේ පවත්වගෙන යන සේවාවක්. කොහොමත් ඉදිරයට කරගෙන යයි කියලා බලාපොරොත්තුවෙන්න පුලුවන්.

ඒවගේම තමුන්ගේ පරිගණකයට ස්ථාපනය කරන්න IME (Input Method Editor) එකකුත් ලබා දෙනවා. ඒ මගින් ‍ඔෆ්ලයින් මෙම සේවාව පාවච්චි කරන්න පුලුවන්. තවත් ගොඩක් වාසි මෙම මෘදුකාංගය පාවිච්චි කරලා ලබා ගන්න පුලුවන්. අපිට මේ සේවාව ඇත්තටම වැදගත් වෙන්නේ සිංහල යුනිකේත මගින් ටයිප් කරන්න බැරි පරිගනකයක් භාවතයේදියි. වින්ඩෝස් විස්ටා වල වුනත් පැච් ස්ථාපනය කරලා නැත්නම් සිංහල ටයිප් වෙනනේ නැ හොදින් රෙන්ඩ(ර්) කරලා පෙන්නුවත්. ඒවගේ වෙලාවකදි ඇත්තටම වැදගත් මෙම සේවාව.

තවද මේ සේවාව ගුගල් බ්ලොගර්, ඔර්කුට් ජිමේල්, නොල් ආදි අඩවි වලටත් ලබා දීලා තියෙනවා.

සබැදුම – http://www.google.com/transliterate/Sinhalese

මොකටද මේ?

අපි හැමෝම ඉගෙන ගන්නවා. ඉපදුන දවසේ ඉදන් එක එක දේවල් කරනවා. සල්ලි හම්බ කරනවා. තරග කරනවා. අම්මලා තාත්තලා හැමෝටම ඕනේ තමුන්ගේ ලමයා දක්ෂයෙක් වෙනවා දකින්න. අනෙක් අය පරයා යනවා දකින්න. ඇත්තටම අපි තරගයක වැටිලා. කොල්ලෝ කෙල්ලෝ හින්දා තරග කරනවා, ගහගන්නවා. ඉවරයක් නෑ. කෙල්ලෝ කැපිලා පේන්න බියුටි කචල් කරනවා.

හැමෝම බොරුවට දගලනවා කියලා මට වෙලාවකට හි‍තෙනවා. ඒවුනාට මටත් නොදැනිම වෙලාවකට මාත් රේස් දුවනවා. පොරවෙන්න හදනවා, පලවෙනියා වෙන්න හදනවා. අපිව මුලා කරලා අපෙන් අයුතු ප්‍රයෝජන ගන්නවද මන්දා කියලා වෙලාවකට හිතෙනවා. ඒත් ඒක ඉක්මනට අමතක වෙනවා.

ඇයි මම මස් කන්නේ කියලා හිතෙනවා. කන්නේ නැතුව ඉන්න හි‍තෙනවා. ආයේමත් යාලුවො කනකොට මාත් කනවා. මට මොනාවෙලාද කියලා මට නම් තෙරෙන්නේ නැ. ඒත් මම හිතන්නේ මම වගේම අනික් අයටත් මේක තේරෙනවා ඇති. ඒත් ගනන් ගන්නේ නැතිව ඇත්ද පාලනය කරගන්නේ නැද්ද කියලා හිතෙනවා.

අපේ අවශ්‍යතා වලට මුලු පරිසරයම පාවිච්චි කරනවා. ඒවාට හැම දේටම අපි සෘජුව හෝ වක්‍රාකාරව හරි සහභාගි වෙනවා. ඇත්තටම ඒක බොහොම නරක දෙයක්. ඒක ගැන කතා කරනවනම් ගොඩක් දිගට ලොකුවට කතා කරන්න ඕනේ කියලා හිතෙනවා.

අපිට සරල ජිවිතයක් ගත කලාම මොකද වෙන්නේ කියලා ඇහුවාම කියන්න උත්තර නැති වෙන්න පුලුවන්. ඇත්තටම අපි හැමදේම පාවිච්චි කරලා මැරුණත් මොකද කියලා ඇහුවොත් ඒ ආත්මාර්ථකාමි හිතට මගේ ගාව උත්තරයක් නෑ. ඒවුනත් අපි අපිවගේ ගොඩක් අයගේ ජිවිත එක්ක සෙල්ලමක් කරන්‍නේ. ඒක හොද වැඩක් නෙමේ…

ගුගල් ගොග්ල්ස්

මම එක දවසක් වැරදිලා ගුගල් කියන එකට ගොගල් කියලා වැදුනා. එතකොට ආවා අමුතු ඇප්ලිකේෂන් එකක්. ඒක තමා ගුගල් ගොග්ල්ස්. මම දන්නේ නෑ මේ ගැන බ්ලොග් ලියලා තියනවද ටිවි එකේ පෙන්නලා තියනවද කියලා. ඒත් මම හිතනවා එහෙම නැතුව ඇති කියලා.

ඇත්තටම එත් තරා ආකාරයට ඔප්ටිකල් ස්කැනිං ඇන්ඩ් රෙකග්නයිසිං ඇප්ලිකේෂන් එකක්. ඇත්තටම නියමයි.

hero

  • පොතක තියන කොටසක් ස්කෑන් කරලා එකේ තියන ටික අපිට ඉංග්‍රිසියට හරි ගුගල් ට්‍රාන්ලේටර් වල තියන භාෂාකට හරවා ගන්න ඉඩ මේ වැඩ සටහනෙන් සලසලා දෙනවා.
  • ප්‍රසිද්ධ ලැන්ඩ්මාර්ක් පාලම් ගොඩනැගිලි වල පින්තුර මේ ඇප්ලිකේෂන් එකෙන් අදුර ගන්නවා.
  • පොත්වල පිටකවර අදුර ගන්නවා. මම හිතන්නේ ගුගල් බුක් සර්ච් සමග සම්බන්ධ‍ වෙනවා.
  • විසිටිං කාඩ් අදුර ගන්නවා. ඒවායේ තියන ටෙලිපෝන් නම්බර් වලට කෝල් ගන්න ඊමේල් යවන්න පහසුකම ලබා දෙනවා.
  • ප්‍රසිද්ධ චිත්‍ර අදුරගෙන ඒවායේ විස්තර හොයලා දෙනවා.
  • ඒවගේම වයින් වර්ග ලොගෝ අදුර ගන්නවා.

ඇත්තටම ලෝකේ අපිත් එකක් යනවා වගේ තේරෙයි මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරනකොට. අවාසනාවට මට පාවිච්චි කරන්න පින නෑ අයිපෝන් එකටයි ඇන්ඩ්‍රොයිඩ් වලටයි විතරයි මේක තියෙන්‍නේ. පල්ලෙහා ලින්ක් එක දාලා තියෙනවා. ගිහින්ම බලන්න.

http://www.google.com/mobile/goggles/

පුදුමාකාර දවස්ටික

මේ දවස් වල හැමදාම වැඩ. ගොඩක් වැඩ කරනවා රෙස්ට් කරනවා. ඒ අතරේ දවස් ගානකින් බ්ලොග් එකක්වත් ලිව්වේ නෑ. ඉතින් දැන් මම මේ මගේ මේ දවස්ටික ගත වුනු හැටි ලියන්න යන්නේ. ඇත්තටම කාර්ය බහුල වුනත් හැම දවසකම මොනවා හරි ජොලි වැඩක් කරනවා. විභාගේට ලංවුනත් හිතේ බය තිබුනත් අපි තාම ජොලියෙන් ඉන්නවා. කව්රු හරි ඇහුවම බොරුවට බයයි කියනවා. ඇත්තටම විභාගෙට බය නෑ. අනාග‍තේට තමා බය. ඒවුනත් යමක් කමක් කරගන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.blue-bird

ඒ අස්සේ මගේ පරණ ටිවිටර් එකවුන්ට් එකේ මලකඩ කඩලා ගත්තා. ඒක ඇත්තටම ඇබ්බැහි වන සුලු දෙයක්. ඒවුනාට විනෝදයෙන් ගත කරන්න නම් මරු වැඩේ. ටිවිටර් වලින් මුලු ජිවිතේම ගත කරන අය ඉන්න අතරේ මම තාම අත දරුවෙක්. හැබැයි ඉතින් ටිවිටර් එකේ යාලුවො ඉන්න ‍ඕනේ ‍‍ජොලියක් තියෙන්න. මාත් එක්ක ෆිට් ටික දෙනෙක් ඉන්නවා. මරු සෙට් එක ඇත්තටම ජොලි. ඒ අයවත් මතක් නොකර බැ. එයාලා තමා @bkrishantha @AnjulaMalshan @wapnishantha @thameera @hasithakj. ඇත්තටම මේයාලට අමතරව තව අය ඉන්නවා. ඔක්කෝම සිරා.

අද වත්තල ගිහින් ඇදුම් අරගෙන ආර්පිකෝ එකේ වටයක් ගහලා මොලේ කරවෙලා ඉන්නේ. හොදයි එහෙනම් ආයි කාලේකින් බ්ලොග් ලියන්න ඕනේ.

ලංකාවේ ඇපල්

මම කොච්චර චිත්‍රපටි බැලුවත් මම දැකලා නැ ඇපල් කම්පුටර්, hp, ඩෙල් ඇරෙන්න වෙන ජාති‍යක් තියනවා. ඇත්තටම ඩෙල්, hp දකින්න නැති තරම්.

ඇපල් පරිඝනක තමා චිත්‍රපටියක වීරයා හරි හැකර් හරි දුෂ්ටයා හරි පාවිච්චි කරනවා පෙන්වන්නේ. නුවර සිටි සෙන්ටර් එකේ ඇපල් ස්ටෝ එකක් තියනවලු. මම ගිහින් නෑ හැබැයි මට එහෙ ගිය ඥාතියෙක් කිව්වා. ඒවගේම අපේ ලංකාවේ කලා කෘති වලටත් දැන් ව්‍යාපාර බැහැලනේ තියෙන්නේ.

greenmyapple_logo

ෆිල්ම් වලට කාර් වලට අවුඩි, බිඑම්ඩබ්ලිව් තිබ්බට ඇත්තටම හරියට බැලුවොත් කම්පුටර් තියෙන්නේ ඇපල් කම්පුටර් විතරමයි. ඒ අස්සේ මම දැක්කා ස්වර්ණවාහිනියේ අනර්කලී ඉන්න වැඩ සටහනක ඇපල් ලැප් එකක් තියනවා. ඊ‍ට දවසක් වත් යන්න හම්බුනේ නෑ එටිසලාට් ඇඩ් එකේ අන්තිමට පෙන්නුවේ ඇපල් ලැප් එකක්. ලංකාවට ඇපල් රස්නේ ටිකක් ගහන පාටයි වැඩිපුර. ඇත්තටම ඇපල් පරිඝනක වල නිමාව ඉහලයි කියලා මම හිතනවා. මොකද මම දැකලා අතපත ගාලා තියන ඒවා වල මිස මට ඇපල් එකක් නෑ.

ලංකාවේ කලාව ගැනත් මතක් වෙච්ච වෙලාවේ ලියලා දානවා. මුලින් ම මට මතක හැටියට ඉරාජ් ගේ හරි කාගේ හරි සින්දුවක ක්‍රීම් සෝඩායි, රේන්කෝ කුඩයි තිබ්බා. එතනින් නැවතුනේ නෑ දිගටම එන විශුවල් වල එක දේවල් පෙන්නුවා. වයිල්ඩ් එලපන්ට් හිට පෙන්නුවා. දැන් සින්දු වලට විඩියෝත් ඇඩ් වගේමයි. දැන් එන නාට්‍ය වල නම් දාද්දිද් එයාලගේ වෙලද ලකුණු පෙන්වනවා. ඒවගේම නාට්‍ය පටන්ගනිද්දි තේමා ගීතයට පස්‍සේ යන්නේ ඒ අදාල ආයතනයේ තේමා හඩ. නාට්‍ය ඉවර වෙද්දි දාන්නේත් හච් සමග හරි ඩයලොග් සමග හරි කියලා.

ඇත්තටම නාට්‍යක් පැය භාගයක් බැලුවොත් පැය කාලක්වත් නාට්‍ය බලන්න වෙන්නේ නෑ. ඇඩ්ම තමා යන්නේ. ඒ අස්සේ නාට්‍යයේ පෙන්නන්නෙත් ඇඩි. ෆ්ලෙක්ස් එකක් තිබ්බත් ‍ඩයලොග්. කුඩයත් තිබුබොත් රේන්කෝ. බලාගෙන ගියාම නාට්‍යකුත් නෑ ඇඩ් විතරයි.

මයික්‍රෝසොෆ්ට් මැතමැටික්ස් 4.0

ඇත්තටම මම පාවිච්චි කරපු සරලම සහ හොදම ගණිත වැඩ සටහන තමා මයික්‍රෝසොෆ්ට් මැතමැටික්ස් කියන්නේ. ඒකේ භාවිතය ඇත්ත‍ටම ගොඩක් පහසුයි. අපිට තේරුම් ගන්න අමාරු දේවල් ඒ කියන්නේ පැහැදිලි කලාට තේරේන්නේ නැති දේවල් ඒ කියන්නේ භූතාර්ථ(Entities) තේරුම් ගන්න අපිට ගොඩක් ජ්‍යාමිතික රූප අවශ්‍ය වෙනවා. ඒවගේ රූප අපිට මේ මෘදුකාංගය හරහා අඩු දැනුමකින් යුතුව ප්‍රස්ථාර ගත කරගන්න පුලුවන්.

මැත්ලැබ් වගේ ඒවයිනුයි ලිනක්ස් වලට ‍එන මෘදුකාංග වලින් ඇත්තටම අමාරුයි ගණිතය සම්බන්ධ දෙයක් ඉගෙන ගන්න. ඒවා ඇත්තටම බැලුවොත් ගණිතය දන්න අයට පාවිච්චි කරන්න හදපුවා. මොකද හරියටම විධාන ඇතුලත් කලේ නැත්තම් වැරදි කියලා කියනවා. ඒවුනාට මේ මෘදුකාංගයෙන් ගණිතය ඉගෙන ගන්න පුලුවන්. මම මුලින්ම සයින් ප්‍රස්ථාරය දැක්කෙත් මේ වැඩ සටහනෙන්. එතකං මම එහෙම ප්‍රස්ථාරයක් ගැන දන්නේ නෑ.

ඒ වගේම තමා මේක ඉස්සර දුන්නේ එන්කාටා එක්ක නොමිලේ. දැන් හැබැයි මේක ඕ‍නම කෙනෙක්ට නොමිලේ. මම මේ ගැන ලිපියක් ශිරෝෂන් මල්ලිත් එවලා මම ගණිතය.org එකේ දැම්මේ නැත්තේ මේ මෘදුකාංගය නොමිලේ දෙන්නේ නැති හන්දා. හැබැයි දැන් නොමිලේ දෙන නිසා මම ගොඩක් කැමැත්තෙන් මේ ලිපිය ලියනවා.

අපිට අවශ්‍ය නම් මේ මෘදුකාංගය උපයෝගි කරගෙන ත්‍රිමාන ප්‍රස්ථාර වුනත් ඇදගන්න පුලුවන්. මේකෙන් ගැටලු විසදන්නේ ‍පියවරෙන් පියවර හන්දා අපිට පියවර දැන ගන්නත් පුලුවන්. හැබැයි ඒක අයුතු විදිහ‍ට ඉස්කෝලේ ගෙදර වැඩ කරන්න පාවිච්චි කරන්න හොද නෑ.

sd

ඇත්තටම හොද දේට හොදයි කියන්න ඕනේ. මේක නොමිලේ ලබා දෙන එකට මම මයික්‍රොසොෆ්ට් ආයතනයට ස්තුති වන්‍ත වෙනවා. මේ මෘදුකාංගයට ගොඩක් හොද හාඩ්වෙයා‍ර් අවශයත් නෑ 64MB විඩියෝ කාඩ් එකක් 512 රැම් එකක් 1GHz ප්‍රොසෙසරයක් හොදටම ඇති.
හැබැයි පොඩි කොස්සක් තියනවා, Windows Installer 3.1 යි, Microsoft .NET Framework 3.5 SP1 යි, දාලා තියෙන්නම ඕනේ. ඩොට්නෙට් ෆ්‍රේම්වර්ක් එක නම් මෙගාබයිට් 200 කට වැඩි. කැමති නම් දාගන්න.

http://www.microsoft.com/education/products/student/math/default.aspx ‍- මුල් පිටුව

ගුගල් ක්ලවුඩ් ප්‍රින්ට්

මේක මම ක්රෝම් එකේ සෙට්ංස් හදද්දී තමා මුලින්ම දැක්කේ. ඒකේ Under the Hood කියලා තියන සෙටිංස් වල අන්තිමට තියනවා ක්ලවුඩ් ප්‍රින්ටිං ගැන. මම ගිහින් බැලුවා මොනව‍ගේද කියලා මේ සර්විස් එක. හැබැයි මේක මම අත්හදා බැලුවේ නැ.

තමුන්ගේ ප්‍රින්ටර් එකෙන් වෙන තැනක ඉදලා ප්‍රින්ට් කරන්න මේ පහසුකම ඉඩ සලසා දෙනවා. කව්ද ප්‍රින්ටරයට කොල දාන්නේ කියලා මගෙන් අහන්න එපා හැබැයි. ඒ පහසුකම ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම ගුගල් ක්රෝම් තියන්න ඕනේ.

ඒවගේම අපිට අපේ ජංගම දුරකනයෙන් හරි වෙන තැනක ඉදන් හරි අපේ ප්‍රින්ටරයට අණ දෙන්න පුලවන්. ඒ මගින් අපිට ගුගල් ඩොක්ස් වල තියන අපේ ලියකිව්ලි ඉතාම පහසුවෙන් ගෙදර ප්‍රින්ට් කරවන්න පුලුවන්. ඒවගේම ඉතාම සරලයි මේ ප්‍රින්ටරයක් ක්ලවුඩ් එකට ඇඩ් කිරිම. ලංකාවේ මුල්ම ක්ලවුඩ් හොස්ට්ං එක eWeb.lk එකෙන් දෙනවා කියලා මට ඊමේල් එකකුත් ඇවිත් තිබුනා. කොහොම වුනත් දැන් ලංකාවේ කට්ටියත් ක්ලවුඩ් කම්පියු‍ටිං වලට ටික ටික එන්න යන බව නම් පේනවා.

 cloudprint

ඒවගේම ක්ලව්ඩ් කම්පියු‍ටිං වල නියම ඵල නෙලා ගන්න නම් බොහොම හොද අන්තර්ජාල පහසු කම් නම් තියෙන්න ඕනේ. ක්ලවුඩ් වලින් හැමෝම වැඩ කරන්න ගත්තොත් 20GB හාඩ් එකයි මෙහෙයුම් පද්ධතියයි වෙබ් බ්‍රව්සරයයි විතරයි හරියට බැලුවොත් ඕනේ. අවශය මෘදුකාංග ඕක්කෝම සේවාවල් වෙනවා. හාඩ් ඩිස්ක් එක වෙනුවට වෙබ් ස්පේස් එක පාවිච්චි කරනවා. ඇත්තටම පෙන් වලටත් නිවාඩු දෙන්න පුලුවන්.

එතකොට කාගෙවත් කම්පුටරය කාගෙවත් පෝන් එක කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එතකොට හැබැයි ඔය මගේ එකව්න්ට් එක කියලා කියයිද දන්නේ නෑ.(මොකද දැනටමත් එකවුන් වල පාස්වර්ඩ් සේව්වෙලා බ්‍රව්සර් වල කරන දේවල් දැක්කම)

තවත් දෙයක් කියන්න තියනවා ක්ලවුඩ් ප්‍රින්ට් ගැන. ඩිවලොපර් රිසෝසස් වලටත් හොද තැනක් දීලා තියනවා. ඒක හන්දා ඩිවලොපර්ස්ලාට පුලුවන් එයාලගේ ඇප්ලිකේෂන් වලට මේ සර්විස් එකෙන් ප්‍රයෝජන ගන්න.