මමත් ඔන්න oDesk වලට ගොඩ වුනා

මටත් ෆ්‍රී ලාංසින් වලට ආසාව තිබ්බා. හැබැයි මම ඕඩෙස්ක් වල රෙජිස්ටර් වෙලා ගොඩක් කල් හැබැයි රීඩිං ටෙස්ට් එකවත් පාස් වෙලා තිබ්බේ නෑ. මට මේක කරන්න ඔ‍නේ කියලා හිතුනේ ගීත්ගේ බ්ලොග් එ‍කේ එයාගේ ඕඩෙස්ක් රෙෆරල් එක දැකලා. මම බලපුවාම තව පෝස්ට් එකකුත් තියනවා එයාගේ බ්ලොග් එකේ ඕඩෙස්ක් ගැන. ඉතින් මම අද රීඩිං ටෙස්ට් එක පාස් කලා. හැබැයි ‍අනික් එකක්වත් තාම කලේ නෑ. ඔක්කෝම MCQ නේ කියව කියව ලියන්න ගියාම එපා වෙනවා. පස්සේ ටෙස්ට් 4ක් 5ක් කරන්න ඕනේ. කරලා වැඩේට බහින්න ඕනේ. මොනවා කරන්නත් මම දන්නේ ඉතින් ප්‍රෝග්‍රැමින් විතරයි. ග්‍රැපික්ස් වැඩ දන්නේ නෑ. දැන ගත්තත් ‍ඕවා කරන්න අදහස් රටින් ගේන්න වෙනවා.

මගේ කලාකාමී හා නිර්මාණශිලි හැකියාවල් ගැන යාලුවෝ හොදටම දන්නවා. මම ගීත්ට ස්තුතිවන්ත වෙනවා මට මේ අදහස දැම්ම‍ට. ලංකාවේ අය එකතු වෙලා හොද ‍ටීම් එකක් හදාගෙන ලොකු ප්‍රෝජෙක්ට්ස් අරන්න කරන්න සෙ‍ට් කරන්න ඕනේ. මම කිව්වේ හැම සයිඩ් ‍එකේ අයම සෙට්වෙලා පවර්පුල් ටීම් එකක් හදාගන්න ඕනේ. ගිත්ටත් කියලා බලන්න ඕ‍නේ. ගීත් කරන්නේ මට බැරිම දේ ඩිසයිනින්.

බලමු මම ඕඩෙස්ක් ගැනත් ලියන්නම් ඉස්සරහට. මට තාම ඉතින් එක ජොබ් එකක්වත් සෙට් උනේ නෑ. සෙට් උනාට පස්සේ බලමු. ඒකත් කරන්න වෙන්නේ ඒලෙවල් වලට පස්සේ තමා.

අපි ආදරේ කරන සින්දු අපේ ජිවිතේට ගැලපෙන ඒවද?

මගේ යාලුවෙක්ට පොඩි ප්‍රශ්නයක් මම කැමතිම සින්දුව ගැන. මම කැමතිම ගායකයා ගුනදාස කපුගේ. එයාගෙත් මම කැමතිම සින්දුව ඔබ පෙම් කරනා ඔබේ කුමාරි. මම ඉතින් මේ සින්දුවට කැමති ම‍ගේ ජිවිතේට මේක සම්බන්ධ හින්දද කියලා කියන එක තමා යාලුවට තියන ප්‍රශ්නේ ඒවුනාට මගේ ජිවිතේට එහෙම ගැටලුවක් නෑ.

මම හිතන්නේ අපි ආදරේ කරන සින්දු ‍අපේ ජිවිතේට ගැලපෙන්න ඕනෙත් නෑ. මොකද ගොඩක් සින්දු තියනවා අපිව සංවේදි කරන. ඒවා අපේ ජිවිතේ අපිට සිද්ධ නොවිච්ච දේවල් වෙන්න පුලුවන්. ඒවුනාට ඒවා අපේ රසවින්දනයට සුදුසුයි. අපි කව්රුත් තමුන්ගේ ජිවිතේට අදාල සින්දු වලට කැමති ඒ වුනාට හැම තිස්සේම එහෙම වෙන්න ඕනේ නෑ.

ගණිතය.org අඩවියත් ඇදලා ගත්තා

මම ටික දවසක ඉදලා හිත හිතා හිටියේ ගණිතය.org එකේ මොකුත් මට කරන්න හම්බෙන්නේ නෑ. ඒ ටික මගේ බ්ලොග් එකට දාගත්තොත් මට දිගට ලියන ගමන් ලියාගෙන යන්න පුලුවන් කියලා. මගෙ උනන්දුවක් නැති කම හින්දා තමා ඒ අඩවියේ වැඩ නතර වුනේ. මම හිතාගෙන හිටියේ මේ බ්ලොග් එකට එක ලිපියක්වත් ලියන්නේ නෑ කියලා උසස් පෙල ඉවර වෙනකම්. ඒවුනාට කම්පුටර් එක දකින කොට ඉන්න බෑ බ්ලොග් ලියන්නම හිතෙනවා.

කොහොම හරි විභාගේ කරගන්නත් ඕනේ නැත්තම් ඔක්කොම ඉවරයිනේ. ඒක හන්දා බ්ලොග් එකක් දෙකක් මගේ බ්ලොග් පෝස්ට් එකේ විතරක් දැම්මා. සමහර දවසට ganithaya.org එක පැත්තේ යන්න වත් බැරි වෙනවා. මොනවා කරන්නද? හැබැයි ඒ සයි‍ට් එකේ වේගයත් ගොඩක් අඩු වුනා කොහොම හරි මම ‍මේ සයිට් එකට ඔක්කොම බ්ලොග් පෝස්ට් ඉම්පෝට් කලා. මගේ අඩවියට ලිපි ලිව්ව කසුන් අයියට ගොඩක් ස්තුතියි. මම හිතන්නේ ඒ අයියට විභාගේ වෙන්න ඕනේ. කොහොම හරි දිගටම කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා.

මේ අඩවිය දැන්ම ඉම්පෝට් කරන්න ඕනේ කියලා හිතුවේ මල්ලි කෙනෙක් අහපු නීසා. කොහොම හරි ඒ මල්ලිටත් ස්තුතීයි. මම දිගටම ලියන්නම් ගණිතය ගැන ඉගෙන ගෙන. හැබැයි මම ඉගෙන ගත්ත දේවල්. මම හොයාගත්ත දේවල් නෙමේ.

මම හොයාගත්ත දේවල් ලියන්න තරම් දෙයක් නෑ. මගේ අඩව්යත් එක්ක රැදෙන්න!